ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 8, 2016

මේ ගෙවලයා ඵළවීමට හැකිවෙයිද...???

මුලින්ම සතොස විකුණා ආරම්භයක් ගත් කරුපයියා පසුව ජාත්‍යන්තර විනිමය වංචාවකින්ද පන්නරය ලැබූ අතර.මොහුගේ ඉතිහාසය වරායේ වාප්පු ලිපිකරු තනතුරකින් ඇරඹේ.පසුව ලලිත් ඇතුලත්මුදලිගේ පක්‍ෂයේ භාණ්ඩාගාරික වී ලලිත් ඇතුලත්මුදලි  මිය යාමෙන් පසුව එම පක්‍ෂයේ අරමුදල ගෙඩිය පිටින් මංකොල්ල කෑ මේ පට්ට හොරා ඵම මුදල් සම්භාරයෙන් පාර්ළිමේන්තු පාරේ සුවිශාල සුඛෝපභෝගි මාළිගාවක්ද තනා මුදල් වීසි කොට යූ.ඵන්.පියට සම්ප්‍රාප්ත විය.කපටි කමින් මුදල් ඉපයීමේ දක්‍ෂතාවය ඇරෙන්නට පුම්බා පෙන්වන තරම් මහා ආර්ථික විශේෂඥයෙකු නොවන බව පෙන්වා දිය යුතුමය.මුදල් ගසා කෑ හැක්කේ යම් තැනකද මේ කපටියා බැල්ම හෙළයි.
අද අප රටේ ජනතාවට හිස ඵසවීමට නොහැකි තරම් බදු ගසමින්  මූ කරනා අපරාධය සහ සමගාමීව තවත් මහා හොරෙකුද මහබැංකු අධිපති ලෙස රනිල් පත් කොට ඇත්තේ හිතුමනාපයටය.මේ පට්ට හොරු දෙදෙනාගෙන් පැරණිම කපටි හොරා වන රවීන්ඳ්‍රන්  කරුපයියා මුදල් ඇමති කමෙන් ඵළවා දැමීමට අද විශ්වාස භංගයක් ගෙන ඒමට නියමිතයි....මේ ගෙවලයා ඵළවීමට හැකිවෙයිද...???


2016 අයවැය ලේඛනය පාර්ලිමේන්තුව හා මහජනතාව නොමඟ යවා සම්මත කිරීමත්, එකී අයවැය ලේඛනය හුදු ප්‍රලාපයක්‌ බවට පත්කිරීමත් ඇතුළු චෝදනා කිහිපයක්‌ යටතේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් මුදල් ඇමැති රවීන්ඳ්‍රන්  කරුපයියාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අද (08 දා) විවාද කෙරේ.
දිනේෂ් ගුණවර්ධන ඇතුළු විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන් තිස්‌පස්‌දෙනකු විසින් රවි රවීන්ඳ්‍රන්  කරුපයියාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත මීට මාස කීපයකට පෙර භාර දෙන ලදී.

ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව අද පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා විවාද කිරීමට නියමිතය. පස්‌වරු 6.30 ට මුදල් ඇමැති
රවීන්ඳ්‍රන්  කරුපයියා කෙරෙහි විශ්වාසය ඇති බවට හෝ නැති බවට මන්ත්‍රීවරුන් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවේ.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ විපක්‍ෂයේ එජනිස මන්ත්‍රී කණ්‌ඩායම සමඟ එක්‌ව ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කර තිබිණි. එහෙත් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දහසය දෙනා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙනවාද නැද්ද යන්න අවසන් මොහොතේදී තීරණය කරන බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් ආණ්‌ඩු පක්‍ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට අද දවසේ පාර්ලිමේන්තුවට සහභාගිවීම අනිවාර්ය කර ඇති අතර විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන්ටද එම කණ්‌ඩායමේ ප්‍රධානීන් විසින් අද දවසේ පැමිණීම අනිවාර්ය කර තිබේ.

රටෙහි සමස්‌ත නිමවුම, ආදායම, සේවා නියුක්‌තිය, මිල මට්‌ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම් හා ආයෝජන වැනි සර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි බරපතළ හානිකර බලපෑම් ඇතිකොට, සමස්‌ත ආර්ථිකයම මුළුමනින්ම විනාශය කරා ගෙන යමින් හිතුවක්‌කාරි අනම්‍ය හා අත්තනෝමතික රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමද
කරුපයියා එරෙහි විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනාවකි.

ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් ආනයන උද්ධමනකාරී පීඩනයක්‌ වර්ධනය වන අතර රට සතු නිල විදේශ සංචිත ඉතා දරුණු ලෙස පහත වැටීමෙන් ආර්ථිකය පමණට වඩා රත්වී අවදානම් සහගත තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බැවින්ද, ස්‌වෛරී ණය ශ්‍රේණිගත කිරීමේදී (search රේටිං) ශ්‍රී ලංකාව බී + නිශේධාත්මක (සෘණ) තත්ත්වයකට ශ්‍රේණිගත වීමෙන් ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව අවදානම් තත්ත්වයකට රට ඇද දමා ඇති හෙයින්ද 2016 ක්‌වූ ජනවාරි 30 දින දිනමිණ මුල් පිටුවෙහි මුල් පුවතින් "ආණ්‌ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදීමත්, විදේශීය ආයෝජකයින් මෙරට බැංකුවල ඩොලර් බිලියන 1.2 ක්‌ තැන්පත් කරලා" යනුවෙන් මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශයක්‌ ලොව පුරා ප්‍රචාරය කොට ඇති නමුදු දැවැන්ත විනිමය ප්‍රවාහයක්‌ බැංකු තුළට ගලා නොආ බව මූල්‍ය හා බැංකු වෙළෙඳපොළ සඳහන් කරන බැවින්ද,

මහින්දගේ ආණ්‌ඩුව ගත් නව කෝටි ලක්‍ෂයකට වැඩි ගණනක්‌ ගිණුම්ගතවී නැති" බව මුදල් ඇමැතිවරයා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා කරන ලද බරපතළ ප්‍රකාශ මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ විධිවිධාන, දැනුවත්ව හෝ නොදැනුවත්ව කඩ කොට ඇති බැවින්ද, මුදල් ඇමැති
කරුපයියා පිළිබඳ මෙම ගරු සභාවේ විශ්වසනීය භාවය සම්පූර්ණයෙන්ම නොමැති බැවින්, තවදුරටත් මුදල් ඇමැතිවරයා විසින් එම ධුරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය භංගවී ඇති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි....." යනුවෙන් විශ්වාසභංග යෝජනාවේ දැක්‌වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.