මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාවේ පමණක් නොව ගම්වල පවා කතාබහ කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඛණිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි එහිදී පැවසුවේ මහ බැංකු අධිපතිවරයා වංචනික හා නීති විරෝධී අයුරින් කටයුතු කර ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. එසේ කිරීම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටද වැදගත් වන බව අමාත්‍යවරයා කීය.