ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 8, 2016

රටේ මේ තරම් ව්‍යසන මධ්‍යය යේ අපතයන්ට අධිසැප රිය ඉල්ලයි...!!!

මෙන්න ඒ කාළකණ්නි රැළ....!!! ජනතාවෙනි නැවත කිසිදිනක මේ පල් හොරු රැළට ඡන්දය නොදෙන්න.

ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස්‌ දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක්‌ ඉල්ලා ඊයේ (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක්‌ මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.

ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජය ඇමැති අනෝමා ගමගේට රුපියල් කෝටි හතක්‌ ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධනට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සාට (  මීගමුවේ  කුඩු ඔස්තාර් )වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌ ඉල්ලා ඇත.
නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌, විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දුට ( කුණුහරුප කාළකණනියා ) සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක ට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌, මහ නගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්නට පන්කෝටි හැට ලක්‌ෂයක්‌, සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුට පන්කෝටි හැට ලක්‌ෂයක්‌, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්දට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාරට (ඔළු සේදු අපතයා ) රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌, සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහට (  කෙසෙල් ගෙඩියාට ) වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම්ට ( රට කොටවන හම්බයා ) රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායකට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකාට රුපියල් කෝටි හතක්‌, කර්මාන්ත ඇමැති චම්පිකා ප්‍රේමදාසට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌ විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගමට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේට ( මිනී මරුවාට ) දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌ ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායකට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේනට රුපියල් හත් කෝටියක්‌, විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටියට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන්ට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, වාරි මාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායකට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති සරත් දුෂ්මන්තට රුපියල් හත් කෝටියක්‌, බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්නට රුපියල් හත් කෝටියක්‌, වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌ මෙසේ පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා ඇත.

මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක  විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.