ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 15, 2016

කෝටි 250ක කොකේන් අල්ලයි...!!! ගෙනවිත් ඇත්තේ හොර මුදල් ඇමති කරුපයියාගේ සමාගමකින්...!!!

ගෙනවිත් ඇත්තේ හොර මුදල් ඇමති කරුපයියාගේ සමාගමකින්...!!! නමුත් මේ වැටලීම නිසා තිගැස්සුන කරුපයියා වහා ඵතැනට පැමිණ ඇත්තේ ඵය නොදන්නවා මෙන් රඟපාමිනි.


කොස්ගම සාලාව යුධ හමුදාවේ හදවත බදුවු අවි ගබඩාව පුපුරුවා හැරි මොහොතේ සිට අද දක්වා ඒ සම්බන්ධයෙන් වචනයකුද කතා නොකල සිරිසේන ජනාධිපතිවරයා අද ඔරුගොඩවත්ත රේගු අංගනයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කොකේන් කිලෝ 85ක තොගයක් අත්අඩංගුවට ගැනිමේ අවස්ථාව් නැරැඹීම සදහා  පැමිණිම පිළිබදව රටේම ජනතාව මවිත වී ඇති අතර හදිස්සියේම මහ බැංකු ගිල්ල වැට් මෑන් සමග එම ස්ථානයට පැමිණිමෙන් සිරිසේන රටේ ජනතාවගෙන් වසන් කිරිමට ගියේ කුමක්ද යන්න දැන් අප අනාවරණය කිරිමට සුදානම්.

වෙනදාට පත්තරෙන් දැක්කා කියමින් නහයෙන් අඩන සිරිසේන අද කුඩු කන්ටෙනරය හසුවු විගසම එම ස්ථානයට දිව ආවේ නිලුකාගේ රෙද්ද අස්සෙන් බැලු අංජනම නිසා විය හැකිය.
මුදල් අමාත්‍යාංශයේ පිහිටුවා ඇති විශේෂ ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේන අතර මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට ගෙනැවිත් ඇත්තේ සීනි රැගෙන එන මුවාවෙන් අතර එය ගෙන්විමට මුලික වු පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටුවා ඇති සමාගමක් වන් අතර එය මුදල් අමාත්‍ය රවි කරුණානායකට අයත් සමගමක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.ඒ අනුව හදිසියේම අදාළ ස්ථානයට රවි සහ සිරිසේන පැමිණියේ ජනතාව නොමග යවා කොකේන් කන්ටේනර සම්බන්ධයෙන් සත්‍ය හෙලිවිම වැලැක්විමට බව අමුතුවෙන් කිවයුතු නෑ.

කාගේද මේ කොකේන්
අදාළ කොකේන් අප කලින් අනාවරණය කල පරිදිම ලංකාවට රැගෙන එමට කටයුතු කර ඇත්තේ මත්ද්‍රව්‍ය ගෙන්විමේ ප්‍රධාණියියෙකු ලෙස කටයුතු කරන එමෙන්ම උන්ඩියල් අකාරයට මුදල් මාරු කරන Sharik sailani නැමැත්තාගේ වන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සමග සමීප සබඳතාවයන් පවත්වන අයෙකු වන අතර පහත ඡායාරූපයේ දැක්වෙන්නේද Sharik sailani නැමත්තායි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදුකෙරෙන මහා පරිමාණ කොකේන් ජාවාරමක සුලමුල හෙළිකරගත් මුදල් අමාත්‍යාංශ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය විසින් සීනි කන්ටේනරයක සඟවා බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයක්‌ ඊයේ (14 වැනිදා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙතරම් විශාල වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක්‌ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්‌ථාව මෙය බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මෙම කොකේන් තොගය වැටලීම සැලවීමත් සමගම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද ඊයේ (14 වැනිදා) දහවල් එය නිරීක්‍ෂණය කිරීම සඳහා ඔරුගොඩවත්ත රේගු ගබඩාව වෙත පැමිණියේය. එම අවස්‌ථාවට මුදල් ඇමැති  කරුපයියා ඇතුළු තවත් රජයේ නිලධාරීහු පිරිසක්‌ ද එක්‌ව සිටියහ.

වැටලීම සිදුකළ නිලධාරීන්ට එහිදී විශේෂ ස්‌තුතිය පිරිනැමූ ජනාධිපතිවරයා එම නිලධාරීන් ජනාධිපති මන්දිරය වෙත කැඳවා ඔවුන් ඇගයීමට ද කටයුතු කරන බව කියා ඇත.
  (  ඒ කෙසේ වෙතත් වැටලීම් කළ ඵවුනට දෙවි පිහිටයි යමෙකු කියනු ඇසිණ...)
කිලෝග්‍රෑම් අනූ එකකට ආසන්න බරින් යුත් කොකේන් තොගය සීනි කන්ටේනරයේ ඉතාම සුරක්‍ෂිත ලෙස කලු පැහැති ගමන් බෑග් තුනක අසුරා තිබියදී වටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම සීනි කන්ටේනරය ආනයනය කළ සමාගමේ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු මෙම ජාවාරම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කොකේන් තොගය යුරෝපා රටකට ප්‍රති අපනයනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. කොකේන් තොගය අසුරා තිබූ ආකාරයට එය ස්‌කෑන් යන්ත්‍රවලට පවා හසුවී නොමැති බවද වැටලීම් ඒකකයේ නිලධාරීහු පවසති.

මෙම කොකේන් තොගය පිළිබඳව තොරතුරු මුලින්ම ලැබී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ඒකක භාර නිලධාරී උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. ප්‍රේමලාල් මහතා වෙතය.

මීට සති දෙකකට පමණ පෙර මෙම සීනි කන්ටේනරය ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර එය වැල්ලම්පිටිය කළු පාලම අසල රේගු ගබඩාවේ ගබඩාකර තිබී ඇත.

සීනි කන්ටේනරය ආනයනය කළ සමාගමේ හිමිකරු වන දෙමළ ජාතිකයා පෙරේදා පෙරවරුවේ රේගුව වෙත පැමිණ මෙම කන්ටේනරය භාර ගැනීමට ඉදිරිපත්වී තිබේ.

අදාළ කන්ටේනරයේ කොකේන් සඟවා තිබෙන බව උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල්ට කලින්ම තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයේ නිලධාරීන් අදාළ කන්ටේනරය ඔරුගොඩවත්ත රේගු ගබඩාව වෙත රැගෙන ගොස්‌ ඇත.

සීනි කන්ටේනරයේ හිමිකරු ගෙන්වා එය විවෘත කර පරීක්‍ෂා කරද්දී එහි සීනි ගෝනි අතර සුරක්‍ෂිතව සඟවා තිබූ කොකේන් තොගය හමුවී තිබේ.

මෙම කොකේන් සුපිරි ධනවතුන් මෙන්ම විදේශිකයන් පරිහරණය කරන මත්ද්‍රව්‍යයක්‌ බව පොලිසිය පවසයි. කිලෝ ග්‍රෑම් එකක්‌ රුපියල් කෝටි දෙකකට වඩා මිලකින් යුක්‌ත වන අතර මේවා යුරෝපයේ කිසියම් රටකට ප්‍රති අපනයනය සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ආ බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම කොකේන් පිළිබඳව තමන් කිසිවක්‌ නොදන්නා බව අත්අඩංගුවට ගත් සීනි ආනයන සමාගමේ හිමිකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත.

සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබේ.

මත්ද්‍රව්‍ය වැටලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පිහිටුවූ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ පොලිස්‌ ඒකකය මගින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම ඒකකයේ ප්‍රධානියා වන ගුවන් හමුදාවේ විශ්‍රාමික වින්ග් කමාන්ඩර් රවී ජයසිංහගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ එම ඒකක භාර නිලධාරී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. ප්‍රේමලාල්  ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සාගර කුලසේකර  ඇතුළු නිලධාරීහු පිරිසක්‌ද මෙම මෙහෙයුමට එක්‌ව සිටියහ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.