උතුරු පළාතේ ග්රාමීය සංවර්ධන කටයුතුවලට වෙන් කර ඇති
මුදල්වලින් රුපියල් මිලියන 25 ක්
උතුරේ සෑම දිස්ත්රික්කයකින්ම තෝරාගත් හිටපු කොටි පවුල්වලට මෙලෙස රජයේ අරමුදල් සැපයෙන බව ආරංචි මාර්ග හෙළි කළේය.
උතුරු පළාත් සභාවේ ග්රාමීය සංවර්ධන කටයුතු ඇමැති පී. දෙතිස්වරන්ගේ උපදෙස් මත මෙම රුපියල් මිලියන 25 ක අරමුදල් ලබා දෙයි.
මෙයට පෙර රජයේ ඇමැතිවරයකු ද හිටපු කොටින්ට දීමනාවක් ගෙන ඒම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට හෙළ උරුමය විරෝධය දැක්වීම නිසා එය නතර විය.