පෞද්ගලික සෞඛ්‍ය සේවා සදහා පෞද්ගලික සෞඛ්‍ය නියාමන කොමිසන් සභාව විසින්
නියම කර ඇති
එම ගාස්තු සියයට 20 කින් වැඩි කරන ලෙස පෞද්ගලික රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.(රාජිත එසේ කීවද මේ වන විටද බෙහෙත් පෙත්තේ සිට හෘද සැත්කම දක්වා මිළ වැඩි කොට ඇත.)
පෞද්ගලික රෝහල්වල වෛද්‍ය ගාස්තු රුපියල් 250 සිට රුපියල් 2000 දක්වා ද, රෝහල් ගාස්තු රුපියල් 100 සිට රුපියල් 500 දක්වා ද නියාමනය කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණ 33 ක් සදහා ද ගාස්තු නියාමනය කර ඇත.
පෞද්ගලික රෝහල් ප්‍රධානීන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාෙවි නිලධාරීන්, පෞද්ගලික සෞඛ්‍ය නියාමන කොමිසන් සභාෙවි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකචිඡුාවක් පැවැත්විනි.
එහිදී පෞද්ගලික රෝහල් ප්‍රධානීන් විසින් නියාමන කොමිසන් සභාව විසින් හදුන්වා දී ඇති ගාස්තු සංශෝධනය කර ලෙසත්, ජාතික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙන ලෙසත් මානව සම්පත් ගැටළුව පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ර්සෞඛ්ය සේවාව සදහා වත්මන් රජය විශාල මුදලක් වෙන් කර ඇති බවයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්රීයාත්මක කිරීම මාගේ බලාපොරොත්තුවයි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය සේවාවද සංවර්ධනය කළ යුතුයි. පෞද්ගලික සෞඛ්‍ය සේවාවෙන් ගුණාත්මක සේවාවක් සිදුවිය යුතු අතර, ඒ පිළිබද මහජනතාව තුළ ඇති ප්‍රතිරූපය ද වැඩි කළ යුතු වෙනවා. නමුත් වර්තමානයේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව පිළිබඳ මහජන පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. එම නිසා මෙම සේවාව නියාමනය කර සංවර්ධනය කිරීම මාගේ බලාපොරොත්තුවයි. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වුවහොත් ජනතාව රජය විෙවිචනය කළ හැකියි. ජාතික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට ද අවධානය යොමුව තිබෙනවා. රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් වෛද්‍යවරුන් රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහල්වල සේවය කළ හොත් එම සේවා ආයතනය අසාදු ලේඛණ ගත කිරීමට ද මම තීරණය කර තිබෙනවා. මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි පෞද්ගලික සෞඛ්‍ය නියාමන සභාව විභාග කර නිසි දඩුවම් ලබාදීමට ද පියවර ගත යුතුයි.”
ර්ණසෞඛ්ය සේවාව සංවර්ධනය කිරිම සදහා වූ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමට සත්පුද්ගල කමිටුවක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී පත් කරන ලදි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න , වෛද්‍ය උපුල් ගුණසේකර , ශ්‍රී ලංකා වෛද්‍ය සභාෙවි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා , ආචාර්ය ලකිත් පීරිස් , වෛද්‍ය එස් රත්නප්රීය සහ මුර්තාසා අලී ඇතුළත් වෙනවා.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල , නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය කමල් ජයසිංහ සහ පෞද්ගලික රෝහල් ප්‍රධානීන් ද එක්ව සිටියහ.
– නිපුන් ඒකනායක