- අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියයි.
ඇමැතිවරුන්
සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 118 ක පරිපූරක
ඇස්තමේන්තුවක්
ඇතැම් ඇමැතිවරුන් භාවිතා කරන වාහන වසර 8 කට වඩා පැරණි බව ද හෙතෙම ඊයේ (08 වැනිදා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
මම මේක ඉදිරිපත් කළේ මුදල් ඇමැති වෙනුවෙන්. අද ඇමැතිවරුන්ට වෙනත් අයට වඩා වාහනයක අවශ්‍යතාව තිබෙනවා. අද වාහනවල මිලත් ඉහළ ගිහින්. සාමාන්‍යයෙන් වසර 5 කට වරක් වාහන මිලදී ගන්න පුළුවන්. මෙතෙක් ඒවා ගත්තේ පාර්ලිමේන්තුව හරහා නෙමෙයි.
සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ( සුදු රෙදි හොරා )
ඒ වගේම අවුරුදු 20 කින් අලුතින් වාහන අරගෙන නැහැ. අද තිබෙන වාහන සංචිතවල වාහන දුවන්න බැරි තත්ත්වයක් තිබෙනවා. අපේ ගම්වල යන්න හොඳ, එන්ජින් ධාරිතාව වැඩි වාහනයක් ගන්න ඕන. අපි ගමන් කරන පැය ගණන ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන වැඩ කරන්නේ කවුද...? ඇමැතිවරුන්.
අපි රටට කළේ වැදගත් දෙයක්. නයි මුගටි වගේ හිටි අය දැන් ජාතික ආණ්ඩුවක් හදලා තිබෙනවා. විද්‍යාත්මක ක්‍රම වැඩක් තියෙනවද? අපි පියවරෙන් පියවර යමු. පොඩි වාහනවලින් කඳු යන්න බැහැ. අඩු මුදලට වාහනයක් ගත්තොත් නඩත්තුවට යනවා විශාල මුදලක්.