ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 30, 2016

රනිල්,අර්ජුන් ගහපු ගැහිල්ල ගැන විගණකාඩිපති කල අනාවරණය....!!!

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වන විට රට තුළ ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් සෑම ක්ෂේත්‍රයක් පාසාම උද්ගත වි ඇත.
මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ සිදු වුනා යයි කියන දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර කාරක සභාව වෙත ඊයේ විශේෂ විගණන වාර්තාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී විගණකාධිපති විසින් මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කල ගණුදෙනුව ආශ්‍රයෙන් නිගමනය කර තිබෙන කරුනු පහත දැක්වේ.
* වලක්වාගත හැකිව තිබූ රු :889,358,050 ක ඇස්තුමේන්තු ගත අවාසිය සහ වලක්වාගත හකිව තිබූ රු : 784,898,755 ක ඇස්තුමේන්තු ගත අවාසිය ලෙස 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේදි වලක්වා ගැනීමට හැකිව තිබූ එකතුව රු : 1,674,256,805 ක අස්තමේන්තුගත අවාසිය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරනු ලැබේ.

දෙමළ ජාතිවාදය පෝෂණය කරන විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරි පියවරක්...!!!

උතුරැ පළාත් සභාව සම්මත කළ ෆෙඩරල් යෝජනාව මගින් වෙනම රජයක අරමුණු, පරමාර්ථ එළිදරව්වන්නේ ද යන්න විමසීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ කරැණු තහවුරැ කිරීමට අවසර හිමි වෙයි.
උතුරැ පළාත් සභාවේ සභාපති කේ. සිවඥානම්  විසින් 2016.04.07 වන දින උතුරැ පළාත් සභාවට ඉදිරිපත් කර 2016.04.22 දින සම්මත කළ උතුරැ නැගෙනහිර වෙනම දෙමළ කථාකරන ඒකකයක් වෙනුවෙන් වූ යෝජනාවේ සිංහල පිටපත ලබා ගැනීම සදහා නීතීඥ අරැණ ලක්සිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතුරැ පෙත්සමක කරැණු තහවුරැ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2016.06.27 වන දින අවසර දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ ප්‍රයසාද් ඩෙප්, සිසිර ආබෘ සහ නලීන් පෙරේරා විනිසුරැවරැ විසින් මෙම පෙත්සම 2016.08.29 වන දිනට කරැණු තහවුරැ කිරීමට නියම කර ඇත.
*දකුණේ ජනතාව විසින් දෙමළ ජනතාවට අසාධාරණයක් කරන්නේ යැයි ජාත්‍යන්තරව ජාතිවාදී මතවාද පතුරවන දෙමළ ජාතික සන්ධානය මෙන්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය බලය තහවුරැ කරගෙන සිටින උතුරැ පළාත් සභාවේ ජාතිවාදය ව්‍යාප්තකරගෙන සිටින ආකාරය ලොව පුරා විසිරී සිටින ලාංකිකයන්ගේ අවධානය යොමු විය යුතු බවත් එම නීතීඥවරයා දක්වා ඇත.

ජීවිතය තිබෙනතුරු මින් ඉදිරියට තම පක්‌ෂය එජාපය ...!!! හොර වලත්ත වල්විදානේ කවටයා කියයි...!!!

තමා එක්‌සත් ජාතික පක්‌ෂ සාමාජිකත්වය ලබාගන්නේ තාවකාලික ස්‌ථාවරත්වයක්‌ වෙනුවෙන්

නොවන බවත් දේශපාලන ජීවිතය තිබෙනතුරු මින් ඉදිරියට තම පක්‌ෂය එජාපය වන අතර දේශපාලන නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ  බවත් මාර්ෂල් සරත් ෆොන්සේකා (30 දා) සිරිකොත දී එජාප සාමාජිකත්වය ලබාගනිමින් පැවැසීය.
තමන් මින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නායකයා නොවන බවද පැවසූ වල්විදානේ  ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂය විසුරුවන්නේ නැතැයිද එය එක්‌සත් ජාතික පෙරමුණ සමඟ ඒකාබද්ධව තිබෙන බවද කියා සිටියේය.

තවත් බදු ගහන්න වෙනවා.. ඉස්රහට එන්නේ අමාරු කාලයක්.. – මුදල් රාජ්‍ය ඇමති

රජයේ ආදායම ඉහල දැමීමට තවත් බදු වැඩිකළ යුතු බවත් ඉදිරියට එළැඹෙමින් ඇත්තේ අමාරැ කාලයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් කියා සිටියේය.ලංකාව ජාත්‍යන්තරයෙන් ගත් ණය ගෙවීමට ගෝලීය හා දේශීය ආර්ථික අර්බුදය නිසා ඉදිරියේදී තවත් බදු වැඩිකිරීමට වීම තවත් සැගවිය යුතු නැති බවද ඔහු පැවසීය.

යුද අපරාධ පරීක්‍ෂණ ප්‍රමාද කරන්නේ නෑ...!!! නපුංසක මංගල

යුද අපරාධ පරීක්‌ෂණ පමා නොකරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර  ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ 32 වැනි සැසිවාරය අමතමින් ප්‍රකාශ කර ඇත.යුද අපරාධ පරීක්‌ෂණ පැවැත්වීම උපාය මාර්ගිකව ප්‍රතික්‌ෂේප කරනු ලබන බවට පැතිරෙන අදහස්‌ තමා ප්‍රතික්‌ෂේප කරන බවත් මෙහිදී සමරවීර  අවධාරණය කර ඇත.

ඡන්දෙ දුන් ජනතාවට අමතක නොවෙන්න සළකන යමපාළුවෝ...!!!

එදිනෙදා පරිභෝජනයට ගන්නා හාල්, පිටි, සීනි මිල මෙන්ම එළවළු, පොල්, මාළු මෙන්ම තවත් බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ ගොස්‌ තිබේ. "වැස්‌ස ගංවතුර නිසා එළවළු කොහොමත් ගණන් යනවාය" කියන සුපුරුදු කතාව ජනතාවට දැන් තිත්තය. මාළු ගණන් යන්නේ වාරකන් නිසාය. ඉතිං අපි හිත හදා ගත යුතුය. ඒවා එසේ නම් අතිරික්‌තයක්‌ තිබේ යෑයි කියන හාල් ගිනි ගණන් යන්නේ ඇයි දැයි කියන්නට කෙනෙක්‌ නැත. පාරිභෝගිකයා එසේ උලා කන විට වෙළෙන්දා සිය ආදායමෙන් කොටසක්‌ බදු ගෙවන්නට වෙන් කරන විට ආණ්‌ඩුව කිවූ ආර්ථික කළමනාකරණය කොහේදැයි අසන ජනතාවට කෝචොක්‌ කිරීම ආණ්‌ඩුවකට එතරම් හොඳ නැත. වැට්‌ බදු වැඩි නොකර රටේ ආර්ථිකය ගොඩ ගැනීමට වෙනත් මඟක්‌ නැතැයි ආණ්‌ඩුව කියා තිබේ.

හොරුන්ගෙත් හොරු බිය වී සී.සී.ටී.වී. කැමරා එපා කියයි...!!!

කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැඟිලිවල නව සී.සී.ටී.වී. පද්ධතියක්‌ සවි කිරීමට විරෝධය පළකරමින් ආගමන විගමන නිලධාරීහු පෙරේදා පැයක කාලයක්‌ ගුවන් මගී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වී සිටි බව ඊයේ වාර්තා වී තිබිණි. කෙසේ හෝ මේ "වර්ජනය" නතර වී තිබෙන්නේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සවි නොකර" සිටීමට අදාළ බලධාරීහු එකඟ වීමෙන් පසුවය.ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම රටට ගලා එන විවිධ නීති විරෝධී ද්‍රව්‍ය (මත්ද්‍රව්‍ය, රත්‍රන්, මැණික්‌) සහ පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් විය යුතු තැනක්‌ ලෙස ගුවන් තොටුපළ හැඳින්විය හැකිය. එසේ තිබියදී මෙවැනි තැනක්‌ ආවරණය වන සේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක්‌ සවිකිරීම වර්ජනයක්‌ කිරීම සඳහාම වූ "බරපතළ ප්‍රශ්නයක්‌" බවට පත්වන්නේ කෙලෙසද යන්න විමසා බැලිය යුත්තකි.

Wednesday, June 29, 2016

යහපාලනයෙන් පසුව පිරිමි ගණිකාවන්ට ඉහල අගයක්...!!!

මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුනගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගය මෙන්ම ලිංගාශ්‍රිත රෝග පැතිර යැමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු පවසති.

රාජිතගේ වලත්ත මස්සිනා හූ කියා පන්නයි

ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ නිත්‍යානුකූල නොවන මුදල් පරිහරණයට සහ අවභාවිතයට නතු නොවන සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) සභාපතිගේ සහ කළමනාකර අධ්‍යක්ෂක ගේ මෙහෙයවීමෙන් ආයතන පරිශ්‍රය තුලදීම මැර තර්ජන එල්ල කල රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර සංස්ථාවේන් පන්නා දමා තිබේ.
නාව්න්න පිහිටි ආර්යුවේද  සංස්ථාව තුල පැවති උද්ගෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් පන්නා දමා ඇති බව වර්ථා වේ.

Tuesday, June 28, 2016

චන්ද්‍රිකාගේ උපන් දිනය අද.. දැන් 71යි..

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ 71 වැනි උපන් දිනය අදට යෙදී තිබේ.
මේ නිමිත්තවෙන් ඇය අනුරාධපුර ජය ශ‍්‍රි මහා බෝධිය වැඳපුදාගෙන පස්වරුවේ හොරෙගොල්ලේදී පැවැත්වෙන  උත්සවයකට සහභාගී විමට නියමිතය.

වරාය විකුණන්න යාමෙන් සේවකයෝ වැඩ වර්ජනයක් ඇරඹීමට සැරසෙයි...!!!


වරාය විකුණා දැමීම සඳහා ආණ්ඩුව සියළු කටයුතු සූදානම් කරමින් ඇති බවත් වහා මෙය නතර නොකලහොත් සියළු සේවකයින් හා එක්ව දැවැන්ත වැඩ වර්ජනයකට යන බවත අද කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කලේය.
මේ වන විටත් වරාය අධිකාරිය සතු කොළඹ වරායේ ජයබහලූ පර්ජයන්තය හා නැගෙනහිර පර්යන්තය විකිණීමට සූදනම් කර ඇතැයිද පෙන්වා දුන් ඔවුන් ඞී.ආර්. විජයවර්ධන මාවතේ ඇති බිම් කොටස් හා බේරේ අංගනයේ බිම් කොටස් විකිණීමටද සැරසී සිටින බවද කිහ.

ශ්‍රී ලංකා විදේශ කාර්යාංශයේ නොසැලකිමෙන් අසරණ වූ කොරියා රැකියාලාභින්...!!!

දකුණු කොරියාවේ රැකියා අවස්‌ථා ලැබී සිටි එකොළොස්‌ දෙනකු, රැකියා ගිවිසුමට අනුව නියමිත කාලයේදී එරටට යෑවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ නිලධාරීන් කටයුතු නොකිරීම නිසා එම පිරිසට රැකියා අවස්‌ථා අහිමිව ගොස්‌ තිබේ.
කාර්යාංශයේ නිලධාරීන් අතින් සිදුවී ඇති මෙම අතපසුවීම නිසා එම පිරිසට යළිත් රැකියා අවස්‌ථා ලබා ගැනීම සඳහා මුලසිටම කටයුතු සිදුකිරීමට සිදුව ඇත.

Monday, June 27, 2016

SLBC සභාපති මායමට යටවෙයි...!!!

ලංකාවේ එකම රාජ්‍ය පුවත්පත් නියෝජිත ආයතනය වන ලංකාපුවත් ආයතනයට ලැබී ඇති වාර්ෂික විදෙස් සමුළුවක ආරාධනයට ආයතන ප්‍රධානියා වන නන්ද මුරුත්තෙට්ටුව, ගුවන් විදුලි සංස්ථාවේ මුදලින් ලංකාපුවත් ආයතනයේ විධායක නිලධාරිනිය වන දුල්මා කන්දරමගේ ද කැටුව සතියක නිවාඩුවකට රුසියාවේ ගොස් ඇති බව ලංකා පුවත් ආයතනයේ සේවකයන් පවසයි. ඇයට මේ සඳහා ආරාධනාවක් ලැබී නැති අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නිතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම  එම තනතුරට අමතරව ලංකා පුවත් සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහුගේ පෞද්ගලික මැදිහත් විම මත මෙම සංචාරයට එකතු වි ඇති බවයි එම සේවකයන් පවසන්නේ.

ගොවියා කුඹුරෙන් පන්නන යහපාලන සැලැස්ම...!!!

බත් කන මිනිසුන් සිටින රටක බත උපදනා තැන කුමක්දැයි කවුරුත් දැන ගත යුතුය. බත් ඉපදෙන්නේ කෑම

මේසයේ කෑම පිඟානෙන් බව අනාගත තරුණ පරපුර කියන්නට ඉඩ ඇත. ජාත්‍යන්තර පාසල් පමණක් නොව නිදහස් අධ්‍යාපනයෙන් බිහිව සිටින උගත් තරුණ පරපුරද එසේ කියනු ඇත. මේ ඛේදවාචකයට යම් තරමක ඉතිහාසයක් තිබේ. කෘෂිකර්ම අධ්‍යාපනය විසින් කෘෂිකර්ම නිළධාරීන් බිහි කරන තැනට වැඩ කිරීම එක හේතුවකි. උගතා කුඹුරට බහින්නේ නැත. ඔහු ගොඩ සිට ගොවිතැන් කරන හැටි ගොවියාට කියා දෙයි. ගොවීන් ගේ පුතුන් සියල්ල උගත් පරපුරට එක් වීමෙන් පසු ගොවිතැන නිමා වනු ඇත.එවිට ඉන්දියාවෙන් හෝ වියට්නාමයෙන් හාල් ගෙන්විය හැකිය. අනෙකුත් ධාන්‍ය වර්ගයන්ද එලෙස ගෙන්විය හැකිය.
ගොවියාගේ මුල් ඉදිරීම පළමුවෙන්ම සිදුවනු දැකිය හැකි වන්නේ බස්නාහිර පළාත තුළිනි.ගම්පහ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන් තුළ කුඹුරු හෙක්ටයාර් තිස්දාහකට(අක්කර හැත්තෑපන්දාහක්) ආසන්න සංඛ්‍යාවක් තිබේ. කෝට්ටේ යුගයේදී කොළඹ ගම්පහ ගොවිතැන් වලින් මුතු වැනි සහල් උපයා ගත් හැටි කියැවෙයි. වර්තමාන පාර්ලිමේන්තුව අවට තිබූ සාරවත් කුඹුර යායවල් අද දක්නට නැත.කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය රැකගන්නට එදා එරාබහින හැල්කුඹුරු අවශ්‍යම විය. අද ඒ කුඹුරු සියල්ල වගුරු බවට පත් වෙමින් ඇත.

Saturday, June 25, 2016

එදා ඒ මාරුව ලැබුණේ මට විතරයි....පළිගැනීමේ තිත්ත ඇත්ත ....!!!

 එයා අපේ පවුලේ කෙනෙක්‌ වෙලයි හිටියේ. හැමදාම උදේට නාලා, මල් පොකුරක්‌ කඩාගෙන ඇවිල්ලා බුදුන් වැඳලා, ගණ දෙවි පිළිමයටත් එයා වඳිනවා. ඊට පස්‌සේ කෙලින්ම එන්නේ මගේ ගෙදරට. ඇතුළටම ඇවිල්ලා, පඩිපෙළ ළඟටම එනවා. එතකොට මම පලතුරු හරි හකුරු බෑයක්‌ හරි දෙනවා. එකත් අරගෙන පස්‌සෙන් පස්‌සට යනවා. මටයි අපේ අම්මටයි තමා වැඩිපුරම ආදරය කළේ. අපි එයාට නිදැල්ලේම ඉන්න දුන්නා. රැට විතරයි ගැට ගැහැව්වේ. දැන් එයා ඉන්නේ පින්නවල. මම කිහිපවාරයක්‌ම එයා බලන්න ගියා. ගෙදර තිබ්බ සැප කිසි දෙයක්‌ එහෙ නැහැ. ඒ ගියාම මාව අඳුනාගෙන හොඳට ආදරයෙන් මාව වැලඳ ගත්තා. මට වැන්දා. එයාගේ කකුල් වල තුවාල එහෙමත් ඇවිල්ලා තිබුණා. රඳවලා තියන්නවත් හරි හමන් ස්‌ථානයක්‌ නැහැ.
 
පින්නවලට වඩා සැපට එයා අපේ ගෙදර හිටියා. වසර තුනක්‌ අපිත් එක්‌ක එයා හිටියා. එයා නැති පාළුව අපිට කියන්න බැරි තරම්. 

Friday, June 24, 2016

විළි ලජ්ජයි සංතෝෂයි යකෝ....!!!

කිහිප වතාවක් වරෙන්තු ඇතත් සමාජයේ ඵළිපිටම නිදහසේ සිටින ඵවුන් අනන්තය.පත්වන සෑම ආණ්ඩුවකම මහ ඵවුන්ගේ සියළු සබ්බ සකළ මනාවම සෝදමින් කසළ ශෝධක තනතුර දරණ වුනටද ඵම වෘත්තියටද නිගා
 වරෙන්තු රැසකී ඵහෙත් මේ ජඩපාලනයේ ලොන්තයන්ද වගේ වගක් නැතුව මූ නිදහසේ තබා ඇත.මේ රටේ නීතියේ තවත් අසමාන සාධකයක් මේ තුළින් විද්‍යාමානවේ...

දෙමින්  තමන් මාධ්‍යය වේදීන් යැයි කියා ගන්නා කුජීතයන් අතර මහ ඵකෙකු වන මූ හටද ඇති අප්‍රමාණ වරෙන්තු රැසකී ඵහෙත් මේ ජඩපාලනයේ ලොන්තයන්ද වගේ වගක් නැතුව මූ නිදහසේ තබා ඇත.මේ රටේ නීතියේ තවත් අසමාන සාධකයක් මේ තුළින් විද්‍යාමානවේ...
සෙනසුරාදාට ආ “ඉරිදා” ජාතික පුවත් පත පවුල්වාදය විසින් ගිලගනිමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.විකල්ප ජාතික පුවත්පතක් ලෙස වෙළඳපොල තුල ඉහල ජනතා ප්‍රසාදයක් ලබා ගැනිමට පුවත්පතට හැකි වුවද සුධර්මන් රදළියගොඩ පවුලේ සියලු සමාජිකයන් පුවත්පතේ ඉහල තනතුරු සහ ඉහල වරප්‍රසාද බුක්ති විදිමින් නටන නාඩගම් පුවත් පතේ පැවැත්ම  හමාර කරවමින් සිටින බවයි අපට වාර්තාවන්නේ....

අගමැති හැරෙන්නට ඕනෑම හරකෙකුට වෙදකම් කළ හැක....!!!

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අගමැතිගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දීමට රනිල් වික්‍රමසිංහ වෙල්විදානේ සරත් ෆොන්සේකාට පවරා ඇත්තේ තමාට කැස්සක් ඇති බව කියමිනි. එහෙත් මෙය කිනම් ස්ථාවර නියෝගයකට අනුව කෙළේ දැයි ඔහුවත් කතානායකවත් පැහැදිලි කර නැත. මෙරට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ප්‍රශ්නයක් මෙයින් මතුවෙනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඉන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා ලෙසින්වත් මෛත්‍රී වික්‍රමසිංහගේ ස්වාමි පුරුෂයා ලෙසවත් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයකු ලෙස පත් වී ජනාධිපති විසින් අගමැති තනතුරට පත්කරනු ලැබුවා. අගමැතිකම රනිල් වික්‍රමසිංහගේ එක් කාර්යභාරයක්. රනිල් අගමැති තනතුරේ වැඩකරනවා.

රජය ඉන්දියවෙන් දොස්තරලා ගෙන්වන්න යයි..

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට වෛද්‍ය හිගයක් ඇතැයි කියමින් ඉන්දියාවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වීමේ සූදානමක් ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
ආණ්ඩුව විසින් මෙම පියවර ගතහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බව සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කරයි.

Wednesday, June 22, 2016

ඉන්දීය බේකරි නිෂ්පාදනවල පිළිකාකාරක රසායනිකයක්

බේකරි නිෂ්පාදනවලදී පිළිකා කාරක රසායනික භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර පිළිබඳ බලධාරීන් කටයුතු කර තිබේ.ඉන්දියාවේ දිල්ලි නගරය පුරා බේකරි නිෂ්පාදන පරීක්ෂා කිරීමේදී එම නිෂ්පාදනවලින් 84%කට වැඩි ප්‍රමාණයක පොටෑසියම් බ්‍රෝමේට් රසායනිකය හමුවීමත් සමග ඉන්දීය ආහාර තත්ත්ව ආරක්ෂණ අධිකාරි මෙම පියවර ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.

වෙලේ සුදා බන්ධනාගාරයේ සිටම වැඩ...!!!

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01 ක් හා නවීන පන්නයේ වාහන 02 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (22දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙන බවත් පොලීසිය කියයි.

අර්ජුනගේ ගෝලයින් ගුටි නොකා නූලෙන් බේරෙති.. පොලීසිය පැන බේරාගනිති..

වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංගට පක්‍ෂ වරාය සේවක  පිරිසක් සහ ඇමතිවරයාට එරෙහිව

උපවාසයේ යෙදී සිටින වරාය සේවකයින් අතර අද පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇති විය.
ඇමතිවරයාට හිතවත් සේවක පිරිස විසින් පෝස්ටර් අලවමින් සිටියදී මෙම උණුසුම් තත්වය ඇති වූ අතර අවසානයේ ඇමතිට හිතවත් පිරිස පෝස්ටර් ඇලවීම නවතා දමා පසු බැස යාමත් සමඟ පොලීසිය මැදිහත් වී  තත්වය  පාලනය කර ඇත.

Tuesday, June 21, 2016

බුද්ධාගම කෙළසන අසපු අක්‍රමණ...!!!

පොසොන් පෝය නිමිති කරගෙන පෙරේදා  බෙල්ලන්විල ප්‍රදේශයේ ප්‍රකට අසපුවකට සිල් සමාදන්වීම සඳහා ගිය උපාසක මාතාවක්‌ එම අසපුවෙන් නිකුත් කර තිබෙන හැඳුනුම්පත නොමැතිවීම නිසා ඊට ඇතුළත් කරගෙන නැත.එම උපාසක මාතාව අලුයම අවදි වී සිය සැමියාට සහ දරුවන්ට ආහාර පිළියෙළ කර උදේ ආහාරය ද නොගෙන සුදුවතින් සැරසී සිල් සමාදන්වීම සඳහා අසපුවට ගොස්‌ ඇත.

Sunday, June 19, 2016

අනේ මුංගේ යහපාලනේ...!!! වීඩියෝ සහිතයි

ෆේස්බුක් ඵකටත් බය යහපාලනේ ...ජනතාවට ස්වකීය නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියටත් වැට

බඳියි.මලයාසියාවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මරණ තර්ජනය කළ සුමල් ලක්මන නම් තරුණයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු මේ දක්වා අනාවරණය නොවු අතර සුමල් ලක්මන මානව හිමිකමි කොමිසම හමුවට පැමිණිමෙන් පසුව සත්‍ය අනාවරණය වි තිබේ.වීඩියෝ සහිතයි

හොර ඔප්පු ජාවාරම ජයටම

 කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස්‌ කළ ජාවාරම්කරුවන් නිසා රුපියල් කෝටි 300 ක වටිනා තම ඉඩම් අහිමි වී ඇත.
මෙම පිරිස රහස්‌ පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු වී තිබේ.

මේ ව්‍යාජ ඔප්පු සකස්‌ කිරීමේ මහා පරිමාණ ජාවාරමට ඇතැම් නීති අංශ හා කෝටිපති ව්‍යාපාරිකයන් සහ මැර දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇතැයි අපරාධ විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙසේ කෝටි ගණන් හොර ඔප්පු ලියු සහ තවමත් ලියන අයෙකු මහරගම ඇත.ඵසේම සංවිධානාත්මකව මෙසේ හොර ඔප්පු ලියවන සමාජය ඉදිරියේ කලාකාරිණියක් සේ පෙනීමට උත්සාහ ගත් ඵක්තරා ගණිකාවක්ද මේ අතර වේ.මහරගම වෙසෙන මිත්‍රසේන නම්වු හොර නොතාරිස් කෙනෙකු ලියූ හොර ඇටෝර්නි බළපත්‍ර මෙන්ම ඔහු සැකසූ හොර ඔප්පුද බොහෝවේ .මේ සියල්ල ඉදිරියේදී අනාවරණය කිරීමට අප සූදානමින් සිටිමු.ඵමෙන්ම ඔබගේ තොරතුරුද අප වෙතට ඵවන මෙන් ඉල්ලා සිටිමු.විශේෂ ලිපියක් මගින් මුන් සේරම අප සමාජය හමුවට ඉදිරියේදී නිරාවරණය කරන්නෙමු.

ජනතාවට සහ මාධ්‍යයට කොළේ වසා මුදල් පන්නා ගත් යහපාලනය ගැන රාවය නොදනී..!!!

( දේශපාළුවන් යනු ඉතා සටකපට අපතයන් බවත් යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවී..ඵන ඵන රජයනට හේත්තු වෙමින් සැප විඳින කිණිතුලන් වැනි කාළකණ්නි පිරිසකි.)මේ බව ස්වාධීන මාධ්‍ය වේදීන් තෙරුම් ගත යුතු අතර උන්ගේ මාධ්‍ය හමුවලට යාමේදී උන් කළ කී දෑ ගැන මනාසේ දැනුමින් සන්නද්ධව යා යුතුය ඵසේ නොවූ මාධ්‍ය වේදීන් යැයි කියා ගන්නාවුන් බොහොමයක් සවුත්තුවූ අයුුරු අපද දුටුවෙමු. මෙසේ මේ වන විටද රජයේ භාණ්ඩාගාරයෙන් යහපාලන ඇමති පිම්පියන්ගේ රථගාය සඳහා මුදල් පන්නා ගෙන ඇති බව නොදත් ඉරිදා රාවය කතුවැකිය ලියා පළකර තිබූ ඔවුන්ගේ අදහස මෙසේවීය.

ජනවාරි 8 වැනි දා හා අගෝස්තු 17 වැනි දා තමන් බලයට පත් කළ මහජනතාවට, එතැන් සිට මේ දක්වා යහපාලන ආණ්ඩුව අවමන් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ඒ මහජනතාවට කළ අලූත්ම අපහාසය රුපියල් බිලයන 1.1ක් වටිනා සුඛෝපභෝගී වාහන පිළිබඳ සිද්ධිය යි.
මැති ඇමතිවරුන් සාධාරණ මට්ටමේ සුවපහසු වාහන පාවිච්චි කිරීම ගැන රටේ මහජනතාව ඒ තරම් විරෝධයක් දක්වනු ඇතැයි සිතිය නොහැකි ය. තමන්ගේ වැඩ පරාසය අනුව එවැන්නන්ට සුවපහසු වාහනයක් පාවිච්චි කිරීමට ඇති අවස්ථාව උදුරාගන්නට ද කිසිවකු සූදානම් නොවනු ඇත. එහෙත්, ප‍්‍රශ්නය ඇත්තේ එතැන නොවේ.

රටම මුලා කොට පිම්පියන්ට මුදල් නිකුත් කරලා...

ඇමතිලාට සැප වාහන ගන්න කෝටි 118ක් භාණ්ඩාගාරයෙන් මුදා හැරලා..

රුපියල් බිලියන 1.18ක් වැය කොට මැති ඇමතිවරුන් සඳහා වාහන ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දී එය මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.පසුගිය අපේ‍්‍රල් 17 වන දා මෙසේ අනුමැතිය ලබා දී ඇති අතර මහා භාණ්ඩාගාරය විසින් එම මුදල් මේ වන විටත් මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.

කක්කකුස්සි කටා මණුසත් දෙරණට තර්ජනය කරයි…!!!

යහපාලනය රජයෙන් කිසියම් හෝ සහනයක් ජනතාවට නොලැබෙන නිසා මහරගන්ම පිළිකා රෝහලට

අවශය කර තිබූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මහරගම පිළිකා රෝහල මහජනතාවගේ සහය පැතීමට තීරණය කළ පසු ඊට මනුසත් දෙරණේද සහය ලැබීමත් සමග ඇරඹී උදාර ක්‍රියාන්විතයට දසදෙසින් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබියදී රුපියල් කෝටි 20ක මුදලක් ජනතා ඔබ විසින් ඒ සඳහා ලබා දී අවසන්ය.
මහරගම පිළිකා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය හඳුනා ගැනීමට හා පසුවිපරම් කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගැනීම සඳහා මහජනතාවගේ සහය පැතීමට එම රෝහල තීන්දු කළ අතර ඒ සමග අත්වැල් බැඳ ගැනීමට මනුසත් දෙරණ ද තීරණය කළේය.

මෙන්න යහපාලනයේ මුවාවෙන් රට කරන කාළකණ්නි ඇමැතියෙකුගේ වැඩ...!!!

කෝටි 350ක ටෙන්ඩර ඇමතිගේ සමාගමට ගනී..රුපියල් කෝටි 350 ඉක්මවූ මාර්ග සංවර්ධන ටෙන්ඩර් දෙකක් ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වාගෙන යන සමාගමකට ලබා දී ඇති බව වාර්තා වෙයි.

උදය ගම්මන්පිල අත්අඩංගුවට..!!!

ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  (18) නියෝග කළ අතර ඒ හරහ යහපාලනයේ දේශපාලන බද්ධ වෛරය යලිත් මතු කල අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18ක් පැරණි නඩු නිමිත්තකට බවත් මෙය සම්පුර්ණයෙන්ම දේශපාලන උවමනාව මතයි.
 රටට සතුරු ව්‍යවස්ථාව සූදානම්.. ඊට පෙර විරුද්ද නායකයන් සිරගත කරනවා.. ගම්මන්පිල පලමු ගොදුරයි..

හෙද ආචාර්යවරයා කපා සමන් සංචාරයකට රිංගලා...!!!

කොරියාවේ ඉංජේ විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එහි යාමට නියෝජිත පිරිසක් නම් කොට තිබෙන බව  අපට වාර්තාවේ. එම නියෝජිත පිරිස අතර රජයේ හෙද නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය ද සහභාගි වන බව අපට දැනගන්නට ලැබී ඇත. සමන් රත්නප්‍රිය මහතා මෙම නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ කරගත්තේ කුමන පදනමක් මත ද යන්න හෙදියන් තුල මෙන්ම අප සංගමය තුලද බලවත් විමතියකට තුඩු දි තිබේන බව නිවේදනයක් නිකුත් කරමින් රා.සේ.එ.හෙ.සංගමය ප්‍රශ්ණ කර සිටි.

දැන් මූට ඵහෙත් නැහැ ළඟදීම මෙහෙත් නැතිවෙයි...!!!

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (  වලත්ත පාහර වල් විදානේ ) එරටට ඇතුළු කර නොගන්නා පුද්ලගලයෙකු ලෙස අසාදු ලේඛණගත කර ඇත.
ඇමති ෆොන්සේකා විසින්  ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කර තිබූ වීසා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් මේ බව දන්වා තිබේ.

Saturday, June 18, 2016

පුද්ගලික රෝහල් ගාස්තු 20%කින් වැඩි කරන්න ඉල්ලයි..!!!

පෞද්ගලික සෞඛ්‍ය සේවා සදහා පෞද්ගලික සෞඛ්‍ය නියාමන කොමිසන් සභාව විසින් නියම කර ඇති

වෛද්‍ය පරීක්ෂණ ගාස්තු, වෛද්‍ය ගාස්තු සහ රෝහල් ගාස්තු ඉහළ නොදමන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
එම ගාස්තු සියයට 20 කින් වැඩි කරන ලෙස පෞද්ගලික රෝහල් ප‍්‍රධානීන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.(රාජිත එසේ කීවද මේ වන විටද බෙහෙත් පෙත්තේ සිට හෘද සැත්කම දක්වා මිළ වැඩි කොට ඇත.)
පෞද්ගලික රෝහල්වල වෛද්‍ය ගාස්තු රුපියල් 250 සිට රුපියල් 2000 දක්වා ද, රෝහල් ගාස්තු  රුපියල් 100 සිට රුපියල් 500 දක්වා ද නියාමනය කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණ 33 ක් සදහා ද ගාස්තු නියාමනය කර ඇත.

Friday, June 17, 2016

මිහිදු හිමියන් විසින් ලක්දිවට බුදු දහම වැඩම කෙරුණු පිංබර පොසොන් පුන් පොහෝ දිනය අදයි ...!!!

ඓතිහාසික තොරතුරු විමසන විට පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැදගත් සිදුවීම් රාශියක් ම සිදු වී ඇති බව පෙනී යයි. ඒ අතුරෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස ශ්‍රී ලංකාවට සැපත්වීම, මිහිඳු මාහිමියන් විසින් ප්‍රථම වරට ලංකාවේ දී ධර්ම දේශනාවක් පැවැත්වීම, ලක් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ යාම, ලංකාවේ දී ප්‍රථම වරට පැවිද්ද සහ උපසම්පදා විනය කර්මයක් සිදු කිරීම යන කරුණු විශේෂ ස්ථානයක් ගනී.
ඉන්දියාවේ පාලනය ගෙන ගිය ධර්මාශෝක අධිරාජයාණන්ගේ අනුග්‍රාහකත්වයෙන්, මොග්ගලී පුත්තතිස්ස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දහසක් පමණ භික්ෂූහු එකතුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවන ධර්ම සංගායනාව පැවැත්වූහ. එහි අවසානයේ දී බුදුදහම ව්‍යාප්ත කිරීම අරමුණු කොටගෙන රටවල් නවයකට ධර්මදූත පිරිස් පිටත්කොට යැවූහ. එම රටවල් අතුරෙන් එක් රටක් වූයේ ශ්‍රී ලංකාවයි.

අජූත ගම්පහ ඇමති හිතවතිය ඇමති බිරිදට අසැබි වදනින් බැන වදි...!!!

ගමිපහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල කැබිනටි ඇමතිවරයෙකු ගේ බිරිද විදේශගතව සිට නැවත


මෙරටට පැමිණ නිවසට යනවිට ඇමතිවරයාට හිතවත කාන්තාවක්ද නිවසේ සිට ඇත.
පසුව ඇමති බිරිද හා මෙම කාන්තාව සමග ඇතිවු කතාබව වාග් ප්‍රහාරයක් බවට පත්වි ඇති අතර එම කාන්තාව අසැබි වදනින්ද ඇමති බිරිදට බැණ වැදි තිබෙ.මෙම අවස්ථාවෙ ඇමතිවරයා නිවසේ සිට නොමැති අතර ලේකමිවරයා හා ආරක්ශකයින් කිහිපදෙනෙක් පමනක් සිට ඇත.

ඔබගේ අවධානයට....!!! පොල්තෙල් කියා රට පුරා විකුණන්නේ මාරක විසක්..

 හොරා වකුගඩු රෝග නිවාරණ බලකාය ඇතුලේ..
මෙරට සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයකු ඉකුත් මාර්තු මස 29 දින සිට අප්‍රේල් 07 දක්‌වා කාලය තුළ

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද විෂ සහිත පාම්තෙල් කන්ටේනර් විසිහතරක්‌ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම විෂ පාම් තෙල් තොගය සම්බන්ධයෙන් මේ වන විට රේගුව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. පොල් තෙල් සමඟ කලවම් කර මෙරට තුළ අලෙවි කිරීම සඳහා මෙම විෂ සහිත පාම් තෙල් තොගය ගෙන්වා ඇත. ඉකුත් 2012 වසරේ සිට මෙම ව්‍යාපාරිකයා මේ අන්දමින් විෂ සහිත පාම් තෙල් මෙටි්‍රක්‌ ටොන් විසිදහසක්‌ අඩංගු කන්ටේනර් 900 ක්‌ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇතැයිද රේගු පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
පොල් තෙල් සමඟ කලවම් කර මෙරට තුළ අලෙවි කරන මෙම විෂ සහිත පාම් තෙල්වල හෘද රෝග සහ පිළිකා ඇතුළු මාරාන්තික රෝග රැසක්‌ ඇති කරන මේද අම්ල වර්ග රාශියක්‌ අඩංගුව තිබෙන බවද රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදු කර ඇති විද්‍යාගාර පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ. මෙම ව්‍යාපාරිකයා රේගු තීරු බදුවලින් බේරීම සඳහා “කෲඩ් පාම් ඇසිඩ්” ලෙසින් නම සඳහන් කරමින් මැලේසියාවේ සිට මෙකී විෂ සහිත පාම් තෙල් තොග මෙරටට ගෙන්වා පොල් තෙල්වලට කලවම් කර සාමාන්‍ය වෙළෙඳ පොළට බෙදා හැර ඇත.

Thursday, June 16, 2016

අපේ සංගීතය ,අපේ ගීතය ලෝකයට විවර කළ ප්‍රවීණ සංගීතඥයා...!!!

 පිටරටවල සංවිධානය කළොත් අපට පුළුවන් අපේ සංගීතය අපේ ගීතය ලෝකය හමුවට ගෙන යන්න. අප තරග කළ යුත්තේ ලෝකය සමගින්."සරත් වික්‍රම" අද සංගීත ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණ සංගීතඥයෙක්‌. ඔහු මෑතකදී ජාත්‍යන්තර කීර්තියට ලක්‌වූවා පමණක්‌ නොව එමගින් ශ්‍රී ලංකාවටද කීර්තිය අත්කර දුන්නේය. ඔහු ගැමි නාද ඇසුරෙන් නිර්මාණය කළ "සංවනියක්‌" ෆෝල්ක්‌ වින්ඩ් මියුසික්‌" නමින් පසුගියදා ඉදිරිපත් කළේය. ඒ විදේශීය වාදක මණ්‌ඩලයක්‌ සමඟ කොළඹ ලයනල් වෙන්ට්‌ඩ් කලාගාරයේදීය.
සරත් වික්‍රම කඩුගන්නාවේ උපන්නෙකි. කුඩා කල සිටම ඔහු හැදුනේ වැඩුනේ තබ්ලා, සර්පිනා සහ මැන්ඩලින් සමගය. ස්‌වෝත්සාහයෙන් වාදනය පුහුණු වූ සරත් ගමේ සාදවලට එක්‌විය. ගමේ රඟදැක්‌වූ "අංගුලිමාල" නාට්‍යයට සංගීතය නිර්මාණය කිරීමට ඔහුට අවස්‌ථාව ලැබුණේ පාසල් වියේදීමය.

වැල්ල නොපාගා රැල්ල පාගන්න ට්‍රයි කරන පැවිද්දෝ....!!!

නූතනයේ දොරින් දොර , ගමෙන් ගම, නගරයෙන් නගරය ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති බව බැලූ බැල්මට පෙනේ. අයෙක් මේ තත්ත්වය හඳුන්වන්නේ ජනප්‍රිය බුදු දහම නැතහොත් බෞද්ධ රැල්ල යනුවෙනි. මේ ව්‍යහාරය බැහැර නොකරන්නේ එහි සත්‍යතාවක් පවතින බැවිනි. අද භික්ෂූන් වහන්සේලා පමණක් නොව ගිහියෝද බණ දෙසති. භාවනා කරවති. නා නා මාදිලියේ පූජා කරති; කරවති. ඔවුන් අතරින් කෙනෙක් සෝවාන් මාර්ග - ඵලයට පත්වුණයි ද, කෙනෙක් රහත් භාවයට පත්වුණයිද තෙපලයි. අදෝමැයි! මේවා පිළිගන්නා අඳ බාල අනුගාමිකයන්ද ලක්දිව විසිරී සිටීම ශාසනික පැවැත්මට අතිශය දුර්දසාපාරන කාලයකි.

කරුපයියා මොකද මේ තරම් දඟලන්නේ ...!!! ජනතා අවධානයට...!!! මෙන්න හොරාගේ සැබෑ විස්තරේ ...!!!

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කල අමාත්‍ය කරුපයියා පිළිගැනීමේ උත්සවයක් එදින රාත‍්‍රියේ අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදි පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් රුපියල් 5000හේ නොට්ටු ලක්ෂ 2ක් පමණ අමුනා මාලාවක් පලවා රවී පිළිගත්තේ කවුරුන් විසින්ද....? එම අවස්ථාව සංවිධානය කළේ ලංකාවේ කුඩු ගෙන්විමේ නමක් තබා තිබේන මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත් බව අප අද අනාවරණය කරමු.මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත්‍රයා සමග මුදල් ඇමතිට ඇති සබඳතාවය කුමක්ද...?
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් සිටි මුදල් අමාත්‍ය කරුපයියා ඡන්දයට දින නියමවූ විගසම කොහුවල බන්දුල විරසිංහට අයත් BRJW Enterprises (Pvt) Ltd  හරහා

මිලියන් 65ක් වටිනා Jaguar Land Rover මොටර් රථයක් සහ මිලියන 145ක් වටිනා බන්දුලට අයත්ව තිබු බොල්ගොඩ ගඟට ආසන්නයේ පිහිටි ඉඩමක්ද මුදල් ගෙවා මිලදි ගෙන තිබේ.
හදිසියේම රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයක් අත් අඩංගුවට ගැනිම පසුපස ඇති රවි-මෛත්‍රී කතාවේ තවත් කොටසක් අද දිනය තුල අනාවරණය කර ගැනිමට අප  වාර්තාකරුට හැකි වි තිබේ.ඒ අනුව මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට ගෙනැවිත් ඇත්තේ සීනි රැගෙන එන මුවාවෙන් අතර එය ගෙන්විමට මුලික වු පිටකොටුව දෙවන හරස් වීථියේ පිහිටුවා ඇති සමාගමක් වන අතර (නම සදහන් නොකිරිමට එකඟ වි තිබේ.) එම සීනි කන්ටේනරය ආනයනය කළ සමාගමේ හිමිකරු වන දෙමළ ජාතිකයා (නම සදහන් නොකිරිමට එකඟ වි තිබේ) අප වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ වසර 40ක යක් සිනී ආනයනය කිරිමේ කිර්තිමත් සමාගමක් සතු තමන්ට කිසිම විටක සමගමේ නම සදහන් කරමින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය ගෙන එමට අවශ්‍යතාවක් නොමැති බවත් සීනී වැනි අතිශ්‍ය පාරිභෝගික අත්‍යවශ්‍ය ද්‍රවයක් ගෙන්විම හරහා සිය සමගම ලබන ලාබය පිළිබදව මුදල් අමාත්‍ය රවි කරුපයියා සිය අනසකට යට කර ගැනිම සදහා මෙම කූට මෙහෙයුම දියත් කර ඇති බවයි.

අර්ජුන මහේන්ද්‍රන් ගැන ළඟදීම යහපාලන තීන්දුවක්‌ ගන්නවා - අමාත්‍ය රාජිත සේනාරත්න කියයි...

හොරෙක් ගැන තව හොරෙක් ගෙන් තෝම්බුවක්...!!!


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්  තවදුරටත් එම තනතුරේ තබා ගන්නවාද යන්න පිළිබඳව යහපාලන ආණ්‌ඩුව ළඟදීම යහපාලන තීන්දුවක්‌ ගන්නා බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න ( සුදු රෙදි නැව් හොරා) පැවසීය.
අර්ජුන මහේන්ද්‍රන් මේ තනතුරට පත් කරන අවස්‌ථාවේ සිටම ඊට තමා දැඩි සේ විරුද්ධ වූ බවත් දැන් විවිධ පුද්ගලයන් ඔහුට විරුද්ධ වන්නේ ඔහුගේ ක්‍රියා කලාපයන් දැකීමෙන් පමණක්‌ බවත් කී ඒ මහතා තමා ඔහු හඳුනන්නේ 2002 එජාප රජය සමයේ සිටම බැවින් ඔහු පත් කිරීමට දැඩිව විරුද්ධ වූ බවත් කියා සිටියේය.

මවුලානා නොඑන ගමන් යයි..

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා  කොළඹ පුද්ගලික රෝහලකදී 15
පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
හිටපු ඇමතිවරයෙක් මෙන්ම කම්කරු නායකයෙකු වූ මවුලානා
මියයන විට වයස අවුරුදු 85කි.1932 වසරේ ජනවාරි 01 වැනිදා උපත ලද මවුලානා කම්කරු හා වෘත්තීය සමිති නායකයෙක් ලෙසත් සුවිසුල් කාර්යයභාරයක් ඉටු කළ අයෙකි.ඔහු ගැන විශේෂ ලිපියක් ...

සෝමවංශ අමරසිංහ කළ මෙහෙවර කෙටියෙන්...!!!

දශක පහකට ආසන්න කාලයක්‌ මුළුල්ලේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් නොනවතින

දේශපාලන අරගලයක යෙදුණු ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ   (15 දා) උදේ අභාවප්‍රාප්ත වූහ.  හදිසි හෘදයාබාධයකින්  (15 දා) අලුයම කොළඹ රාජගිරියේ පිහිටි සිය ඥති නිවසකදී අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු හැත්තෑ තුනකි.
පසුගිය දින කිහිපයේ දී සෝමවංශ අමරසිංහ  තරමක්‌ අසනීප තත්ත්වයකින් පසුවූ අතර හදිසි හෘදයාබාධයක්‌ හටගෙන ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.

ප්‍රාග්ධන බද්ද යළිත් එයි..!!!

ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමය නැවත හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. මීට අදාළව අගමැති

රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් කළ යෝජනාවකට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
පසුගිය දශක කිහිපය තුළ රටෙහි පෞද්ගලික ප්‍රාග්ධනයෙහි විශාල වර්ධනයක්‌ සිදුව ඇති බවත් මේ නිසා ආදායම් බෙදී යැමේ විෂමතාව වැඩිවී ඇති බවත් ඇමැති රාජිත සේනාරත්න පවසයි.
මේ තත්ත්වය නිවැරැදි කිරීම් සඳහා නව බද්ද හඳුන්වාදීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ කාරක සභාව ද එකඟතාව පළ කර ඇති බව ද හෙතෙම කීය.

Wednesday, June 15, 2016

සෝමවංශ අමරසිංහ දිවි සැරිය නිම කරයි..

ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ  අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත විය.
රෝහණ විජේවීරගේ මරණයෙන් පසු 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වන තෙක්ම අමරසිංහ එම පක්‍ෂයේ නායකත්වය දැරීය.

කොස්ගම තවත් අනතුරක් අතලඟ ...!!! අවධානයෙන්...!!!

පසුගියදා යහපාලන කුමන්ත්‍රණකාරීන් පුපුරුවාහැරි සාලාව අවි ගබඩාව අවට ජනතාවට තවත් අනතුරක් අත

ලගටම පැමිණ ඇති බව එම ප්‍රදේශයේම ජිවත් වන ප්‍රියංගික ගුණවර්ධන විසින් අනාවරණය කර තිබේ.
ඉකුත් දා සාලාව අවි ගබඩා සංකීර්ණයේ සිදු වූ පිපිරිම නිසා භීතියට පත් ජනතාවට තවත් අපලයක් ලගා වෙමින් පවතී.1994 වර්ෂයේ දී ඉහල කොස්ගම පිහිටුවන ලද රෝයල් ෆ්ර්න්වුඩ් පෝසිලෙන් ලංකා කර්මාන්ත ශාලාවෙහි ඇති ගෑස් ටැංකි 3 පිපිරීමේ අවදානමක් උද්ගත වුවහොත් ඒ සදහා කිසිම ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් නැති වීම මෙහි ඇති දරුණුම තත්වයයි.ඉතා උසස් තත්වයේ භාණ්ඩ නිපදවන ආයතනයක් වුවද මෙහි නිසි ආරක්‍ෂිත ක්‍රම අනුගමනය නොකිරීම දක්නට ඇති අතර අවට ප්‍රදේශ වාසීන්ට ගෑස් ටැංකි නොපෙනීම සදහා ඇස්බැස්ටෝස් තහඩු වලින් වැට ආවරණය කර තිබේ.

කෝටි 250ක කොකේන් අල්ලයි...!!! ගෙනවිත් ඇත්තේ හොර මුදල් ඇමති කරුපයියාගේ සමාගමකින්...!!!

ගෙනවිත් ඇත්තේ හොර මුදල් ඇමති කරුපයියාගේ සමාගමකින්...!!! නමුත් මේ වැටලීම නිසා තිගැස්සුන කරුපයියා වහා ඵතැනට පැමිණ ඇත්තේ ඵය නොදන්නවා මෙන් රඟපාමිනි.


කොස්ගම සාලාව යුධ හමුදාවේ හදවත බදුවු අවි ගබඩාව පුපුරුවා හැරි මොහොතේ සිට අද දක්වා ඒ සම්බන්ධයෙන් වචනයකුද කතා නොකල සිරිසේන ජනාධිපතිවරයා අද ඔරුගොඩවත්ත රේගු අංගනයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කොකේන් කිලෝ 85ක තොගයක් අත්අඩංගුවට ගැනිමේ අවස්ථාව් නැරැඹීම සදහා  පැමිණිම පිළිබදව රටේම ජනතාව මවිත වී ඇති අතර හදිස්සියේම මහ බැංකු ගිල්ල වැට් මෑන් සමග එම ස්ථානයට පැමිණිමෙන් සිරිසේන රටේ ජනතාවගෙන් වසන් කිරිමට ගියේ කුමක්ද යන්න දැන් අප අනාවරණය කිරිමට සුදානම්.

සමලිංගික විවාහ නීතිගත කරන්න නව ව්‍යවස්ථාවට නිර්දේශ කෙරේ..

මෙරට සමලංගිකත්වය නීතිගත කල යුතු බවට රජය විසින් නව ව්‍යවස්ථාවක් සෑදීමට මහජන අදහස් ලබා ගැනීම සඳහා පිහිටුවන ලද කමිටුව විසින් නිර්දේශ යෝජනා ලෙස ඉදිරිපත් කර ඇත.
කමිටු යෝජනාවලියේ ඇති අදහස් හා නිර්දේශ මෙසේය.

මේ ඇමතියන්ගේ ගෙවල් වටලන්න ඕනෑ.. උස්සාගෙන ගිහින් ගඟක මුහුදක දාන්න ඕනෑ. – නිර්මාල්

ඇමතිවරුන් අලූත් වාහනවල යන විට ජනතාව ඔවුන් ඔසවාගෙන ගිහින් ගගක මුහුදක දැමිය යුතු යයි ආචාර්ය

නිර්මාල් රන්ජිත් දේවසිරි  පවසයි.
ඇමතිවරැන් වාහන ගෙන්වීම සදහා අති විශාල මුදලක් වෙන් කිරීම ගැන ඔහු මෙසේ අදහස් පල කරයි.
ගයන්ත කරුණාතිලක, රාජිත සේනාරත්න කිව්වේ ඒ අයට ෆෝවීල් එන්ජින් ධාරිතාවය හොදම වාහන නැතිව මහජනතාවට සේවය කරන්න බෑ කියලා. දුෂ්කර පළාත්වලට යන්න බැහැ කියලා. ඒ අය කියන එක අපි පිළිගන්න ඕන. අපි ගිහින් ඒ අයව මහජන සේවයට ගෙනාවේ කොච්චර වැදලද...? ඒ අය පැත්තකට වෙලා ඉන්නකොට අපි ගිහින් බලහත්කාරයෙන් ඒ අයට වැදලා පුදලා අනේ ඇවිල්ලා ඇමතිකම ගන්න කියලා ඒ අයට බලෙන් ඇමතිකම් දුන්නේ. ඒ ගොල්ලෝ තමයි අයහපාලනය මොකක්ද කියලා කියන්නේ. ඒ අයට වැඩිය දෙයක් අපි දන්නවද? රාජිත සේනාරත්නලා, ගයන්ත කරුණාතිලකලා, රවී කරුණානායකලා තමයි යහපාලනය මොකක්ද කියලා දුන්නෙ. අපි දන්නේ නෑ. අපිට තියෙන්නේ ඒ ගොල්ලො කියන එකක් අහගෙන ඉන්න එක විතරයි.

යහපාලන අර්ජුනගේ අන්තඃපුර කතා හෙලිවේ.. වීඩියෝ සාක්‍ෂි මෙන්න.. [Video]

වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංග විසින් වරාය අධිකරියට අයත් බේරේ වඩු කාර්මික අංගනය තුල සිදු කරමින් ඇතැයි කියන අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් වරාය සේවක සංගම් විසින් මාධ්‍ය වෙත හෙළි කරන ලදී.
සේවක සංගම් නියෝජිතයින් පවසන්නේ මෙම වඩු කාර්මික අංගනය තුල කෝටි ගණන් වටිනා ගෘහ භාණ්ඩ ඇමතිවරයාගේ අන්තඃපුරයේ හොර අඹුවන් වෙනුවෙන් හදන බවයි.

මංගලයා සහ ඵකැස් චෞරී චන්ඳ්‍රිකා පසුගියදා හොර රහසේම ප්‍රංශයේ සංචාරයක ...!!!

මංගලයා සහ ඵකැස් චෞරී චන්ඳ්‍රිකා පසුගියදා හොර රහසේම ප්‍රංශයේ සංචාරයක නිරතව ඇතැයි අපට වාර්තාවේ.මෙසේ රජයේ නිළ සංචාරයක් සඳහා පැමිණ රට වෙනුවෙන් යැයි කියා සම ලිංගික සංවිධාන සමග ගිවිසුම් ද ගසා ඇති අතර ඵකැස් චෞරීයද සංහිදියාවේ මුවාවෙන් තවත් හොර ගිවිසුම් ගසා ඇත.
ඇයි මෙසේ අප්‍රසිද්ධියේ මේ ගමන ආයේ ඇයි යනුවෙන් විමසූ ලාංකිකයෙකුට පවසා ඇත්තේ .අපේ රටේ නූගත් මෝඩ හැත්තට ඕවා කලින් කීමේ තේරුමක් නැතැයි පවසා ඇත.

Tuesday, June 14, 2016

බොරු දේශපාලණ අනුකම්පා වානා ...නීතිය අනුවයි ඕනා...!!!

ගංවතුරෙන් සහ පිපීරීම් වලින් ආපදා වලට ලක් වූ පුරවැසියන් දැන ගත යුතු ආපදා නීතිය මිනීමැරුම්” ස්ත‍්‍රී

දුෂණ” කොල්ලකෑම් සම්බන්ධව දඩුවම් දීමට නීති පනවා ඇති ආකාරයට ගංවතුරෙන්” පිපිරීම්වලින්” නායයාමෙන්” නියගයෙන් ”ගින්නකින්” ටොනෝඩෝවකින් පීඩා වූවන් ට වන්දි හිමිවන නීතියක් වර්ෂ 2005 දී ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මතකර ඇති බව ඔබ දන්නවාද...?
ආපදා/ ව්‍යසන වලින් විපතට පත් සියලූ දෙනා මේ ආපදා නීතිය පිළිබද දැනුවත් වීම ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සහ විපත් සදහා සූදානම් වීමටත් වන්දි ලබා ගැනීමටත් හේතු වෙයි.විස්තර සහිතයි

වලත්ත වල්විදානේ කා තැනම පහරයි. හමුදාවටම අවඥා කරයි...!!!

සාලාව කඳවුර පිපිරුවේ හමුදාපතිවරුන් ප‍්‍රිය සම්භාෂණ, ආලිංගන නටමින් සිටී  හින්දයි .. – ෆොන්සේකා හෙලි කරයි..කොස්ගම සාලාව යුද හමුදා කඳවුර පුපරා යාමට හේතු වූයේ තමන්ගෙන් පසු හිටපු හමුදාපතිවරුන් ප‍්‍රිය සම්භාෂණ, ආලිංගන නැටුම් නටමින් කල් ගත කිරීම බව ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා පවසයි. එම පිපිරුමට මෙම රජයේ වගකීමක් නොවන බවද ඔහු කියා සිටී. වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.