ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 15, 2016

ITN නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ලක්හඩ) O/L අසමත්....!!!

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයම දිනෙන් දින අවුලට ඇද වැටෙන බව පසුගිය මාස කිහිපය පුරාම වාර්තා පලවිය. අද වන විට සමස්ථ රූපවාහිනී අතරින් 4 වැනි තැන පසු වන ITN පසුගිය මාසයට වඩා තවත් 1% කින් නාලිකා ප්‍රතිශතය පහත වැටී ඇත. එනම් ITN නාලිකා ප්‍රතිශතය 7.2% කි. මේ තත්ත්වය මත වුවත්

ආයතනයේ කිසිඳු කඩා වැටීමක් සිදු නොවන බව වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු  පවසයි. එහෙත් මේ වන විට අළෙවි අංශයේ මාසික ආදායමේ සාමාන්‍ය අඩුවීමක් පෙන්නුම් කරයි. මෙවර වෙසක් වැඩසටහනේ ආදායම පෙර වසරට වඩා අඩුවීම වැළැක්විය නොහැකි බව අළෙවි නිළධාරීන් ප්‍රකාශ කරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ නාලිකාවේ ස්ථානය සහ නාලිකා ප්‍රතිශතය සීග්‍ර ලෙස කඩා වැටීමයි.
මේ තත්ත්වයට සභාපති ප්‍රමුඛ අධ්‍යක‍ෂ මණ්ඩලය මෙන්ම යහපාලන ආණ්ඩුවද වගකිව යුතු බව ITN සේවකයෝ පෙන්වා දෙති. පසුගිය පාලන සමයේ ITN තුළ සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සේවක පැමිණිලි 400 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනත් ඒ කිසිවක් සඳහා ප්‍රතිචාර දැක්වීමට වත්මන් පාලන අධිකාරිය කටයුතු කර නැත. සෑම අවස්ථාවකම වාගේ ස්වාධීන රූපවාහිනි සේවයට පත්වන සභාපතිවරුන් නොමග යවමින් එක් එක් අයගේ වංචා දූෂණ යටපත්කර ගැනීමට ඔවුන් සමත්වී ඇත.

එහි ප්‍රබල අර්බුධය නම් සුදුසුකම් නැති අයට සහකාර කළමනාකරණ, කළමනාකරණ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු පිරිනැමීමයි. දැනට ITN හි කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ලක්හඩ) අශෝක කරුණානායක සාමාන්‍ය පෙළ ද අසමත් අයෙකි.  සාමාන්‍ය පෙළ අසමත්වීම හේතුවෙන් කොළඹ නාලන්දා විදුහලෙන් උසස් පෙළට මුහුණ දීමේ වරමද ඔහුට අහිමිවී ඇත. වෘත්තීය සුදුසුකමක් ලෙස ඔහුට ඇත්තේ ශ්‍රී ජානරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් ජනමාධ්‍ය සඳහා ලබාගත් ඩිප්ලෝමා සහතිකයක් සහ ගුවන් විදුලියේ නිවේදකයෙකු ලෙස සේවය කිරීම පමණි.
මෙවන් අයෙක් ලක්හඩ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම ලක්හඩ වසරින් වසර පාඩු ලැබීමට ප්‍රධානම බලපෑමක් සිදු කරයි. 2010 වසරේ සිට 2015 දක්වා ලක්හඩ ලබා ඇති මූල්‍ය පාඩුව රු. මිලියන 220 කි. අද ලක්හඩ ගුවන් විදුලිය රැඳී සිටින්නේ 14 වන ස්ථානයේය. අශෝක කරුණානායක හමුවේ චෝදනා රාශියක් එල්ලවී ඊට චෝදනා පත්‍ර ද ගොනුකර ඇති මොහොතක ඔහු අදටත් ලක්හඩ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. අද ඔහුට ආරක‍ෂාව සපයන්නේ සභාපති හේමසිරි ප්‍රනාන්දුය. පෙර රජයේදී ඔහුගේ ආරක‍ෂකයා වූයේ හිටපු ජනාධිපතිවරයාය. ඒ අශෝකගේ බිරිඳ වන ගුවන් විදුලියේ වැඩසටහන් ප්‍රධානී මයුරි අබේසිංහගේ මාර්ගයෙනි.
මයුරි අබේසිංහගේ බාල සොහොයුරා බර්නන්  අබේසිංහ ITN හි කළමනාකාර සහකාරවරයෙක් ලෙස සේවය කරයි. පලාතුව ගුණරතන මහා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණදුන් ඔහුද ගණිත විෂය අසමත්ය. ඔහුට සාමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථ 2ක් (සිංහල හා ඉතිහාසය) පමණක් ඇත. දැනටත් අළෙවි අංශයේ කළමනාකාර සහකාරවරයෙකු ලෙස සේවය කරන බර්නන් සාමාන්‍ය පෙළද අසමත්ය. ඔහුට කිසිදු උසස් අධ්‍යාපන හෝ වෘත්තිය අධ්‍යාපන සුදුසුකමක් ද නොමැත. එහෙත් සභාපතිවරුන්ගේ ආශිර්වාදයෙන් සැමදා ඔවුන් වැජඹෙන බව ITN සේවක සංගමය පවසයි. වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු ගේ ආශිර්වාදයෙන් ඔහුගේ ත්‍රිරෝද රථයක් අළෙවි අංශයටත් වෑන් රථයක් පාලන අංශයටත් යෙදවීමට ඔහුට හැකි වී ඇත.
කෙසේ වෙතත් තනතුරට අදාළ සූදුසුකම් යට ගැසීම සඳහා මෙන්ම මෙවන් අයතා කටයුතු සඳහා සභාපතිවරයාගේ ආශිර්වාදය සහිතව සහය වන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) සංජීවනී ඈපා බව ITN සේවක සංගමය පෙන්වා දෙයි.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) තනතුර සඳහා ITN ප්‍රකාශයට කළ සුදුසුකම් සංජීවනී ඈපාට නැති බවයි සේවකයින් පවසන්නේ. ඇයගේ පශ්චාත් උපාධි ප්‍රථීඵලය මේ වනතෙක් තහවුරු කිරීමටද ඇය අසමත් වී ඇතැයි සේවකයින් පවසයි.
තවද මහින්ද රාජපක‍ෂ පාලන සමයේ විවිධ හේතු මත සහකාර කළමනාකාර හා කළමනාකාර තනතුරු ලැබූ ඇතැම් අයට එම තනතුරට අදාළ සුදුසුකම් නැති බව ITN සේවක සංගමය පෙන්වා දෙයි. වැඩසටහන් කළමනාකාරු(ලක්හඩ), වැඩසටහන් කළමනාකාරු (ITN) , සහකාර කළමනාකාර (කැමරා), සහකාර කළමනාකාර (පරිඝණක සජීවීකරණ) තනතුරු දරණ පිරිසට එම චෝදනා එල්ල වේ.

සුදුසුකම් නැති අය සුදුසුකම් හා කුසලතා ඇති අය පාලනය කරද්දී, ආයතනයේ තීරණ ගනිද්දි ආයතනයක දියුණුව සහතික විය හැකි දැයි සේවකයින් පාලනාධිකාරියෙන් මෙන්ම ආයතනයේ ඍජු අධීක‍ෂකයා වන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ද ප්‍රශ්න කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.