ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 21, 2016

මුද්‍රිත වෙසක් කාඩ්පත් ඉතිහාසය...!!!

මීට දශක පහකට හයකට පෙර බොහෝ විට වෙසක් සුබ පැතුම් පත් යැවුණේ අතින් සිතුවම් ඇඳ කවි පදයකුත් ගළපා ලියා මුද්දරයක් ගසා තැපැල් කිරීමෙනි.
ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් සමගම මුද්‍රිත වෙසක් කාඩ්පත් වෙළෙඳ ‍පොළට පැමිණියේය. නානා විධ වර්ගයෙන් හා සිතුවමින් යුතු වෙසක් කාඩ්පත් මිටි පිටින් මිලට ගෙන තම හිත මිතුරන් හැම කෙනෙකුටම සිරිතක් ලෙස යැවීම කෙරුණේ අදින් බොහෝ කලකට පෙරය.
සන්නිවේදනය සඳහා නව තාක්ෂණික ක්‍රම පැමිණීමත් තැපෑලෙන් ලියුම් හුවමාරුව ක්‍රම ක්‍රමයෙන් අඩු වීමත් සමග වෙසක් පත් හුවමාරුවද ක්‍රම ක්‍රමයෙන් අඩුවී  ගියේය. එහෙත් තවමත් වෙසක් සුබ පැතුම් පත් මුද්‍රණය නැවතී නැත. තවමත් කොළඹ හෙට්ටිවීදියේ සාප්පු කිහිපයක ජයටම වෙසක් සුබ පැතුම් පත් මුද්‍රණය කෙරේ. එහෙත් එදාට වඩා අද වෙසක් පත්වල ස්වභාවය වෙනස්ය. අද සත පනහට රුපියලට ගන්නා වෙසක් සුබ පැතුම් පත් නැති තරම්ය. වැඩි වශයෙන් තිබෙන්නේ රුපියල් සියයකට පමණ මිල කර ඇති ඩිජිටල් තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලද විශාල ප්‍රමාණයේ වෙසක් පත්ය.

අද කාලයේ මුද්‍රිත වෙසක් සුබ පැතුම් පත් ගැන සොයන්නට අප ගියේ කොළඹ හෙට්ටිවීදියේ පැරණිම වෙළෙඳ සාප්පු කිහිපයක් වෙතටය. මීට දශක කිහිපයකට පෙර වෙසක් සුබ පැතුම් පත්වල අගින් සඳහන් වූ ඒ වෙළෙඳ නම් අදත් බොහෝ දෙනකුට මතක ඇති බවට සැකයක් නැත. දුමින්ද එරන්ද තලෙයි මගල්, සුජිකලා සහ රෝයල් එවැනි වෙසක සුබ පැතුම් පත්වලට නම් දැරූ සාප්පු කිහිපයකි. ඔවුන් සියලු දෙනාම දෙමළ ජාතිකයන් වීම විශේෂයකි.
වසර හතළිහකට පෙර ආරම්භ කළ සුජිකලා ආයතනයේ හිමිකරු රාජා  ඔවුන්ගේ සාප්පුව පටන් ගත් හැටි අප හා පැවසුවේ මෙලෙසිනි.
“මම මේ සුජිකලා ආයතනය පටන් ගත්තේ 1973 අවුරුද්දෙයි. ඒ කා‍ලේ මගේ අනිත්් හවුල්කරු වුණේ ලංකාවේ කොයි කවුරුත් හඳුනන ඩීමන් ආනන්ද මහත්තයයි. මගේ පදිංචිය බදුල්‍ලේ ඒ දවස්වල ඩීමන් ආනන්ද මගේ හොඳ යාළුවෙක්. අපි එකතු වෙලා සුජිකලා එක පටන් අරන් වෙසක් කාඩ් වෙසක් ‍පෝස්ටර් මුද්‍රණය කළා. ඒ දවස්වල අපේ ආයතනයට සම්බන්ධ වෙලා චිත්‍ර ඇඳීම කළේ ගුණරත්න ජයකොඩි කියන සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා. ඔහු තවත් ආයතනවලට චිත්‍ර ඇන්දා. දැන් ඔහු මිය ගිහින්. නමුත් තවමත් ඔහුගේ චිත්‍ර අතුරින් තමා අපි වෙසක් කාඩ් ‍පෝස්ටර් නිර්මාණය කරන්නේ. දැන් නම් වෙසක් කූඩු වර්ගත් නිර්මාණය කරනවා.”
වර්තමානය වන විට වෙසක් සුබ පැතුම්පත්  බෞද්ධයන් අතර පමණක් නොව කිතුනුවන් අතරද ජනප්‍රිය බව හෙට්ටිවීදියේ වෙළෙන්දෝ පවසති.

කිතුනු අය බෞද්ධයන්ට නත්තලට සුබ පතලා කාඩ්  එවනවා වගේ බෞද්ධ අයගේ වෙසක් උත්සවවලට සුබ පතලා කාඩ් යවනවා. නත්තල් කාඩ් වගේම වෙසක් කාඩ් තමා විශාල වශයෙන් අලෙවි වන්නේ ගාල්ල,මාතර, නුවර,අනුරාධපුරය, බදුල්ල, මීගමුව, ඇතුළු නගරවල විශාල වශයෙන් අලෙවි වෙනවා. මෙහි මුද්‍රණය කරන කාඩ් තමා ලංකාව පුරාම බෙදා හරින්නේ පාසල්
ළමුන් අතර විශාල වශයෙන් වෙසක් තැපැල් පත් අලෙවි වනවා. නමුත් 2005 වසරෙන් පසුව සුබපැතුම් පත් අලෙවිය අඩු වුණා. මේ වෙද්දි හුඟක් ඈත පළාත්වල අලෙවි වුණත් නාගරික ප්‍රදේශවල අලෙවි වන්නේ නැහැ. කොළඹ ප්‍රදේශයේ මහරගම,කොට්ටාව ප්‍රදේශවල අලෙවි වනවා.”
හෙට්ටිවීදියේ රෝයල් ආයතනයේ හිමිකරු අගිලන් පැවසුවේ එසේය.
“වෙසක් සඳ නැගෙයි පායා ගගන ගැබේ
නෙත් හැර බලනු මැන එහි මුදු සිසිලස ඔබේ
ලොව් තුරා මිහිරියාවෙන් මල් පිපෙයි ඉබේ
වෙසඟේ පතන්නෙමි සමිඳුනි සෙවන ඔබේ

ඒ වෙසක් සුබ පැතුම් වල දකින්නට ලැබෙන කවියකි. වෙසක් සුබ පැතුම් පත් සඳහා කවි නිර්මාණ එවීමද එකල ජනප්‍රිය විය. තිලකරත්න, කුසල් එස්.රානිගේ, ඊබට් අමරසේන වැන්නවුන් එකල කර්තෘ භාගය රුපියල් විසි පහක් අයකර මෙම ආයතනය සඳහා සිය කවි නිර්මාණ ලබාදී තිබේ. වර්තමානයේදිත් එසේ කවි බාරගන්නා බව සුජිකලා ආයතනයේ රාජා  පැවසුවේය.
1906 දී මුද්‍රණාලයක් ලෙසත් ආරම්භ කළ මෙයිහණ්ඩාන් ආයතනය මුලින් කළේ දුමින්ද එරන්ද කලෙයිමගල් වැනි
ආයතනවල වෙසක් සුබ පැතුම් මුද්‍රණය පමණි. නමුත් එය වැසී ගිය පසු මීට වසර 40ක පෙරදී ඔවුන්ද සුබ පැතුම් පත් නිර්මාණයට අත ගැසුවේය.
“1968 දී පමණ අපි වෙසක් කාඩ් මුද්‍රණය පටන් ගත්තා. ඊට පස්සේ තමා කාඩ් මුද්‍රණය කළේ. ඒ කා‍ලේ සත දහයේ ඉඳලා රුපියල් දහය විතර මුදල් වලට අලෙවි කළා.
දැන් නම් රුපියල් දහයේ ඉඳලා රුපියල් සියය දක්වා මිලකට වෙසක් කාඩ් තියෙනවා.”
මෙයිහණ්ඩාන් ආයතනයේ හිමිකරු අරුල් මහතා එසේ කියන්නේය.
මෙම සුබ පැතුම්පත් මූලිකවම වෙසක් ‍පොහොය තේමා කරගෙන නිර්මාණය වූ ඒවාය. එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියට යහපත් පණිවුඩයක් ලබා දීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
අපි දෙමළ වුණාට අපිත් බෞද්ධ ආගම අදහනවා. හරියට හින්දු ආගම වගේමයි. අපි මෙහෙම මුද්‍රණය කරනවාට සිංහල අයගෙන් කිසිම විරුද්ධත්වයක් නැහැ. ගොඩක් සිංහල අය තමා මෙහෙම ඇවිත් තොග විදියට කාඩ් පත් අරගෙන යන්නේ. මේ කාඩ් ආගමික නිර්මාණයක් ලෙසයි අප කරන්නේ. සෑම වසරකදීම නිර්මාණ අලුත් වෙනවා. මිනිසුන්ගේ සිත් ඇද ගන්නා විදියට මේවා නිර්මාණය කරන්න අපි සැලකිලිමත් වෙනවා. ජාතක කතාවක්, බුදු සිරිතේ වැදගත් අවස්ථාවන්, ආගමික ස්ථාන, තොරන් ආකෘති, වැනි දේවල් උපුටා ගෙන සුබ පැතුම් පත් නිර්මාණය කරනවා.
සුජිකලා හි රාජා මහතා වැඩිදුරටත් එසේ කියන්නේය.
වෙසක් සුබ පැතුම් පතට බොහෝ විට යොදා ගන්නේ බුදු පිළිම, නෙළුම් මල්, මානෙල් මල්, විහාර ෙචෙත්‍ය වැනි දේය. නමුත් වර්තමානයේදී විවිධ සමනලුන්, රෝස මල් වැනි දේ යොදාගෙන තිබුණු අතර බුද්ධ රුවට වැඩිය ඒවාට තැනක් ලැබි තිබෙනු පෙනෙන්නට තිබුණි.
අද ගොඩක් අය මේ කාඩ් ගන්නේ මැද පෙරදිගට යවන්නයි. බුදු රුව සහිත නිර්මාණ මැද පෙරදිගට යවන්න තහනම්. ඒ නිසා රෝස මල් සමනල්ලු, වැව් ගංගා, වැනි දේවල්වල ඡායාරූප යොදාගෙන කාඩ් නිර්මාණය කරනවා.”
රෝයල් ආයතනයේ අගිලන් එසේ පැහැදිලි කළේය.
සාමාන්‍යයෙන් එක් ආයතනයක් විසින් වෙසක් පත් ලක්ෂ 30ක් පමණ මුද්‍රණය කරන අතර එයින් ලක්ෂ 20 ක් පමණ මුද්‍රණය සඳහා භාවිත කරන්නේ බුදු රුවයි. එහිදී වෙසක් පත් පූජනීය බව රැක ගන්නට ඔවුන් වෙහෙසෙන බවද වැඩිදුරටත් කීවේය. එලෙසම ඔවුන් පැවසුවේ තවත් වසර පහක් පමණ ගත වෙත්ම මෙම වෙසක් සුබපැතුම් පත් ලොව ජනතාවගෙන් තවත් ඈත්ව යන බවකි.
කෙසේ නමුදු තවමත් පෙර පරම්පරාවේ උදවිය තම දරු මුනුපුරන්ට වෙසක් සුබ පැතුම් පත් යැවීම අමතක කර නැත. අද තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙක් ඊ මේල් හරහා සහ ෆේස් බුක් වැනි සමාජ වබේ අඩවි හරහා ඩිජිටල් සුබ පැතුම් පත් යැවීමට ප්‍රිය කරති. තවත් කාලයක් යන විට මුද්‍රිත වෙසක් කාඩ්පත් තැපෑලෙන් යවන කෙනෙකු සොයා ගැනීමට අසීරු වුවහොත් එයද පුදුමයක් නැත.


අකිලා නදීශානි බණ්ඩාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.