ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 4, 2016

වාහන ආනයනය අත්හිටුවයි.. ව්‍යාපාරය හාන්සියි..!!!

 Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි..

මෙරට වෙළඳපලේ වර්තමානය වන විට වාරහන මිල ගනන් විශාල ලෙස ඉහල ගොස් තම කර්මාන්තය කඩා වැටෙන තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සම සභාපති කෝකිල දීකිරිවැව  පවසන්නේ ටොයෝටා ඇක්වා මෝටර් රියක් අද ලක්ෂ 48 ක්, ප්‍රියස් රථයක් ලක්ෂ 59 ක්, හොන්ඩා ෆිට් රියක් ලක්ෂ 49-50ක්, වෙසල් රථයක් ලක්ෂ 70ක් ණ මිලක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
පසුගිය මාසවලදීද වාහන වෙලඳපල විශාල වශයෙන් කඩා වැටුනු බවත් දිගටම රුපියල බාල්දු වීම මීට ප‍්‍රධාන වශයෙන් බලපා ඇතැයිද පවසන සම සභාපතිවරයා රේගු තක්සේරුවේදීද ඉහළ මිලක් නියම කිරීමද බලපා ඇතැයිද කියා සිටියේය.

මේ අතර විදුලි මෝටර් පැනවූ විශාල බද්ද හේතුවෙන් එම වාහන අලෙවිය මුළුමනින්ම බිඳ වැටී ඇතැයිද පවසන ඔහු අද වන විට නිසාන් ලීෆ් රියක් රුපියල් ලක්ෂ 50ක් පමණ වන්නේ යයිද පැවසීය.
මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ  පවසන්නේ මෙරටට වාහන ආනයනය තිරීම තවත් මාස කිහිපයක් යන තුරු අත්හිටුවන බවයි.
 ඉදිරි මාස 6 ඇතුළත මෙරටට
ජපන් වාහන ගෙන්වා හමාරයි

මේ මාසයේ සිට ඉදිරි මාස 6 ක කාලය තුළ ශ්‍රී ලංකාවට ජපන් වාහන ආනයනය කිරීම නවතා දමන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධ මාධ්‍ය හමුවක්‌ පවත්වමින්  (04 වැනිදා) පැවැසීය.දිගින් දිගටම වාහන මිලෙහි වෙනස්‌වීම් (උච්චාවචනය) වීම වාහන ආනයනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබීම මෙම තීරණයට හේතුවූ බව ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිංචිගේ පැවැසීය.
වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ
මෙරිංචිගේ මෙසේද කීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ රථවාහන ආනයනකරුවන් මුහුණ දී සිටින විශාලතම ගැටලුව වන්නේ විදේශ විනිමය උච්චාවචනය වීමයි. විශේෂයෙන් ජපානයේ යෙන් අගය මෑත කාලයේ ශීඝ්‍ර ලෙස උච්චාවචනය වීම වාහන ආනයනය කෙරෙහි විශාල වශයෙන් බලපා තිබෙනවා. මේ හේතුවෙන් ජපානයෙන් ආනයනය කරනු ලබන කුඩා ප්‍රමාණයේ හයිබ්‍රිඩ් මෝටර් රථයක්‌ පවා වරායෙන් නිදහස්‌ කරගැනීමේදී රුපියල් ලක්‍ෂ 3 1/2 ත් 5 ත් අතර වැඩිපුර බදු මුදලක්‌ ගෙවිය යුතු වෙනවා. මෙම තත්ත්වය දරාගත නොහැකිවීමෙන් වාහන ආනයනකරුවන් මේ වනවිට තම ව්‍යාපාර බංකොලොත්භාවයට පත්වීමේ අවදානමට මුහුණ දී සිටිනවා.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.