'මහින්ද
රාජපක්ෂලාට බිය නොවූ අපි ඒ අයගේ ගැත්තන්ට යටත් වන්නේ
නැතැයි' රජයේ වෛද්‍ය
සුදු රෙදි නැව් හොරා එසේ පැවසුවේ ළමා හා මාතෘ රෝහලට සහ කළුතර මහ රෝහලේ මහල් හතකින් යුතු වාට්ටු ඇතුළු ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ සුදු රෙදි නැව් හොරා මෙසේ ද කීය.මම වසර 15 ක් වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කළ කෙනෙක්. මම කවදාවත් පත්වීම්වලට අත ගැසුවේ නැහැ. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් කර ඇත්තේ විශ්වවිද්‍යාලයේදී ඒ ඒ අය ලැබූ ලකුණු ප්‍රමාණය අනුව නීත්‍යානුකූල විදියටයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය තමන්ට අවශ්‍ය පරිදි ඒ පත්වීම් දෙන්න හදනවා.
වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරුන් නැතිව ගම්බද රෝහල් 40 ක් වැසී ගිහින්. ඒ අනුව එක එක අයගේ මාෆියාවලට යටවෙන්න බැහැ. වතු රෝහල් රැසක් වෛද්‍යවරුන් නැතිව වැසී ගියා. උතුරේ හැම රෝහලක්ම පළමු වරට ඇරෙන්නේ මේ වතාවේයි.
වෘත්තීය සමිති කළ කාලයේ මම හැසිරුණේ මේ වගේ අය එක්ක නොවෙයි. මහා පරාක්‍රමබාහුට පසුව ආ මහා ඡේ. ආර්. සමඟ. රණසිංහ ප්‍රේමදාස සමඟ. මේ අය කතා කරන්නේ ගමේ රෝහලට වෛද්‍යවරු නැති එක ගැන නොවෙයි. අපි මාතෘ සායන 900 ක් හදන්නේ ගම්වල සෞඛ්‍ය සේවාව දියුණු කරන්නයි.