අද ආණ්ඩුව කරන සියලු දේට
වගකිව යුත්තේ අද රිලවුන් බවට පත්ව ඇති මේ නරින් ය. ලංකාවේ
අලුත් පරපුරේ මහා රැඩිකල් පොරවල් සහ ඔවුන් සමග සිටින ආචාර්යවරුන්ට ලංකාවේ ලොකු ම ප්රශ්නය ලෙස පෙනෙන්නේ ඔවුන් ලංකාවේ ඇතැයි කියන සිංහල බෞද්ධ ආධිපත්යරයි. ඔවුන්ගේ ශාස්ත්‍රීමය බසින් සිංහල බෞද්ධ හෙජමොනියයි. එසේ වුනත් ජනතාව ඉදිරියට ඇවිත් මාධ්‍ය සාකච්චා පවත්වා මේ හෙජෝමොනි බයිලා කියන්නේ කෙසේ ද ? ලොවෙත් නැති සිංහල බෞද්ධ ආධිපත්‍යක් පැරදවීමට යයි සිංහල ජනයා එකතුකරගන්නේ කෙසේ ද ?
සිංහල විරෝධය වසාගෙන ඒ වෙනුවට ඊනියා යහපාලනයක් හා ඊනියා ප්රජාතත්රවාදයක් මාධ්‍ය නිදහසක් ගැන කියමින් ජනතාව ඇන්දවීම අලුත් පරපුරේ හා සාධාරණ සමාජයේ ආචාර්යවරුන්ගේ නරි නාටකය විය. සාරුවා සුනිල් ලා ගෙන් මර්වින් සිල්වාලාගෙන් රට ගලවාගැනීම ෆෙස්බුකියේ හා ජනතා විමුක්ති පෙරමුණේ නරි නාටකය විය. මොහොමඩ් මහින්දගෙන් සිංහලකම ගලවාගැනීම චම්පිකලාගේ නරි නාටකය විය. මේ සියල්ල අවසානයේ ජනවාරි 8 නරි විප්ලවය ඇති විය.
නරි නැටුම් වලට අපේ ජනතාවගෙන් කොටසක් රැවටීමේ ප්‍රතිපලය ලෙස මෛත්‍රිපාල ජයග්‍රහණය කල දවසේ පටන් මේ නරින් ක්‍රමයෙන් රිලවුන් බවට පත්වුණු ආකාරය අපි දැන් විමසා බලමු.
මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් රට කෑලි කිරීමේ නව ව්යහවස්ථාවක් සම්මත කරගැනීම සඳහා යු එන් පී ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක වීම අනිවාර්ය සිදු වීමක් බව අප බොහෝ දෙනෙක් ජනාවරි 8 නරි විප්ලවයට පෙර ම කීවෙමු.
එහි පළමු පියවර හැටියට ඊනියා ප්රජාතත්රවාදයේ තරම කියාපාමින් පරාජයට පත් ලක්ෂ පනස් අටක් ජනයා දේශපාලන අනාථයන් බවට පත්කරමින් චන්දයෙන් දිනු අපේක්ෂකයා චන්දයෙන් පැරදුනු පක්ෂයේ නායකත්වය සියතට ගත්තේ ය. අලුත් පරපුරේ හා ඊනියා සාධාරණ සමාජයේ න්‍යායාචාර්ය නරින් ට මේවා ලොකු ප්‍රශ්න නොවී ය. අපට දේශපාලන අනාථයන් යයි කියමින් කෝචෝක් දැමීම මගින් මේ ක්‍රියාව සමග මේ නරින්ගෙන් බොහෝ දෙනෙක් එකතු විය. අද මේ පිරිස නියම දේශපාලන අනාථයන් බවට පත්ව ඇත.
ඔවුන්ට තිබු එක ම ප්රශ්නය වුයේ සිරිසේන ජනාධිපති තමන්ට පසුපස හරවන්නේ ද යන්න පමණකි. අගෝස්තු 17 චන්දය ආසන්නයේ මෛත්‍රීපාල පඹයකු මෙන් එහෙට මෙහෙට වැනෙමින් සිටින විට ඔවුන් ගේ ලොකුම ප්රශ්නය වුයේ එයයි. අවසානයේ මෛත්‍රීපාල ගේ වියරු රංගනය මොවුන්ගේ හදවත් වලට ලේ පොදක් එක කිරීමට සමත් විය. මෛත්‍රීපාල එදා මහා මැතිවරණයේදී එසේ ගේම් ගැසුයේ මහින්ද සමග නොව මහින්ද විසින් නියෝජනය කල ජනයා සමග වීම ඔවුන්ගේ ඊනියා ප්රජාතන්ත්රමවාදයට ප්‍රශ්නයක් නොවී ය. අලුත් පරපුර එකල සහය දුන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මේ මහා දේශපාලන ගේම බෙහෙවින් වර්ණනා කලේ ය. මෙය මහා ගේමක් නොව දේශපාලන විලිලජ්ජා නැතිකමකි. මෛත්‍රීපාල වැනි මොලේ කළදක් නැති මිනිසෙකුට ගේම් ගැසීමේ හැකියාවක් නැත. මෙවැනි දෙකේ පන්තියේ වැඩ මිට පෙර කිසිවෙකුත් කර නැත්තේ ලැජ්ජාව පිලිබඳ ප්රශ්නය නිසා ය. අන්තිමට නැවත වතාවක් ලක්ෂ හතලිස් හතකට කොකා පෙන්නා ජාතික ආණ්ඩුව බිහි වු අතර අගමැතිකම් විපක්ෂනායකකම් ආදී සියලු දේ ලක්ෂ හතලිස් හතෙන් පිට ඉතා සමගියෙන් බෙදා ගැනුනි. සිංහල බෞද්ද හෙජමොනිය පැරදවීමේ තීරණාත්මක කාර්යය වන මෙය හමුවේ ඊනියා ප්රජාතන්ත්රවාදය එතරම් වැදගත් වන්නක් නොවන බව ජනවාරි 8 අත්දැකීම් සමග අප එවකට තේරුම් ගෙන සිටි බැවින් මේවා ගැන අලුත් පරපුරෙන් හෝ හරි සාධාරණ සමාජයෙන් මොනවත් නො ඇසුවෙමු.
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන අවසානයේ අලුත් පරපුරට හා හරි සාධාරණ සමාජයට පසුපස පෙන්නුවේ ය. ඒ කවදාද ? සාරුවා සුනිල් තමන් ලඟට ගත් දවසේ ද ? විය නොහැක. මර්වින් සිල්වා එවකටත් ආරක්ෂිතව හොදින් සුවසේ සිටි අතර හසිත මඩවල කනත්තේ සුවසේ සිටියේ ය. එවැනි තත්වයක් තුල සරුවා සුනිල් ල පමණක් ප්‍රශ්නයක් ද ? අනෙක් අතට ගෝනවල සුනිල් ට ගැහැණු දරුවකු දුෂණය කිරීම සඳහා ජනපති සමාව හා සාම විනිසුරු ත්යාඅග ලබාදීමට හේතු වු රනිල් වැනි අගමැතිවරයෙකු ම සිටින තැනක සාරුවා සුනිල් වැනි හුදු නාගරික මන්ත්රීිවරයෙක් ප්‍රශ්නයක් විය නොහැක. එසේ නම් කමල් ඉන්දික ? විය නොහැක. . මිට පෙර මෙවැනි බොහෝ දේ වලට අලුත් පරපුර උගුරට හොරා සහය දුන්නේ ය. අලුත් පරපුර වැනි සමාජය ගැන සිතන සංවිධානයක් තමන් එතෙක් සහය දුන් සිංහල බෞද්ධ හෙජමොනිය පැරදවීමේ ඒ මහා පුණ්‍ය කර්මයේ තවත් එක දිගුවක් ලෙස කමල් ඉන්දික ආණ්ඩුවට ගන්නා විට පුද්ගලික කොන්තරකම් ගැන හිතනවා විය නොහැක. එසේ නම් ඒ කවදා ද ?
ඒ මෛත්‍රීපාල සිරිසේන සිංහල බෞද්ධ කතා කීමට පටන් ගත් දවසේ සිට ය. සිංහල බෞද්ධ හෙජෝමොනියක් පැරදවීමට පැමිණි පිරිසට මේවා ඉවසිය හැකි ද ? හෙජෝමොනිකාරයන් මෛත්‍රීපාලව තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කලේ මේ සමග ය. එතෙක් කල් දේශපාලනයේ සිටින බොහෝ දෙනා තේරුම් ගෙන සිටි මෛත්‍රිපාලගේ විකට චරිතය ඔවුන්ට විකට චරිතයක් වුයේ එදා සිට ය. බයියන් හම ගැසීමට ගෙනා එකා බයියෙකු වන විට ඉවසිය හැකි ද ? මේ සමග ම බොරු මධ්යස්ථකමක් පෙන්වන අතර උගුරට හොරා සහය දීමට ඉතුරු වී තිබු එක ම පිදුරු ගස ද ඔවුන්ට නැති වී ඇත.
අද ආණ්ඩුව කරන සියලු දේට වගකිව යුත්තේ අද රිලවුන් බවට පත්ව ඇති මේ නරින් ය. ලංකාවේ ඓතිහාසික ව අනෙක් පක්ෂ නිවාස වලට වඩා ගව් ගණනකින් වාසි සහගත පක්ෂ නිවාස දෙකම කුමන්ත්රණකාරී ලෙස එක පිරිසක් අතට ගෙන ඇමරිකන් ඉන්දියන් දේශපාලන සහය සහිත ව අතිබලවත් ආණ්ඩුවක් ඊට විරුද්ධ ජනතාවගේ දේශපාලන නියෝජනය තඹයකට මායිම් නොකර ඊට උඩින් සකස් කිරීමට සහය දුන්නේ මොවුන් ය. බලතුලනය ගැන එදා කි නරි කතා අද බුම්මන රිලවුන්ගෙන් ඇසෙන්නේ නැත. අඩු ගණනේ අදවත් ඔවුන්ට මේ වරද නිවැරදි කිරීමේ උවමනාවක් නැත. ඒ වෙනුවට සිංහල බෞද්ද හෙජෝමොනියට කෙලවිම සඳහා ජනමතය විකෘති කල ආණ්ඩු - විපක්ෂ සැකැස්ම පවත්වා ගැනීමට එරෙහි නොවෙමින් ඒ නිසා ම හොඳ සනීපයෙන් සිටිමින් තම අනන්‍ය තාව පෙන්වීමට ආණ්ඩුවේ වැඩවලට විරුද්ධව අසාර්ථක ලෙස කාඩ්බෝඩ් විරෝධය පාති.
මේවා පෙනෙන්නේ රිලා නැටුම් ලෙසය. එහෙට පැන්නත් මෙහෙට පැන්නත් මොනවා කිව්වත් මොනවා නොකිව්වත් ඔවුන් කරන කියන දෙයින් පලක් නැත. ඒවා දේශපාලන අනාථයන් ගේ රිලා නැටුම් ය. ඔවුන්ට ජනතාව හමුවට යාමේ හෝ ජනතාව එක්රැස් කිරීමේ හැකියාවක් නැත. අප ද එය තේරුම් ගත යුතු ය. රිලා නැටුම් රිලා නැටුම් ලෙස සලකනු මිස ඒවාට බොරු තැනක් ලබා නොදිය යුතු ය. ඔවුන්ට අපේ ශ්රාමයෙන් ලාබෙට ඇඟ හෝදා ගැනීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා නිසි ගාස්තුව අප අත්පත් කරගත යුතු ය. එසේ නිසි ගාස්තුව ගෙවන්නන්ට පමණක් ඒ අවස්ථව ලබා දිය යුතු ය.
-ශිරන්ත චාමර-