යහපාලන ජාතික ආණ්ඩුව කඩාවැටෙන බවට ශ්‍රිලනීපයේ ඇතැමුන් ඉඟි පලකිරිමත්
සමග ඉතා ඉක්මනින්ම
මීට ප්‍රධාන වශයෙන් හේතුව වි ඇත්තේ විධායකය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පවරා දිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු සිවිල් සංවිධාන අතර සංවාදයක් ඇති කිරිම සදහා සාකච්ඡා කිරිමට අවස්ථා ගණනාවක මෛත්‍රීපාල සිරිසේනට ආරාධනා කලද එම ආරාධනා කමකට නොගන ශ්‍රිලනීපයේ අපතයන් කිහිප දෙනෙක් හරහා ඊළඟ ජනාධිපතිවරණයේත් ජනපති අපේක්ෂකයා මෛත්‍රී බවට ප්‍රසිධියේ ප්‍රකාශ නිකුත් කිරිම එජාපයේ මහත් කැළඹීමට ප්‍රධානම හේතුව වි තිබේ.
මේ උපාය තුළින් අරමුණු කිහිපයක් ඉටුකර ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත. බෙදී තිබෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ තුළින් එක්කර ගැනීම ප්‍රධානය. එක්සත් ජාතික පක්ෂය නන්නත්තාර කිරීම සඳහා ඊ ලග ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම මේ සැළසුමේ දෙවැනි අංගය වේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කමිටු වාර්තාවට අනුව ජනාධිපති ක්‍රමය අහෝසි නොකළයුතු බවට ඩිලාන් පෙරේරා මාධ්‍යට කළ ප්‍රකාශය හා ජනාධිපති සිරිසේන මහතාගෙන් තමා කළ ඉල්ලීමකට අනුව රාජපක්ෂ පවුලේ දෙදෙනෙකු අත්අඩංගුවට නොගත් බවට එස්. බී. දිසානායක කළ ප්‍රකාශය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව එජාපයේ අදහස වි තිබේ.
පලාත් සභාවලට ඉඩම් බලතල ලබා දී රාජ්‍යයේ ඒකීය භාවය ආක්ෂාකර ගැනීමට ජනාධිපති ක්‍රමය තබාගැනීම අවශ්‍ය බව පවසමින් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය උත්සාහ දරන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ.
දැනට ක්‍රියාත්මක නොවන නමුත් 13වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ද පලාත් සභාවට අයත් ය. ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් පොලිස් බලතල නොදී ඉඩම් බලතල පමණක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය ද එකඟ කර ගැනිමට හැකි බවයි ශ්‍රීලනිපයේ මෛත්‍රී බත් බැලයන්ගේ අදහස වි ඇත්තේ.