හිටපු ජනධිපති මහින්ද රාපජක්ෂගේ ආරක්ෂාව සඳහා මෙතෙක් යොදවා සිටි
102ක් වූ සියළු යුධ හමුදා
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ සිට හිමිවන්නේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පමණි.
මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව අද දිනයේ සිට ඉවත් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැබිනට්ටුවේදී කියා සිටි බව ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී දැනට දින දෙක තුනකට පෙර කියා සිටියේය.
මේ බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි හමුදා නිළධාරීන්ගෙන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින ඉවත් කරන ලදී.
ඒ වෙනුවට පොලිස් නිළධාරීන් ආදේශ කර ඇත. නමුත් මෙම පොලිස් නිළධාරීන් ප්‍රභූ ආරක්ෂාව සදහා අවශ්‍ය විශේෂ පුහුණුව ලත් නිළධාරීන් නොවේ.
ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර තිබු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කල නායකයා වන මහින්ද රාජපක්ෂට බරපතල ජීවිත තර්ජනයක් තිබෙන බව ආරක්ෂක විශේෂඥයින්ගේ අදහස වන අතර එය සාමාන්‍ය සමාජය පවා වටහා ගත් තත්වයකි. එමෙන්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම පරාජය කර දැනට ලෝකයේ ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂයි. ඒ අනුව බැලූ කල ද එතුමන්ට සුවිශේෂී ප්‍රභූ ආරක්ෂාවක් ලැබිය යුතු බව සියලු දෙනාගේ පොදු පිලිගැනීමයි.
මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ ප්‍රභූ ආරක්ෂක පුහුණුව ලත් සහ දීර්ඝකාලීන අත්දැකීම් සහිත හමුදා නිළධාරීන් 50 දෙනෙකු එකවර ඉවත් කිරීම එතුමන්ගේ ජීවිතය අනතුරෙහි හෙළීමකි. එමෙන්ම මහින්ද රාජපක්ෂට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදී එතුමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ යුතුකම මෙන්ම වගකීමයි.
රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්