ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 8, 2016

මහින්ද ළඟ සිටි හමුදා සෙබළුන්ට බරපතල අපරාධ චෝදනා...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදා සිට පසුගියදා ඉවත් කරනු ලැබූ යුද්ධ හමුදා භට පිරිසෙන් වැඩි පිරිසකට බරපතළ අපරාධ හා වෙනත් වැරදි ගණනාවකට අදාළ චෝදනා එල්ල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ යුද්ධ හමුදාව මඟින් සිදු වෙමින් පවතින පරීක්ෂණ ගණනාවකට එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතාවයන් ඇති බව අනාවරණය වී තිබේ.

එහිදී බරපතළම ගණයේ අපරාධ කිහිපයකටම එම හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයක් ඇති බව අනාවරණය වී ඇති අතර ඉදිරියේ දී ඔවුන් එම පරීක්ෂණවලට සම්බන්ධ කැර ගැනීමට ද නියමිතව තිබේ.
තවද හමුදාමය නීති රීති කඩ කරමින් හමුදා විනය ඉක්මවා යන ලෙස කටයුතු කළ බවට චෝදනා ලබන හමුදා සාමාජිකයන් ගණනාවක් ද මෙහි සිටි අතර ඔවුන් බොහෝ අවස්ථාවල සිදු කැර ඇති වැරැදිවලට කිසිදු අවස්ථාවක කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.
මෙසේ හමුදා නීති රීති සහ විනය කඩ කළ හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් යුද්ධ හමුදාව මඟින් පරීක්ෂණ ද ආරම්භ කැර තිබේ.
යුද්ධ හමුදා සේවයේදී ඉපැයිය නොහැකි තරම් අති විශාල ධනස්කන්ධයක් උපයා ඇති හමුදා සාමාජිකයන් ගණනාවක්ද එම ආරක්ෂක භට පිරිස අතර වෙයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයන් ලෙස ක්‍රියා කළ කාලය තුළ එම හමුදා භටයන් මෙතරම් විශාල ධනයක් ඉපැයුවේ කෙසේද යන්න සම්බන්ධව ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යටතේ පරීක්ෂණ සිදු වෙයි.
තවද ජනාධිපති ආරක්ෂක සේවාවේ යෙදී සිටි කාලය තුළ තවත් හමුදා සාමාජිකයන්, හිටපු හමුදාපතිවරු, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා වෙනත් ඉහළ නිලධාරීන්ගේ අණ නොතකා ක්‍රියා කර ඇති බවටත් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකිව ඔවුන් හමුදා නීතියට එහා යමින් කටයුතු කැර ඇති බවටත් චෝදනා ලබයි.
එවැනි වැරදිවලට චෝදනා ලබමින් සිටින එම හමුදා සාමාජිකයන්ට ඉදිරියේදී එම පරීක්ෂණවලට මුහුණදීමට සිදුවනු ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
– දිනමිණ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.