'බැඳුම්කර මගඩිය' නමින් ප්රකටව ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ
භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවන බවට චෝදනා එල්ල වී
ඇති මූල්‍ය අක්රමිකතාවලට, සේවක අර්ථසාධක
මේ නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ලක්ෂ සංඛ්‍යාත සේවක ප්‍රජාවට ලැබිය යුතු පොලිය අහිමි වී ඔවුන්ට පාඩු සිදුවෙමින් පවතින බව එම ආරංචි මාර්ග කියයි.
අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට මේ පාඩුව සිදුවෙමින් තිබෙන්නේ, එම බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවෙතැයි කියන මූල්‍ය අක්‍රමිකතා නිසා පොලී අනුපාත ඉහළ යාමෙන් මහජනතාවට සිදුවන හානියට අමතරවය.සේවක අර්ථසාධක අරමුදල තිබෙන්නේද ශ්‍රී ලංකා මහ බැංකුව යටතේමය. මෙම බැඳුම්කර අක්රමිකතාවලට එම අරමුදල සම්බන්ධ කර ගැනීම නිසා එම අරමුදලේ පොලී ආදායමට ඇතිවන අහිතකර බලපෑම හරහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට මේ හානිය සිදුවන බවද එම ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
මේ වසරේ (2016) පසුගිය මාසවලදී සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළේ දී සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු හරහා සේවක අර්ථසාධක අරමුදල එම බැඳුම්කර අක්රමිකතාවලට සම්බන්ධ කරගෙන ඇති බවට නිරීක්ෂණය කළ හැකි බවද, ඒ අනුව බොහෝ අවස්ථාවලදී එම අරමුදල විසින් ප්‍රාථමික වෙළෙඳපොළට වඩා ද්විතීයික වෙළෙඳපොළේදී සාපේක්ෂව අඩු පොලියට භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට යොමුව ඇති බවක් පෙනෙන බවද තවදුරටත් එම ආරංචි මාර්ග කියයි.