පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු පිරවීමේ ලැයිස්තුව
වෛද්‍ය සේවා අධ්යක්ෂවරයා විසින්
සංකේත වැඩවර්ජනයට ආණ්ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් ජුනි 01 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් සොයිසා (29 වැනිදා) ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ ජාතික රෝහල, ගම්පහ, පුත්තලම, කෑගල්ල හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල රෝහල් මෙන්ම රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල් කාන්තා රෝහල, කොළඹ සොයිසා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, පිළිකා රෝහල සහ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය ඒකකවල මෙම වැඩ වර්ජනය නොපවත්වන බව ද හෙතෙම කීය.සීමාවාසික හා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනයන් සකස් කිරීමේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් සිදු වූ බවට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න තම සංගමයට නඟන චෝදනා එකහෙළා බැහැර කරන බව ද සොයිසා කීය.
වෛද්‍යවරුන් පත්කිරීම සනීපාරක්ෂක පත්වීම් ලබාදීමක් ලෙස නොසලකන ලෙසත් පත්කිරීම්, ස්ථාන මාරුකිරීම්වලට අමාත්‍යවරයාගේ ඥතීන් සම්බන්ධ වීම වළක්වන ලෙසත් සොයිසා ඉල්ලා සිටියේය.
පසුගිය රජය පවුල්වාදය නිසා පරාජයට පත්වුවද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ද අමාත්‍යවරයාගේ පවුල්වාදයට නතුව ඇතැයි ද අමාත්‍යවරයාගේ බිරිඳ, පුතුන්, ඥතීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමට ක්‍රියා කරමින් සිටින බව ද කීය.
මෙරට මත්ස්‍ය තහනමට ලක්වන විට ධීවර ඇමැතිවරයාව සිටියේත් රාජිත සේනාරත්න බව පැවසූ නවීන් සොයිසා , ඒ අයුරින් බැලීමේදී ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඇතිකිරීමට ඔහුට හැකියාවක් තිබේද යන්න ගැටලුවක් බවත් කීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිටි වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතියක් ඇති වූ බව පැවසූ සොයිසා විදෙස්ගතව සිටින ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙරටට පැමිණි පසු ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඇති කිරීමට සුදුසු අමාත්‍යවරයකු ලබාදෙන ලෙස සංගමය ඉල්ලීම් කිරීමට අපේක්ෂා කර සිටින බව ද කියා සිටියේය.