ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බදු ඉහල නැවීම නිසා මෙරට වෙළඳපොලේ වාහන මිල විශාල වශයෙන් ඉහල යන
අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ මෙතෙක් වාහන සඳහා බදු ගණනයේදී තිබූ ක්‍රමවේදය වෙනස් කරමින් හඳුන්වා දී ඇති අවම ඒකක බද්ද නිසා මෙසේ මිල වැඩිවනු ඇති බවයි.
නව බදු නිසා මෙතෙක් ලක්ෂ 33ක් ලෙස ප්‍රියස් රථයකට තිබූ බද්ද ලක්ෂ 72 දක්වාත්, ලක්ෂ 40ක්ව තිබූ x-trail රථයක බද්ද ලක්ෂ 80 දක්වාත් ත්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්ෂ හතරක් දක්වාත් ඉහල යනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
නව බදු ගණනය අනුය එන්ජින් ධාරිතාව 1500cc දක්වා වූ සියළු වාහන සඳහා බද්ද ලක්ෂ 30 ක්ද, 1500 cc -1600 cc දක්වා වූ වාහන සඳහා වැඩි ව එක් ඒකකයට රුපියල් 3,500 බැගින් හා 1600cc වැඩි වන ඒකකයක රු. 4,000 බැගින් වූ බදු එක් වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.