අධික වැසි නිසා රෝහල්
රැසක් වතුරට යටවීමේ අවදානමක්...!!!
ගංවතුර හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල යටවිමේ අවදානමක් මතු වූ බවත් ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් වැලිකොට්ට යොදා රෝහල මුදාගත් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
ගංවතුරට යටවීමේ අවදානමක් මතු වන රෝහල්වල රෝගීන් වෙනත් රෝහල්වලට රැගෙන යැමේ විශේෂ වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක කර ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.
ඊයේ කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් වෛද්‍ය මහීපාල මෙම කරුණු අනාවරණය කළේය.
ගංවතුර පහවන තුරු කොට්ටාව - කඩවත
අධිවේගය නොමිලේ ඇරේ
අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇතිවී තිබෙන මාර්ග තදබදයට පිළිsයමක් ලෙස කොළඹ - පිටත අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට කඩවත දක්වා ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ වාහන ධාවනය කිරීමට ඉඩ ලබා දීමට රජය තීරණය කර ඇතැයි මහා මාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් (17 දා) පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යාංශ ප්‍රකාශකයා මෙසේද කීවේය. මෙම ගාස්තු අය නොකිරීම ගංවතුර තත්ත්වය පහවී යන තුරුම බලපැවැත්වෙනවා. නමුත් ත්‍රිරෝද රථ යතුරුපැදි වැනි අධිවේගී මාර්ගයේ ධාවනය කළ නොහැකි කිසිම වාහනයකට ධාවනය කරන්න බැහැ.
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග යටවේ.. අද වැස්සොත් පාර්ලිමේන්තුවත් යටවෙයි..
අද දිනය තුලද වර්ෂාව නොකඩවා ඇද හැළුනහොත් පාර්ලිමේන්තුවේද බිම් මහල යටවීමේ අවදානමක්ද උද්ගතව තිබේ.
දියන්වන්නා ඔය පිටාර ගලමින් ඇති අතර දියත උයනද සම්පූර්ණයෙන් යට වී තිබින.
අවසන් වරට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය යටවුනේ වසර හයකට කලිනි.
අඩු පීඩන කලාපය අද දිවයිනෙන් බැහැරට
දින කිහිපයක් තිස්සේ මුළු දිවයිනටම බලපෑ අධික වර්ෂාවට හේතු වූ වායුගෝලයේ අඩු පීඩන කලාපය අද (18 වැනිදා) ලංකාවෙන් බැහැරට ගොස් තමිල්නාඩුව හරහා ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල ඊයේ (17 වැනිදා) 'දිවයින' ට පැවසීය.
එසේ වුවත් මෙම අවපීඩන කලාපයේ බලපෑම මෙරටින් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවත් හෙතෙම කියා සිටියේය.
එබැවින් තවදුරටත් උතුර, උතුරුමැද, වයඹ පළාත්වලට හා දිවයිනේ නිරිතදිග කොටසටත් තැනින් තැන වැසි හෝ ඉතා තද වැසි ඇති විය හැකි යෑයි ද හෙතෙම කියා සිටියේය.
මෙම අඩු පීඩන කලාපය තව දින කිහිපයකින් පහව ගිය ද නිරිතදිග මෝසම සක්‍රිය වන බැවින් තවදුරටත් සවස් කාලයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවත් චන්ද්‍රපාල මහතා කියා සිsටියේය.
මුහුදු ප්‍රදේශයන්හි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් හෙතෙම අනතුරු ඇඟවීය.