දින කිහිපයක් තිස්සේ දිවයිනේ දිස්ත්‍රික්ක 22 කට බලපා
ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර,
නායයැම් හා අනෙකුත් අනතුරුවලින් (20 වැනිදා) සවස් වන
විට පුද්ගලයන් 64 දෙනකු මියගොස් පුද්ගලයන් එකසිය තිස්
දෙදෙනකු අතුරුදන්ව තවත් පුද්ගලයන් විසිනව දෙනකු තුවාල ලබා
ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම
දිස්ත්‍රික්ක විසිදෙකේ පවුල් එක්ලක්ෂ තුන්දහස් පන්සිය
හැත්තෑ හයකට අයත් පුද්ගලයන් හාරලක්ෂ විසිපන්දහස් හයසිය
හයදෙනකු පීඩාවට පත්ව තිබූ බවත් ඉන් පවුල් හැටතුන්දහස්
තුන්සිය හැත්තෑවකට අයත් පුද්ගලයන් තුන්ලක්ෂ දහනව දහස්
එකසිය අනූපස් දෙනකු අවතැන් වී සිටින බවත් ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානයේ අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප්
කොඩිප්පිලි පැවසීය.
අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන පන්සිය
අනූහතක් වෙත යොමු කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම අනතුරුවලින් නිවාස තුන්සිය පනස් හතරක් පූර්ණ වශයෙන් ද
තවත් නිවාස තුන්දහස් තුන්සිය විසිහයක් අර්ධ වශයෙන් ද හානි වී
ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.
බස්නාහිර තත්ත්වය
(20 වැනිදා) සවස් වන විට බස්නාහිර පළාතේ පීඩාවට පත්ව
සිටි ජනතාව තුන්ලක්ෂ විසිඑක්දහස් තුන්සිය පනහ දක්වා ඉහළ
ගොස් තිබිණි. ඉන් එක්ලක්ෂ අසූපන්දහස් අටසිය තිස්දෙනකුම
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
(20 වැනිදා) සවස් වන විටත් මාදම්පිටිය පාර, ෆර්ගියුසන්
පාර, ග්‍රෑන්ඩ්පාස්, අඹතලේ පාර, අඹතලේ - හංවැල්ල මාර්ගය,
කඩුවෙල, කැලණිමුල්ල, බියගම යන ප්‍රදේශ ජලයෙන් යටව තිබූ බව
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ජානකී
මීගස්තැන්න පැවසුවාය.
අරණායක හා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ නායයැම්වලින් අතුරුදන් වූ
පුද්ගලයන් සොයා කරන මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එල්.
එම්. ආර්. මාර්ක් (20 වැනිදා) සඳහන්
කළේය.
මෙම නායයැම් සිදු වූ ස්ථානයන්හි තවදුරටත් නායයැම් සිදුවිය
හැකි බැවින් එම ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස හෙතෙම
ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. මේ ප්‍රදේශයන්ට ජනතාව පැමිණීම සහන
සේවා සැපයීමට බාධාවක් බවත් හෙතෙම කියා සිටියේය.
(19 වැනිදා) අරණායක සාමසර කන්දේ තවත් කොටසක් නාය ගිය
බවත් මාර්ක් පැවසීය.
ඉදිරි පැය විසිහතර තුළ තවදුරටත් වැසි ඇතිවුවහොත්
දිස්ත්‍රික්ක හතක නායයැම් හා පස් කණ්ඩි කඩාවැටීම් ඇතිවිය
හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අධ්‍යයන
අංශ ප්‍රධාන ආර්. එම්. එස්. බණ්ඩාර (20 වැනිදා) සඳහන් කළේය.
මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර
එම දිස්ත්‍රික්ක හත වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ගංවතුරට කොටු වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි පුද්ගලයන්
18,673 ක පමණ ප්‍රමාණයක් ඉකුත් දින කිහිපය තුළදී නාවික හමුදාව
මගින් බේරාගෙන ඇත.
නාවික හමුදාව මගින් ජීවිත ආරක්ෂක බෝට්ටු 83 ක් යොදා ඇති අතර
ඒ සඳහා නාවික භටයන් දිවා රෑ නොතකා සේවයේ යෙදෙන බව නාවික හමුදාව
කියයි.
හංවැල්ල, රණාල, දොම්පේ, බියගම, පූගොඩ, නවගමුව, මල්වාන, කඩුවෙල,
බෝමිරිය, අංගොඩ, කැලණිය, කැලණිමුල්ල, මුල්ලේරියාව, කොටිකාවත්ත,
කොලොන්නාව, වැල්ලම්පිටිය යන පළාත් රැසක ගංවතුරට කොටු වූවන්
ඉවතට ගැනීම සඳහා නාවික හමුදාව මෙම මෙහෙයුමේ යෙදී සිටින බව
නාවික හමුදා ප්‍රකාශකයෙක් කීය.
මේ අතර නාවික හමුදාවට අමතරව පොලිසිය සහ ගුවන් හමුදාව ද වතුරට
කොටු වූ පවුල් බේරා ගැනීමේ මෙහෙයුමට එක්වී සිටිති.
ගංවතුරට කොටු වී සිටින පුද්ගලයන් බේරාගැනීම සඳහා ගුවන් හමුදාව
බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් දෙකක් මාරුවෙන් මාරුවට
යොදවා ඇති අතර තවත් හෙලිකොප්ටරයක් සූදානම් කර තිබෙන බව ගුවන්
හමුදාව කියයි.
මේ අතර ගංවතුරට කොටු වූ පවුල් බේරා ගැනීමේ මෙහෙයුමට යුද හමුදාව
සහ පොලිසියත් එක්වී සිටිති.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, May 21, 2016
දියරැළි පැතිරී ජනරළ වැතිරීගිය තතු....!!!
Posted by
lankanews
at
May 21, 2016
Labels: flood, lankanews, srilanka, srilanka army, srilanka police, yahapaalanaya
දියරැළි පැතිරී ජනරළ වැතිරීගිය තතු....!!!
2016-05-21T06:35:00+02:00
lankanews
flood|lankanews|srilanka|srilanka army|srilanka police|yahapaalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...