සැකකාර කාන්තාවන් පිරිස මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන් (06 වැනිදා) දින අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ගණිකා මධ්‍යස්ථානයේ සිටි දේශීය කාන්තාවන් පස් දෙනෙකු සහ විදේශීය කාන්තාවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර තිබිණි.
මෙම ගණිකාවන්ගේ පහස ලැබීම සඳහා විවිධ පුද්ගලයන් රැසක් පැමිණ ඇති අතර ඒඩ්ස් රෝගය
වැළඳුණු තායිලන්ත ජාතික කාන්තාවද විශාල පිරිසක් සමඟ ලිංගිකව හැසිරී ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ගේ උපදෙස් මත වැල්ලවත්ත ස්ථානාධිපති කපිල විඡේනාමගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.