ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 22, 2016

දුන් අඳෝනා මෙන්න රෝනා....!!!

අතීතයේ බොහෝ වාර්තා වෙනස් කරමින් කාලගුණයේ අයහපත් බලපෑම ශ්‍රී ලංකාවට මේ වසරේදී මුහුණපාන්නට සිදුවූයේ මුල් කාලයේදීම ය. සිංහල අලුත් අවුරුදු කිරිබත් කැවුම් රස බැලුවා පමණි. මාර්තු, අප්‍රේල් මාසවලදී ගිනිගහන රස්නයෙන් දැවී ගිය ලාංකිකයන්ට නියං තත්ත්වයකට මුහුණ නොපෑවත් දෛනික කටයුතු කිරීමට ඉතාම අපහසු වාතාවරණයක් හටගත්තේ ය. කාලගුණික නිවේදන මගින් උණුසුමෙන් බැට

කන ජනතාවට අප්‍රේල් මුල් දින කිහිපයේදී සිදුවන හිරුගේ බලපෑම ගැන පැවසූ පසු ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ දැනෙන්නට විය. ඒ අප්‍රේල් මුල් දින කිහිපයක කාලයක් ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීමයි. ගලන දහදියට ජලයෙන් ද සිසිලසක් නොලැබෙන තරමටම දවන මද්දහනට මිනිසුන් වෛර කරද්දී හිරු තවත් ජනතාව පෙළීය. මැයි මස මුල්භාය වනතෙක් රස්නයේ අඩුවක් නොවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පවසද්දී සෞඛ්‍ය අංශ කළේ හැකිතාක් උණුසුමින් දැවෙන ජීවිතවලට හානියක් නොවන පරිදි කටයුතු කිරීමට උපදෙස් දීමයි. කෙසේ හෝ උණුසුමින් සැනසිල්ල ලැබුවේ මැයි මස ආරම්භවීමෙන් පසු කඩින් කඩ වැසි ඇතිවීමට පටන් ගැනීමෙන් පසු ය. මිනිසුන් තම දෛනික කටයුතු රිසි සේ කරගන්නට සැරසුණා පමණි. මැයි මස 10 වැනිදා පමණ වනවිට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු ඇඟවීමක් නිකුත් කළහ. ඒ මුළුමහත් දිවයිනට බලපැවැත්වෙන පරිදි අධික වැස්සක් ඇදහැලෙන්නට ආසන්න බවයි. එය එතරම් නොතැකූ ජනතාව වැස්සේ සිසිලස විඳිමින් සිටියදී කාලගුණ විද්‍යාඥයන් දෙවැනි බරපතළ අනාවැකිය නිවේදනය කළේ පසුගිය 13 වැනිදායි. ඒ 15 වැනිදා සිට 18 වැනි දා දක්වා දින 3ක කාලයක් බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් වර්ධනය වන අවපීඩන කලාපයේ වර්ධනය හේතුවෙන් මෙරටට නොසිතූ ආකාරයේ වැසි ඇති විය හැකි බවයි. මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිය අනතුරු ඇඟවීම ආරම්භ කළේ කවදත් වැසි ඇතිවන කාලයේදී නායයාමෙන් අනතුරු වන ප්‍රදේශවල ජනතාව කලින්ම ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි පැවසීමටයි. කාලගුණ අනාවැකි ද නායයාම් අනතුරු ඇඟවීම් ද සියල්ල සනාථ කරමින් ධාරාණිපාත වැසි ඇදහැලෙන්නට විය. අනතුරු ඇඟවූ ප්‍රදේශවල පස් කඳු කඩාවැටෙන්නට විය, ගල් පෙරළෙන්ට විය. නායයන්නට ද විය. කිසිවකු නොසිතූ පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ද අනතුරක සේයාවක් දැනෙන්නට වූයෙන් රටේ ජලාශවල හා ගංගාවල ජල මට්ටම් පිටාර යන බවට සැල කළේ ය.
අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් පැවැතිණ. එය මෙරට භූමි මගහැර ඉන්දියාව දෙසට ඇදී යනු පෙනුණත් ක්‍රමයෙන් වර්ධනය වී ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කිරීම නිසා මිලිමීටර් 75, 90, 100, 150, 200, 300ද ඉක්මවමින් වාර්තාගත වැසි දිවයිනේ බොහෝ ස්ථානවලට ඇදහැලෙන්නට විය. වසර 71කට පසුව කිලිනොච්චියට බලපෑ වැඩිම වැස්ස පසුගිය 16 වැනිදා ඇදහැලුණේ මිලිමීටර් 373.2ක් වාර්තා කරමිනි. කොළඹට බලපෑ වැස්සේ සාමාන්‍ය අගය 256 ඉක්මවී ය. ගම්පහට ද මිලිමීටර් 200කට අධික වැසි ඇදහැලිණ. කෙසේනමුත් පසුගිය 19 වැනිදා පමණ වනවිට එය ඉන්දියාවට සමීප වූයේ ‘රෝනා’ නමැති සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙමිනි. සුළි කුණාටුව අතිශය ප්‍රබලව ඉන්දියාවට ගියද ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් ඇදී යන දැඩි සුළං ප්‍රවාහය නිසා තවදුරටත් වැසි තත්ත්වය යම් තරමකින් අප වෙත බලපෑම් එල්ල කරන බවට කාලගුණ විද්‍යාඥයන් අනාවරණය කර ඇත. එයිනුදු නොනැවතී නිරිත දිග මෝසමේ වැස්ස ද අපිට බලපානු ඇතැයි අනාවැකි පළකර තිබේ. එබැවින් ලාංකිකයන් තවදුරටත් ප්‍රවේශම්සහගත වීමට වගබලා ගත යුතු ය. අවදානම තවත් ඉදිරියට ඇදී යමින් පවතී. මෙරට සිදුවන ස්වභාවික ආපදා සම්බන්ධයෙන් අප රට තුළ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු දත්ත පද්ධතිය තුළ පවතින දත්ත 1974 තරම් ඈතක සිට විධිමත් ආකාරයෙන් ගොනුකොට ඇත. ඒවා නිරන්තරයෙන් විශ්ලේෂණය සඳහා ද ඔවුන් කටයුතු කරන ලද එම දත්ත හා සසඳා බැලීමේ දී මෑතකාලීන ස්වභාවික ආපදා පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබාගත හැකි ය. කෙසේ නමුත් 2008 වසරෙන් පසුව ඔවුන් සතුව විධිමත් දත්ත පද්ධතියක් පැවැතිය ද කිසියම් පුද්ගලයකුට නිසි විශ්ලේෂණයක් ඉන්පසුව ලබාගැනීමේ අසීරුතා පවතින බවට ද කිව යුතු ය.
ශ්‍රී ලංකාව තුළ ගංවතුර තත්වය වැඩිවශයෙන් බලපාන්නේ මැයි මාසයෙන් පසුව සහ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී ය. ගංවතුර බලපෑම් ඇතිවන බවට සාමාන්‍යයෙන් සැලකෙන්නේ ගම්පහ, කළුතර, අම්පාර, රත්නපුර, යාපනය යන දිස්ත්‍රික්ක ය. මෑත ඉතිහාසයේදී ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ගේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ 2008 වර්ෂයේදී කළුතර, අම්පාර, මඩකලපුව, රත්නපුර, ගම්පහ යන දිස්ත්‍රික්කවලයි. එසේවුවත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ 2003 වසරේදී පුද්ගලයන් 180ක් ලෙසිනි. ගංවතුර හේතුවෙන් විශාල වශයෙන් මෙරට ගොවිතැනට හානි වූ බවට මීට පෙර වාර්තාවන්නේ 1984 වසරේදීය. එම වසරේදී බලපෑ ගංවතුරෙන් පොළොන්නරුව, කුරුණෑගල, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්වලට දරුණු බලපෑමක් සිදුවිය. කෙසේ නමුත් කොළඹ දිස්ත්‍රික්කයට දරුණු ගංවතුරක් බලපෑවේ වසර 27කට පසුවයි. එනම් 1989 වසරේදී කොළඹ ගංවතුර තත්ත්වය ජල මාපකයේ සටහන් වී තිබුණේ අඩි 8.4ක් ලෙසයි. එය මෙවර අඩි 7.7ක් දක්වා ඉහළ ගොස් වාර්තාගත අන්දමින් ගංවතුර බලපෑවේය. 1974 සිට 2016 ජනවාරි දක්වා කාලය තුළ දත්ත සලකා බැලීමේදී ගංවතුර හේතුවෙන් ශ්‍රී ලංකාවට පුද්ගලයන් 540 දෙනකුගේ ජීවිත අහිමි වී තිබේ.
නායයාම් යන්න 2002 වසර වනතුරු ශ්‍රී ලංකාවේ ආපදාවක් ලෙස නොසැලකූ තරම් ය. එමගින් බලපෑමක් ඇති නොවීම නිසාදෝ නිතර ලක්වන ස්වභාවික ආපදාවක් ලෙස මිනිසුන් ඒ බවක් දැනසිටියේ ද නැත. ඊට හේතුව එතෙක් නායයාම් සම්බන්ධයෙන් මෙරට සිදුවූ සිදුවීම් ඉතාම අල්ප වීමයි. එතෙක් නායයාමක් යනු කුමක් ද? පස් කඳු කඩාවැටීම කෙසේ සිදුවන්නේ ද? විශාල ගල් පෙරළීම පිළිබඳ බිය විය යුතු ද යන්න පිළිබඳ හෝ මිනිසුන් එතරම් දැනසිටියේ නැත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන පරිදි වර්තමානයේ නායයාම්, පස් කඳු කඩාවැටීම්වලට හේතුවී ඇත්තේ ස්වභාවික හේතූන් නොවේ. නායයාමේ දරුණු ව්‍යසනවලට හේතුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් ය. වන විනාශය, අක්‍රමවත් වගා ක්‍රම, අවිධිමත් ඉඩම් පරිහරණය, ගොඩනැගිලි, මාර්ග ගොඩනැංවීමේදී සිදුකරන අක්‍රමිකතා මේවාට හේතුවී ඇත. එබැවින් 2011 වසර වනතුරු මෙරට නායයාම් සම්බන්ධයෙන් ජනතාව වෙත නීති පැනවුණේ ද නැත. එම වර්ෂයේදී ඉදිකිරීම්වලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ යෝග්‍යතා සහතික ලබාගත යුතු බවට නීතියක් පැනවුණ ද මිනිසුන් ඒ දෙස එතරම් අවධානයකින් බැලූ බවක් නොපෙනේ. මක් නිසා ද යත් නායයාමේ අධි අවදානම් කලාපවලට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්ත ද එම ප්‍රදේශවල අද වනවිටත් නායයාම් වැඩිවූවා මිස අඩුවූ බවක් නොපෙනීමයි. මේ නිසා රජය මෙවර ඒ පිළිබඳ පනත් සංශෝධනය කිරීමටත් නීති දැඩි කිරීමටත් පියවර ගෙන ඇත. ඒ සඳහා පසුගිය දෙසතිය තුළදී ඔවුන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදාළ අනුමැතීන් ලබාගෙන තිබිණ. ඒ අනුව ඉදිරියේදී මෙරට තුළ ඉදිවන ඕනෑම ගොඩනැගිල්ලක්, මාර්ගයක් හෝ ඕනෑම ඉදිකිරීමකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ යෝග්‍යතා සහතිකය අනිවාර්ය වන අතර සති 2-4ත් අතර කාලය තුළදී එය නිකුත් කිරීමට රජයේ ආයතනය ද බැඳීමකට ලක්කිරීමට රජය පියවර ගත්තේ ය. ගංවතුරකට හෝ නායයාමකට හෝ ගිලාබැසීමකට මුහුණදීමට අකමැති සියලුදෙනා රජයේ නීතිරීතිවලට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. කෙසේ නමුත් වර්තමානයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමෙන් පසුව අනිවාර්ය අනතුරු ඇඟවීමක් ද අපට අපේක්ෂා කළ හැකි ය. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාමේ අවදානම් අනතුරු ඇඟවීමයි. එතරමටම අපිට දැන් නායයාම් ආපදාවට මුහුණදෙන්නට සිදුවී ඇත්තේය.
නායයාම් සිදුවන බවට සැලකෙන කාල පරාසය වන්නේ මැයි-ජුනි සහ නොවැම්බර් -ජනවාරි අතර කාලයයි. ඊට හේතුව එම දිනවලදී මෙරටට බලපාන මෝසම් කාලගුණික තත්ත්වයයි. 1974 පමණ සිට 2002 වසර වනතුරු ශ්‍රී ලංකාවේ සතරදිග්භාගයෙන්ම වාර්තා වූ නායයාමේ සිද්ධි ගණන 50කටත් අඩු වූයේය. නමුත් 2003 වසරෙන් පසුව නායයාමේ සිද්ධීන්වල ක්ෂණික වර්ධනයත් සමග එය වසරකට සිද්ධීන් 250ක් ඉක්මවී ය. 2006 වනවිට එය සිද්ධීන් 370ක් දක්වා ඉහළ ගොස් තිබිණ. මේ වසරේ ආරම්භයේදීම අප එහි දරුණුතම නායයාමේ සිද්ධීන්වලට මුහුණ දී සිටින්නෙමු. නායයාමට ලක්විය හැකි දිස්ත්‍රික් ලෙස සැලකෙන්නේ බදුල්ල, මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර ආදි දිස්ත්‍රික්ක වුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එහි බලපෑම කළුතර, කුරුණෑගල දිස්ත්‍රික්වලට ද බලපෑම් එල්ල කරමින් තිබේ. ඉතිහාසය පුරා නායයාම් සිද්ධීන් පිළිබඳ සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට අතිශය දරුණු නායයාම්වලට මුහුණදීමට සිදුව ඇත්තේ 1986, 1989, 2003, 2007, 2014 දී ය. ඉතිහාසය පුරාවට නායයාම් හේතුවෙන් අපිට අහිමිවූ ජීවිත ගණන 838කි.
මේ දිනවල බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසුගිය 20 වැනිදා දහවල් වනවිට දිස්ත්‍රික් 22ක 64 දෙනකුගේ ජීවිත අහිමි වී තිබිණි. වැඩිම හානිය වූ කොළඹ, ගම්පහ, කෑගල්ල සහ රත්නපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව, පුත්තලම ආදී දිස්ත්‍රික්වලට මේ බලපෑම සිදුවිය. පසුගිය 11 වැනිදා සිට 20 වැනි දා තෙක් සිදුවූ වැසි, ගංවතුර, ජලගැලීම්, නායයාම්, පස් කඳු කඩාවැටීම්, ගස් කඩාවැටීම් ආදියෙන් මෙම ජීවිත අහිමි වී තිබුණි. අරණායක නායයාමෙන් 20 වැනි දා වනවිට මරණ 17ක් ද බුලත්කොහුපිටියෙන් මරණ 14ක් ද වාර්තා වී තිබිණි. සෙසු මරණ සිදුවූයේ ගංවතුර හේතුවෙනි. පවුල් එක්ලක්ෂ හාරදහසක පුද්ගලයන් හාරලක්ෂ විසිපන්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටියේ ය. එහි අවතැන්වූවන් රැඳවීම සඳහා කඳවුරු 600ක් ස්ථාපනය කර තිබේ. එහි තුන්ලක්ෂ විසිදහසක් රඳවා සහන සැලසීම් කරනු ලබයි. රජයට එක් පුද්ගලයකුගේ දිනක වියදම රුපියල් 125 සිට 225ක් දක්වා වැඩි කර තිබේ. ඒ නිසා දිනකට අවතැන්වූවන්ට පමණක් වැය වන වියදම රුපියල් කෝටි 9ක් ඉක්මවයි. එතැනින් නොනැවතී ඔවුන් සඳහා ත්‍රිවිධ හමුදා, සහන කණ්ඩායම් යොදවා සහන සැලසීමට, විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් කිරීමට ගුවන් යානා, බෝට්ටු ආදිය ද යොදාගැනීම නිසා අධික වියදමක් දැරීමට සිදුවී තිබේ. එබැවින් රජය දිනකට කෝටි 15ක් පමණ වන මේ සඳහා වියදම් කරනු ඇත. ආරක්ෂක අංශවල දහසකට ආසන්න පිරිසක් මෙහෙයුම් සඳහා යොදවා තිබිණ. ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ සෑම දිස්ත්‍රික් නිලධාරියකුම රජයේ මෙන්ම පෞද්ගලික සහනාධාර සම්බන්ධීකරණය කිරීමේ යුද්ධයට මැදිවී සිටියි. කොළඹ අවතැන්වූවන්ගෙන් ඇතැමුන් කඳවුරු වෙත ඒට අකමැති වීම හා ඔවුන් වෙත ළඟා වීම ප්‍රතික්ෂේප කිරීම, අපහසු වීම හැර වෙනත් කරුණු හේතුවෙන් අවතැන්වූවන්ට සහන නොලැබුණේ යැයි මෙවර පිළිගත නොහැකි ය. රජයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් සහන සැලසීමට ඔවුන්ගේ ආධාරය මෙන්ම පෞද්ගලික ආධාර අසීමිතව ගලා එනු දැකීම සතුටට කරුණකි.
ගංවතුර තත්ත්වය බැසයන බවට බලාපොරොත්තු තැබුව ද පසුගිය 20 වැනිදා වනවිට කැලණි ගඟ සහ ගිං ගඟෙහි ජල මට්ටම තවදුරටත් ඉහළ ගියේය. ඒ අඩි 7.35 දක්වා කැලණි ගඟේ ජල මට්ටම ඉක්මවමිනි. සෙසු ජලාශවල ජල මට්ටම පහත යමින් පැවැතියේ ය. 1960 ගණන්වල පැවැති කොළඹ දත්ත උපයෝගී කරගෙන සැකසූ ජලාපවහන පද්ධතියට වත්මන් තත්ත්වය ඔරොත්තු නොදීම නිසා කොළඹට වසර 27කට පසු බලපෑ වැඩිම ගංවතුරෙන් තවදුරටත් පීඩා විඳින්නට සිදුව තිබේ. ගංවතුර බැස ගිය පසුව එය යළි සිදුනොවීමට රජයට කළ හැකි සෑම දෙයක්ම කිරීම සඳහා ලාංකිකයන් ජනතාවගේ බලපෑමෙහි අවශ්‍යතාව මතුව තිබේ. එය අප තවත් ටික දිනක් පසුවට තබමු.
අයහපත් කාලගුණයේ බලපෑම පහව යමින් පවතින බවට කිව හැකිවුවද ඒ සැලකිය යුතු මට්ටමකින් නොවේ. ඉදිරි දිනවලදී මෙහි බලපෑම ඇතැම් විට යළි යම් තරමකින් වැඩිවිය හැකි ය. නිරිත දිග මෝසම සක්‍රීය වීම නිසා වැසි ඇදහැලීම අපට ඇති වී තිබෙන අලුත් අභියෝගයයි. රජයේ පාර්ශ්වයන්ට හෝ ජනතාවගේ දෙසට එක් එක් ආකාරයකින් ඇඟිල්ල දිගු කිරීම ස්වභාවික ආපදාවන්වලදී නොසුදුස්සකැයි හැඟේ. වෙන කවරදාටත් වඩා කාලගුණ අනාවැකිය අප වෙත නිවැරැදිව ලැබීමේ වාසි තත්ත්වයන් අප අත්විඳින බව කිව යුතු ය. එසේ වුවත් කඩිනම් ප්‍රතිචාර දැක්වීම හා පෙර සූදානම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාශය පිළිබඳ අප මීට වඩා අපේක්ෂා තබන බව කිව යුතු ය. ස්වභාවික ආපදා වැඩි කරගෙන ඇත්තේ ඒ කිසිදු පාර්ශ්වයකින් නොවේ. සමස්ත ලාංකිකයන් වන අප ස්වභාවික ආපදා ඉදිරියට සිදුනොවීමට දැඩි පිම්මක් ගත යුතු ය. එය නොවන තාක් ඇදහැලෙන මහ වැසි ද, ගලන මහ ගං දිය ද, ගැලවී යන මහ කඳු ද දෑතකින් දෙකකින්, අත්සනකින් නැවැත්විය නොහැකි බව සිතට ගත යුතුමය.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.