අර්ජුන හත්පොලේ ගා ගනී-අම්මාවත් ගොනාට අන්දලා...වරාය සහ නාවික අමාත්‍යාංශයේද කිසිදු තනතුරක්
ඇමතිවරයාගෙ මවට ලබා දී
නැතැයිද පවසන මාධ්‍ය ලේකම්වරයා අර්ජුන රණතුංගගේ සහෝදරයාගේ බිරිඳකට
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළම තනතුරක් ලබා දුන් බවට පල වන වාර්තා
ප්‍රතිකේෂ්ප කරමින් අර්ජුන රණතුංග වරයා වෘත්තීය සමිති විවේචනය කලද ඇත්තටම
අර්ජුනගේ මව වන නන්දනී රණතුංග වරායට අනුබද්ධිත ආයතනයක අධ්‍යක්ෂක
ධුරයක් දරණ බව තහවුරු වි තිබේ.
අමාත්‍ය අර්ජුන රණතුංගගේ මවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කිසිම තනතුරක්
ලබා දී නැති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් තමීර මංජු ද ඊයේ අර්ජුනගේ
වෙබ් අඩවියක් අන ඒආර් මිඩියා නැමැති වෙබ් අඩවියෙන් සහ නිවේදනයක් මගින්ද
මාධ්‍යයට අසත්‍ය තොරතුරු ලබාදි තිබේ.
ඇමති අරුජුන රණතුංගගේ මවවන නන්දනී රණතුංගට වරායේ එස්. එල්
එමි. පී ,එස්,සී ආයතනයෙන් අධ්‍යක්ෂධුරයක් ලබාදි ඇති බවත් වරායට සේවා සපයන
ආයතනයක් ලෙස එම ආයතනය කටයුතු කරන බවද අනාවරණය වි තිබේ.එම ආයතනයෙන් ඇමති අරුජුනගේ මවට මාසිකව රුපියල් අසු දහසක වැටුපක් හා වාහනයක් සහ ඊට අදාළ ඉන්ධන ද ලබා දී ඇති නමුත් නන්දනී රණතුංග මාසික වැටුප ලබා නොගන්නා අතර එම වැටුප සිය මවවද ගොනාට අන්දවා ලබා ගන්නේ ද ඇමති පුතා බවද අනාවරණය වි තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් රුවන් රණතුංගට ලබාදි තිබු KG 6245 යන වාහනය නන්දනී රණතුංග මිට පෙර ලබා දි තිබිණි.මිට මාස කිහිපයකට පෙර බෞද්ධාලෝක මාවතේ දී අනතුකට ලක්ව එහි රියදුරු මාධ්‍යවේදීයෙකු සමඟ ගැටුමක් ඇතිකර ගත්තේ ද එම වාහනයයි.
“අඩෝ උඹ දන්නවද ඩෝ මම කවුද කියලා.. දැනගනින් පරයා..” යෑයි ගුගුරමින් සුඛෝපභෝගී ජීප් රථයක පැමිණි පුද්ගලයකු පසුගිය අප්‍රියෙල් 4 වැනිදා දහවල් “දිවයින” මාධ්‍යවේදියකුට බැණවැදී ඔහු ගමන් කරමින් සිටි කාර්යාල රථයේ රියෑදුරාට කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී පහර දෙනු ලැබීය.