නාවුක හමුදා නැගෙනහිර පළාෙත් ආඥාපති ලෙස කටයුතු කල රියර් අද්මිරාල් නීල්
රොසයිරෝ ආපසු
කොළඹට කැඳවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්රම් අලවි පවසයි.
ඒ වෙනුවට නාවුක හමුදා බස්නාහිර පළාත් ආඥාපතිව කටයුතු කල රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නැගෙනහිරට පත් කර යවා තිබේ.
කෙසේ වෙතත් නැගෙනහිර මහ ඇමතිවරයා විසින් සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරියාට බැණවැදීමේ සිද්ධිය මෙම මාරු කිරීම හා සම්බන්ධ නැති බවත් සති තුනකට පෙර මෙය සැලසුම් කර තිබූ එකක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.