රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය
මගින් මරණීය දඬුවම ලබාදුන් ජූඩ් ෂර්මන්ත නමැත්තාට ජීවිත සමාව හිමිවෙමින්
විශේෂ ජනාධිපති සමාවක් යටතේ ඔහුගේ දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් දක්වා
ලිහිල් කර තිබේ.
කොළඹ රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ
ජුලි පළමුවැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම
සම්බන්ධයෙන් ජූඩ් ෂර්මන්තට මරණ දඬුවම නියම වී තිබිණි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම කොළඹ මහාධිකරණයේදී පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.
එයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජූඩ්
ෂර්මන්තට මරණ දඬුවම ලබාදුන් අතර එය මෙරට නීති පොත වෙනස් කළ ඓතිහාසික
සිද්ධියක් ද විය.
මරණීය දණ්ඩනයට යටත්ව බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට පොදු සමාවක්
ලබාදීම පිළිබඳ සලකා බැලීමට පත්කර ඇති විශේෂ කමිටුවේ නිර්දේශය මත රෝයල්
පාක් ඝාතනයේ චූදිතයාට ජනාධිපති සමාව හිමි වී ඇත.
එයට අමතරව මහනුවර ප්‍රදේශයේදී අහිගුණ්ඨික තරුණියක දූෂණය කර මරා දැමූ
අයකුට සහ 1996 වසරේ ගාල්ලේ පුවක්ගස්හේන ප්‍රදේශයේදී පුද්ගලයන් හත්දෙනකු
ඝාතනය කිරීමේ සිද්ධියක වරදකරුවන් අතරින් එක් අයකුටත් හම්බන්තොටදී මවක සහ
දියණියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ දෙදෙනකුගෙන් එක්
පුද්ගලයකුට ද එම කමිටුවේ නිර්දේශ මත ජනාධිපති ජීවිත සමාව හිමි වී තිබේ.
මෙරටට මත්කුඩු රැගෙන ආ ජාත්‍යන්තර කුඩු ඒජන්තයකු වන රාසික් බායි නමැති
පාකිස්තාන් ජාතිකයකුට ද කමිටුවේ නිර්දේශයෙන් ජනාධිපති ජීවිත සමාව ලැබී ඇති
අතර බෝගම්බර ප්‍රදේශයේදී සිදුකළ සය පුද්ගල ඝාතනයක වරදකරුවන් දෙදෙනකුට ද
එසේ සමාව හිමි වී ඇත.
මොවුනට මෙම ජනාධිපති සමාව හිමි වී ඇත්තේ ඉකුත් වෙසක් පුන් පොහෝදා බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ කමිටුවේ නිර්දේශ මත මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටි
සිරකරුවන් 184 දෙනකුට අදියර තුනක් යටතේ ජීවිත සමාව හිමි වී ඇතත් මරණ
දඬුවමට යටත්ව වසර 18-19 ආදී ලෙසින් දීර්ඝ කාලීන සිර දඬුවම් විඳින
කිසිවකුටත් මෙතෙක් සමාවක් ලැබී නැත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Wednesday, May 25, 2016
කෝටිපති මීනීමරුවෙකුට, රණවිරුවන්ට නැති ජනපති සමාව ...!!!
Posted by
lankanews
at
May 25, 2016
Labels: drags, kudu, lankanews, ltte, mayithri, ranil wickramasinghe, vigneshvaran, yahapalanaya
කෝටිපති මීනීමරුවෙකුට, රණවිරුවන්ට නැති ජනපති සමාව ...!!!
2016-05-25T16:36:00+02:00
lankanews
drags|kudu|lankanews|ltte|mayithri|ranil wickramasinghe|vigneshvaran|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...