ගංවතුර අවදානම සහ නායයැමේ අවදානම තවමත් පහව ගොස් නැති බව
ආපදා කළමනාකරණ
කැලණි ගඟේ ජල මට්ටම ඊයේ (20 වැනිදා) සවස් වන විට නාගලගම් වීදිය ජල මාපකයට අනුව අඩි 7.4 ක අගයක් ගත් බවත් එම ජල මට්ටම බැස යැමට අඩුම තරමේ තව දින දෙකක් හෝ
ගංවතුර අවදානම සහ නායයැමේ අවදානම තවමත් පහව ගොස් නැති බව ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානය ජනතාවට අනතුරු අඟවයි.
කැලණි ගඟේ ජල මට්ටම ඊයේ (20 වැනිදා) සවස් වන විට නාගලගම් වීදිය ජල මාපකයට අනුව අඩි 7.4 ක අගයක් ගත් බවත් එම ජල මට්ටම බැස යැමට අඩුම තරමේ තව දින දෙකක් හෝ ගතවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවහන හා ගංවතුර පද්ධති අංශයේ වාරිමාර්ග අධ්යක්ෂ ජානකී මීගස්තැන්න පැවසුවාය.
ගංගාවේ ඉහළ ප්‍රදේශවලට වර්ෂාව ඇදහැලුණහොත් ජලය බැසයැමට කාලය මීට වඩා වැඩි විය හැකි යෑයි ද ඇය කීවාය
එසේම නායයැමේ අවදානම තවදුරටත් දිස්ත්‍රික්ක හතකට බලපා ඇති බව ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානයේ නායයැම් අධ්‍යයන අංශ ප්‍රධානිs ආර්. එම්. එස්. බණ්ඩාර අනතුරු ඇඟවීය.
මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර එම දිස්ත්‍රික්ක හත බවත් හෙතෙම කියා සිටියේය.
මෙම තත්ත්වය මත අවදානම් සහගත තත්ත්වය තවමත් පහව ගොස් නැති බවත් එහෙයින් ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.