පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ නියෝගයකට අනුව පොලිස්
මාධ්‍ය ඒකකයේ සියලු කටයුතු (02
චාවාකච්ෙච්රි බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකයේ තොරතුරු මත මාධ්‍ය මඟින් පළවූ කරුණු හේතුවෙන් පොලිස්පතිවරයා මෙම පියවර ගෙන තිබෙන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ මාධ්‍ය වාර්තා සඳහා පොලිස් මාධ්‍ය ඒකකය මගින් තොරතුරු ලබා දුන් ආකාරය පිළිබඳ මේ වන විට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ද අරඹා ඇත.
පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳ ඊයේ පොලිස්පතිවරයා විසින් නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායකටද දැනුම් දුන් බව ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් ශානුක කරුණාරත්න සඳහන් කළේය.