රජයේ තහනම බිඳ දමමින් උතුරු පළාත් මහ ඇමැති සී.
විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් (18දා)
තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා, ප්ලොට් නායක ඩී. සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන්, රජයේ ඇමැතිවරියක් වූ විජයකලා ඇතුළු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් කීපදෙනකුද එම අවස්ථාවට සහභාගිවී තිබේ.සමරු උත්සවය ඇමතූ විග්නේෂ්වරන් යුද්ධයේදී මියගිය සියලුදෙනා කොටි නොවන බවත් ඔවුන් අතර සිවිල් වැසියන් සිsටින බවත් පවසා තිබේ. එහෙත් දකුණේ පාර්ශ්ව මෙම සමරුව කොටි ත්රස්තවාදීන් සැමරීමේ උත්සවයක් ලෙසට හඳුන්වන බවද හෙතෙම කියා ඇත.
මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් හා ආචාර්ය මණ්ඩලයද විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සමරු උත්සවයක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවෙන් 2/3 ක් ඊළාම් රාජ්‍යය බව දැක්වෙන සිතියමද ප්‍රදර්ශනය කළ එම සිසුන් එකී සමරුව මුල්ලිවයික්කාලි ජන සංහාරය ලෙස නම්කර තිබුණි.
පහන් පත්තු කරමින් ඔවුන් උපහාර දක්වා ඇත.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ද ත්‍රිකුණාමලයේදී සමරු උත්සවයක් පවත්වා තිබේ.