ළඟ ළඟ ණය ගනී.. බිලියන 30ක බැඳුම්කර නිකුතුවක් හෙට.. බිලියන 45ක නිකුතුවක් අනිද්දා..ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ රුපියල් බිලයන 30ක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.මාස 03, 06, 12 ආදී කාලසීමා තුනක් යටතේ කල් පිරෙන ලෙස මෙම බැඳුම්කර නිකුතුව පවත්වන බව මහ බැංකුව නිවේදනය කර ඇත.
මේ අතර අනිද්දා දිනයේද බිලියන 45ක බැඳුම්කර වෙන්දේසි සඳහා අයදුම්පත් කැදවා ඇත. ඒවා කල් පිරෙන්නේ 2018, 2020, 2024, 2026 වසරලවලදීය.2015 වසරේ සිදු වූ කුප්‍රකට බැඳුම්කර මගඩියෙන් මෙරටට මේ වන විට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 145ක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ආණ්ඩුව වැට් බද්ද ඉහල නංවා අපේක්ෂිත ආදායම වන්නේද රුපියල් බිලියන 100ක් යයි කී ඔහු බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගැනීමටවත් වැට් බදු වැඩ කිරීමෙන් නොහැකි යයිද පැවසීය.
පසුගිය මාර්තු මස 29 වනදාද නැවතත් බැඳුම්කර මගඩියක් වී ඇති බවත් එය සෙවීමට තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලන බවද ඔහු සඳහන් කලේය.