ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 29, 2016

සූප්පුවාගේ මාධ්‍ය නිවේදන සහ සත්‍යය...!!!

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති
අප වෙබ් අඩවියේ පළවූ  කවුද ජාතිවාදී....!!! මේ මුස්ලිම්කරණයයි...!!! ලිපියට පිළිතුරු හැරෙන තැපෑලෙන් අකිල විරාජ් නම් අධ්‍යාපන ඇමති ( සූප්පුවා ) මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇත.
මඩවල මදීනා ජාතික පාසලේ ඇතිවූ සිද්ධිය ජාතිවාදී සිද්ධියක් බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්  පවසනවා.  මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ විදුහලේ වෙනත් අර්බුධයක් ඇති බවත් ඒ සම්බන්ධව වැඩි විස්තර තමන් නොදන්නා බැවින් වැඩිදුර තොරතුරු අතිරේක ලේකම්වරයාගෙන් දැනගත හැකි බවයි.

ඉකුත් සතියේ දිනක මඩවල මදීනා ජාතික පාසලේ ගුරු දෙගුරු රැස්වීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්වයක් අතරතුර ගුරුවරුන් වෙත කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙන අතර ඒ සම්බන්ධව වීඩියෝ පටයක්ද මේවන විට අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් පවතිනවා. පාසලේ අභිවුර්ධි සංගමය නම් සංගමයක් ජාතිවාදී පදනම මත කරන ලද බලපෑමකුයි මෙම සිදුවීමට මූලික හේතුව වී තිබෙන්නේ. අදාළ පාසලේ සේවය කරන මුස්ලිම් නොවන ගුරුවරුන්ට පාසලෙන් ඉවත්ව යන ලෙස තර්ජණය කරමින් නිර්නාමික ලිපිද එවා ඇති අතර එසේ ලිපි ලැබුණු ගුරුවරියක් සභාව අමතද්දී සභාවේ සිටි දෙමව්පියන් ආවේගශීලී ලෙස කලහකාරීව හැසිරෙමින් මෙලෙස කුණු බිත්තරවලින් පහර දී ඇත.
මේ හේතුවෙන් මෙතෙක් කලත් ජාති ආගම් බේදයෙන් තොරව තම දරුවන් සේ සළකමින් ඉගැන්වීම් කටයුතු කළ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජණයක් ඇතිව තිබෙන හෙයින් තවදුරටත් පාසලේ සේවය කිරීමට සුදුසු වාතාවරණයක් සහ මානසිකත්වයක් නොමැති බවද සිංහල සහ දෙමළ ගුරුවරුන් සදහන් කරයි.
පාසලේ මුස්ලිම් ගුරු අනුපාතය පහළ යෑම සහ, ඉස්ලාම් නොවන ගුරුවරුන් පාසලේ සේවය කිරීම, පාසල් දැරියන් ක්‍රිඩා කටයුතුවල යෙදවීම සහ මුස්ලිම් සංස්කෘතියට හානිවීම යන අධ්‍යාපනය අහලට වද්දා නොගත යුතු මුග්ද ජාතිවාදය පදනම් කරගත් ඉල්ලීම් කිහිපයක් සහිතව පාසල් අභිවෘද්ධි සංගමය විසින් අගමැතිවරයාට සහ අධ්‍යාපන ඇමතිවරයාට යොමුකර තිබෙන ලිපිය මෙසේයි.

 පාසල් අභිවෘද්ධී සංගමයේ උක්ත ලිපියේ හරයම ජාතිවාදී එකක් බවට අධ්‍යාපන ඇමතිවරයාට නොවැටහුණුද ඕනැම ළදරුවෙකුට තේරුම් ගැනීමට හැකිවනු ඇත. පැහැදිළි ලෙසම උන්මත්තක ආගමික ගෝත්‍රිකවාදය පාසල ආක්‍රමණය කරද්දී, ඊට එරෙහිව ක්‍රියාත්මක වනවා වෙනුවට එය එසේ නොවේයැයි පවසමින් එක් අකතින් අන්තවාදය සාධාරණීකරණය කරන අතරේ අදාළ සිදුවීම ගැන තොරතුරු තමන් නොදන්නේ යැයි පවසමින් බොලද, වගකීම් විරහිත හැසිරීමක් පෙන්නුම් කිරීම රටේ දරුපරපුරේ අනාගතයට සෘජුවම වගකියන අධ්‍යාපන ඇමතිවරයාට තරම්වේදැයි ප්‍රශ්නාර්ථයක් පැන නගී.
නිශාන්ත අබේසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.