බැසිල්ගේ නිවසේ සේවයට
හමුදාව යෙදවීම ගැන
ගෝඨාගෙන් ප්රශ්න කරයි...!!!
පසුගිය රජය සමයේ ඇමැති බැසිල් රාජපක්ෂගේ ( සාටක සුණඛයාගේ )නිවසේ සේවය සඳහා නාවික හමුදා සහ යුද හමුදා සෙබළුන් යෙදවීම සහ ඒ මහතාගේ ඇමරිකාවේ පදිංචි පුත්රයාගේ නිවසේ සේවයට නාවික සෙබළුන් විදේශගත කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (09 වැනිදා) ප්රශ්න කර ඇත.
ඊයේ පෙරවරු 9.00 ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර දහවල් වනතුරුම ගෝඨාගෙන් ප්රකාශ සටහන් කර ගන්නා ලදී.
ඉකුත් 2010 වර්ෂයේ සිට 2015 වර්ෂය අතර කාලසීමාවේදී බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයා ලෙසින් විරුදාවලිය ලත් සුණඛයා ගේ නිවසේ සේවය සඳහා නාවික හමුදා සහ යුද හමුදා සෙබළුන් 164 දෙනකු යොදවා සිටි බවට චෝදනා එල්ල වී තිබිණි.
බැසිල් රාජපක්ෂගේ පුත්රයා පදිංචිව සිටි ඇමරිකාවේ පිහිටි නිවසේ සේවය සඳහා නාවික හමුදා සෙබළුන් දෙදෙනකු යෙදවූ බවට ද චෝදනා එල්ල වී ඇත.
මෙම සෙබළුන් දෙදෙනාගෙන් එක් අයකු ඇමරිකාවට යවා ඇත්තේ රාජ්යතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් යොදාගෙන බවට ද බැසිල් රාජපක්ෂගේ නිවසේ සේවය සඳහා යෙදවූ සෙබළුන්ට වැටුප් ගෙවා ඇත්තේ යුද හමුදාවෙන් සහ නාවික හමුදාවෙන් බවටද චෝදනා එල්ල වී තිබේ.