නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩට ත්‍රිවිධ හමුදාව හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධයේ බැණ වැදීම හේතුවෙන් නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ්ට ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කිරීම හා ඔහු සහභාගී වන උත්සව වර්ජනය කිරීමට ගත් තීරණය අත්හිටුවා තිබේ.
මෙම තීරණය අද දිනයේ සිට ක්‍රියාත්මක යයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේය.පසුගියදා නැගෙනහිර මහ ඇමැතිවරයා විසින් හමුදා නිලධාරීවරයෙකුට බැණ වැදීමේ සිදුවීම ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ජපානයේ G-7සමුළුවට සහභාගී වී සිටියදී මෙරට ගැන වැරැදි චිත්‍රයක් පෙන්වීමට ගත් ක්‍රියාමාර්ගයක් දැයි සොයා බලන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
එසේම මේ ගැන අන්තර්ජාලය තුළ ප්‍රචාරය කරන ලද විවිධ අර්ථකනත සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත.