ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.වාහන
ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ විසින් මේ
මෑතකදී වාහන මිල විශාල වශයෙන් ඉහල දැමීම සම්බන්ධයෙන් දෙරණ අරුණ වැඩසටහනේදී මාධ්‍යවේදී සංඛ අමරජිත් අදහස් පල කලේ මෙසේය.
මේ යටතේ එංජින් ධාරිතාව 1000ට වැඩි සියලු වාහන මිල ඉහළ යනු ඇත.
එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා වාහන සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 30ක් පමණ වේ.
එංජින් ධාරිතාව 1500ත් 1600ත් අතර වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 3500ක බද්දක් ද ධාරිතාව 1600ට වැඩි වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 4000ක් ද බදු වශයෙන් අය කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.
විද්‍යුත් මෝටර් රථ වාහන මිල ඒකක බදු ක්‍රමය යටතේ අඩු වන අතර මුලින් පැවැති ලක්ෂ 29ක පමණ බද්ද නව ක්‍රමය යටතේ ලක්ෂ 17 හමාරක් පමණ වනු ඇත.
නමුත් පවතින මිලට වඩා එම වාහන වැඩි අගයක් විය හැකි බව සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේය.
මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට 72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.
කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද කීවේය.
තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද ඔහු පැවසීය.
රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද , ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.

Most Viewed
MOST VIEWED VIDEO STORIES
<p>Your browser does not support iframes.</p>