ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 29, 2016

මුස්‌ලිම් පාසලෙන් යන්න කියා සිංහල ගුරුවරියට බිත්තර ගැසූ 7 දෙනෙක්‌ අත්අඩංගුවට

මහනුවර, වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් මඩවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්‌ලිම් ජාතික පාසලක

සිංහල ගුරුවරියකට එහි අධ්‍යාපන කටයුතු නොකරන ලෙස තර්ජනය කරමින් එම පාසල තුළදී බිත්තර ප්‍රහාරයක්‌ එල්ල කළ පුද්ගලයන් 7 දෙනකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගුරු දෙගුරු රැස්‌වීමකදී මෙය සිදුව ඇති අතර දෙමාපියන් පිරිසක්‌ සහ ගුරුවරු පිරිසක්‌ එම ප්‍රහාරයට එක්‌වී ඇති බව සඳහන් වේ. පසුගිය 24 වැනිදා මෙය සිදුව තිබේ. මෙම පාසලේ සිංහල ගුරුවරුන් සේවය නොකළ යුතු බවට මීට පෙර යම් පිරිසක්‌ තර්ජනය කර ඇති බවත් වර්තා වෙයි.

ගුරු දෙගුරු රැස්‌වීමේදී මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී මෙම ගුරුවරියට පාසලෙන් ඉවත්ව යන ලෙස කියමින් පහර දී නැත. සිද්ධියට මුහුණ දුන් සිංහල විෂය භාර ගුරුවරිය එම සිදුවීමෙන් පසු පාසලට පැමිණ ඇත. මේ පිළිබඳව වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වන එච්. කේ. විෙලාරත්නගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ යම් සිදුවීමක්‌ වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව පරික්‍ෂණයක්‌ පැවැත්වෙන බවත්ය.

වත්තේගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාගෙන්  වැඩිදුරටත් කළ විමසුමකදී ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නවරත්න  සඳහන් කළේ පාසල තුළ සිදුවූ සිදුවීමක්‌ සම්බන්ධයෙන් පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ බවත් ඔවුන් (27 වැනිදා) ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කළ බවත්ය.

මෙම පිරිසට ගුරුවරුන් දෙදෙනකු සහ දෙමාපියන් පස්‌ දෙනකු ඇතුළත් බවත් හෙතෙම කියා සිටියේය.

 අප ලංකානිව්ස්හී සබැඳි පුවත්
 http://www.lankanews.org/2016/05/blog-post_341.html
 http://www.lankanews.org/2016/05/blog-post_68.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.