ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 25, 2016

'උඹ හොර පාටයි' යනුවෙන් පවසා මුළු පංතියක් ලවා අහිංසක දැරියකට ටොකු අන්නාවූ අමන යක්ෂණියක්...!!!

ගාල්ලේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක හතරවන ශ්‍රේණියේ සිසුවියක කළ බැව් කියන වරදක් සම්බන්ධයෙන් එම පන්තියේ සිසු  සිසුවියන් හතළිස් හතර දෙනකු ලවා ටොකු ඇන්නවූ ගුරුයකින්ණියක් පිළිබදව වාර්තාවිය.
ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධණ කමිටුවේදී මේ බව හෙළිදරව් කෙරුණු අතර,   අදාළ සිසුවියගේ සුළු වරදක් සම්බන්ධයෙන් එම ගුරුවරිය මෙම දඬුවම දී ඇති බව  ගාල්ල ස්ථාන භාර පරිවාස නිළධාරිණී කේ. නානායක්කාර ගාල්ල දිස්ත්‍රික් ළමා සංවාර්ධන කමිටුවේදී අනාවරණය කළේය. මෙම සිද්ධියෙන් පසුව එම දැරිය පාසල් යාමට අකමැත්තක් දක්වන බවත් සඳහන් කෙරිණි.


එම ගුරුවරිය විසින් 'උඹ හොර පාටයි' යනුවෙන් පවසා සෙසු සිසුවියන් ලවා මෙම දැරියට ටොකු අන්නවා තිබෙනවා. මෙම පාසලට පුහුණුව සඳහා පැමිණි විද්‍යාපීඨ ගුරුවරියක විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවද සඳහන්  වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. කේ. රාජපක්ෂ මහතා "ගුරුවරයා දරුවෙකුට දඬුවම් කරන්නේ ඔහු හෝ ඇය හදාගන්නයි. හැමදේටම බැනුම් අහන්නෙත් දඩුවම් කරන්නෙත් වැඩ කරන ගුරුවරයා බව කිව යුතුයි." යනුවෙන් පවසා තිබේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ "හැබැයි අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ආපු ගුරුවරියක් මෙහෙම කළා කීවාම පුදුම හිතෙනවා. කොහොම උනත් ඒ පිළිබදව සොයා බලන්න කටයුතු කරනවා. සොයා බලා ඒ ඒ අයට කරන්න ඕන ප්‍රතිකාර වර්ග ගොඩක් අපි ළග තියෙනවා." යනුවෙනි. අධ්‍යක්ෂකවරයා පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.