ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 22, 2016

කුමක්ද මේ අසිරිය... අංක 2 ...!!!

අරණායකට මහ වැසි ඇද වැටෙමින් තිබුණි. හාත්පස මීදුමෙන් වැසී වැසී ගියේ වෙනදාට වඩා කලින් අඳුර ගම වට කරමිනි. එක දිගට ඇදහැලෙන මහා වැසි මැද අරණායක රාමසර කන්දේ පදිංචිකරුවන් පිරිසක් ආසන්නයේ වූ රතන ජෝතියාරාමයට පැමිණියේ වෙසක් උත්සවයට පෙරාතුව සංවිධානය කර තිබූ බෝධි
පූජාවකට සම්බන්ධ වීම සඳහාය.
මහා වැස්ස නොතකූ භික්ෂූන් වහන්සේ බෝධි පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කළහ. එළැඹෙන වෙසඟට කාලගුණයෙන් බාධා එල්ල නොවේවායි ප්‍රාර්ථනා කරමින් බෝධි පූජාව ආරම්භ විය.
බෝධි පූජාව ආරම්භ වී වැඩි වේලා ගියේ නැත. හාත්පස කම්පා කරමින් අකුණු සර සහිත මහා හෙණ කඳක් සාමසර කන්දට පතිත විය. රතන ජෝතියාරාම බිමේ සිට බැලූ විට අරණායක සාමසර කන්ද මැනවින් දර්ශනය වේ.

නමුත් මේ වන විට හාත්පස සිසාරා පැතිර තිබූ මීදුම් වලාකුළු නිසා පැහැදිලි දසුනක් දිස් වූයේ නැත. නමුත් මහා අනතුරක් සේයාවක් රතන ජෝතියාරාමයේ බෝධි පූජාවට සම්බන්ධ වී සැදැහැවතුන්ගේ හදවතට දැනෙන්නට විය.
“අපිට හිතාගන්නවත් බැරි වුණා. එකපාරටම ගුවන් යානයක් කඩා වැටෙනවා වගේ විශාල සද්දයක් ඇහුණේ. ටික වෙලාවක් යන කොට අපිට ආරංචි වුණා සාමසාර කන්ද නාය යනවා කියලා. අපිට කිසි දෙයක් හිතා ගන්න පුළුවන් වුණේ නැහැ. එන්න එන්න කළුවර වැඩි වුණා. ඇත්තටම සිදුවුණේ මොකක්ද කියලා හරියටම ඇස් දෙකෙන් දැක්කේ ඊට පහුවෙනිදා. ඒ වෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.”

උදෑසන වන විට සාමසර කන්දේ කොටසක් පහළට ගලා විත් තිබුණේ ජීවිත රැසක් සමග දේපළ විශාල ප්‍රමාණයක් අහිමි කරමිනි. කන්දේ විශාල ප්‍රමාණයක් පහළට රූරා වැටුණේ ඒ බිමේ කිසිවක් ඉතුරු නොකරමිනි. මිනිසුන් ගෙවල් දොරවල්, සතා සීපාවා පමණක් නොව ගහකොළ ද රොන් මඩ සහිත පස් කන්දට යට වී තිබුණි.
නමුත් ඒ අතරේ අදහාගත නොහැකි ආශ්චර්යවත් සිදුවීම් ද තිබූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. නායගිය රාමසර කන්දේ පදිංචිකරුවන් උදේ හවස වන්දනාමාන කළ බෝධීන් වහන්සේත් බෝධීන් වහන්සේ ඉදිරිපිට තනා තිබූ බුද්ධ ප්‍රතිමාව සහිත බුදු කුටියත් නිරුපද්‍රිතව තිබුණි. සෑම කෙනෙකුම ඒ පිළිබඳව කතා කළේ අදහාගත නොහැකි විශ්වාසයකිනි.
“ඇත්තටම හරි පුදුමයක් මේක. වටේ කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. නමුත් බෝධීන් වහන්සේටත් බුද්ධ රූපයටත් කිසිම හානියක් වෙලා නැහැ. ගමේ මිනිස්සු වැඩට යනඑන කොට හැම කෙනෙක්ම වාගේ මලක් තියලා වැඳලා කියලා යන්නේ. ඉඩ තියෙන හැම වෙලාවකම මලක් තියලා පහනක් පත්තු කරන්න අමතක කරන්නෙ නැහැ. ඇත්තටම දැන් අපිට තේරෙනවා මොන තරම් බලයක් මේ බෝධීන් වහන්සේ ළඟ තියෙනවාද කියලා.”
බුලත්විට කහට බැඳුණු සිනහව අතරින් සිරිදාස අප සමග දොඩමළු වූයේ තම ගම නාය යෑමේ දුක හිතේ සඟවාගෙනය.
එමෙන්ම ගමට ඇතුළුවන සීමාවේ තිබූ කුඩා බුදු පිළිමය සහිත බුදු මැදුරටද කිසිදු හානියක් සිදු වී නොතිබුණි.
ස්වභාව ධර්මයා මිනිසාට එරෙහිව නැගී සිටි සෑම අවස්ථාවකම පාහේ මේ බෞද්ධ රටේ අපි දුටු එක් සත්‍යයක් නම් එවැනි අවස්ථාවලදී පූජනීය ස්ථාන හා පූජනීය වස්තූන් ආරක්ෂා වීමයි. මුළු රටම කම්පා කරමින් හැමූ සුනාමි ඛිෙදවාචකයේදී මුළු ගාලු නගරයම සුනාමි රකුසා විසින් යට කර දමද්දී ගාලු නගර මධ්‍යයේ තිබූ වීදුරුවලින් ආවරණය කර තිබූ බුදුපිළිම වහන්සේට කිසිදු හානියක් සිදු වූයේ නැත.
එමෙන්ම සාමසර කන්ද ද ඉපැරණි ඉතිහාසයක් ඇති කඳු පෙළකි. පුරාවෘත්ත කතාවක් ගෙනහැර දැක්වූ වැඩිහිටියකු අපට කියා සිටියේ රාවණාගේ හීසර පහරක් මේ කන්දට පතිත වී ඇති බවය. මේ ස්ථානයේ අතිවිශාල ගල්පර්වතය දෙබෑ වී ඇත්තේ එම හී පහරින් බව ගැමියන්ගේ විශ්වාසයයි. මෙයට සාමසර කන්ද කියන්නේ මේ නිසාමය.
රාවණාගේ හීසර වැදී ගල්පර දෙබෑ වී ගියත් මේ මහා නායයාමෙන් මේ ගමට යන වෙල්යාය මැද්දේ වැඩසිටි බුදුපිළිම වහන්සේටවත් සිරිපුර පන්ස‍ලේ බුදු පිළිම වහන්සේටවත් කිසිදු හානියක් නොවුණේ මහා ආශ්චර්යයක් ලෙසටය. මෙහිදී සුනාමියෙන් ගාල්ලේ බුදු පිළිම වහන්සේ විශ්මයජනක ලෙස සුරැකෙත්දී ඒ අවස්ථාවේදීම ලොව තැන් දෙකක අපූරු සිදුවීම් දෙකක් සිදු වී තිබුණි. ගාල්ලේ බුදුරූපය නිරුපද්‍රිත වෙද්දීම ඉන්දියාවේ එක් කෝවිලක් සුනාමි රකුසා විසින් මුළුමනින්ම සුනු විසුනු කර දැමුණු මුත් මියන්මාරයේ මව්ටින්සුන් පන්ස‍ලේ බුදු පිළිම වහන්සේට නිය පහරකවත් හානියක් වූයේ නැත්තේ විස්මයජනක ලෙසය.
2015 දී නේපාලයේ වූ භූ චලනයේදී නේපාලයේ ලෝක උරුමයක් වූ බුදුපිළිම වහන්සේට එහිදී කිසිදු අන්තරාවක් සිදුවූයේ නැත. එමෙන්ම ජපානයේ ක්‍රි. ව. 607 දී ගොඩනගා ඇති නොරියලු පන්ස‍ලේ බුදු පිළිම වහන්සේ භූමි කම්පන 46 කට ගොදුරු වූ නමුත් කිසිදු උපද්‍රවයකට ලක් නොවීමට ලෝක ප්‍රජාවගේ විශ්මයාර්ථයට හේතු වී ඇති බව නොකියා නොකියාම බැරිය.
සුනාමි ව්‍යසනයෙන් පසු දකුණේ වෙරළ තීරයේ කරක් ගැසූ අපට දැකගත හැකි වූයේ ගොඩනැගිලි දැවැන්ත සුන්බුන් බවට පත්වෙද්දී බුදුපිළිම වහන්සේලාට කිසිදු උපද්‍රවයක් ඇති නොවී තිබිමය.
කිසියම් අඳුරු ගුප්ත බවකින් අප යන විට වැසී ගොස් සිටින අරණායක සාමසර කන්ද ප්‍රදේශය දෙවනත් කරමින් වැලපෙන සුනඛයන් සුලබ දසුනක් විය. බැලූ බැල්මට එම සුනඛයන් දරාගත නොහැකි බඩගින්නේ, සීතලෙන් ගැහෙමින් සිටිනු අපට දැකගත හැකි විය. මෙය දුටු මේ විපත දැක ගැනීමට පැවති පුද්ගලයකු එම සුනඛයාට යෝගට් එකක් කඩා දුන්නත් ඌ එයට ඉව අල්ලා ඉන් ඉවත් වන්නට විය. එය දුටු සාමසාරපුර නායයෑමෙන් බේරුණු පුද්ගලයකු අපිට කිව්වේ මෙවැන්නකි.
“ඔය පියදාසගේ ගෙදර බල්ලා. මුළු පවුලම ආගිය අතක් නෑ. කොච්චර කන්න දුන්නත් කන්නේ නෑ. ගෙදර උදවිය හොයනවා. ධර්මෙලාගේ, කරුණේගේ, තරංගලාගේ, එළියන්ලාගේ බල්ලොත් බේරිලා. මල්සිගෙයි, උපාලිගෙයි බල්ලෝ දෙන්නා තමයි අර බෝක්කුව ළඟ ඉන්නේ”යි එම ගැමියා අපට පැවසුවේය. අප සමග කතා කළ ගැමියා අසලට ආ එම බල්ලා ඔහුට ඉව අල්ලා ඔහු පසුපසින් යන්නට වූයේ කනවැල අල්ලාගෙන යන්නාක් මෙනි. ගැමියා පවසා සිටියේ දැනට මයුරපාද විහාරස්ථානයේ රැඳී සිටින මේ සුනඛයාගේ හාම්පුතුන් වෙත සුනඛයා රැගෙන යන බවය. අපට ප්‍රශ්නාර්ථයක් වූයේ බොහෝ සුනඛයන් ලබාදෙන කිසිදු ආහාරයක් නොලබමින් සාමසර කන්ද දෙස බලමින් තම කන්නලව්ව නොනවත්වාම කරගෙන යාමයි. ඔවුන්ගේ ආවේගාත්මක හඩින් කියා පෑවේ තම නිවෙස් හිමියාත්, තමන් මතෛක් රැකගත් එම පවු‍ලේ උදවියත් තමන්ට ලබා දෙන්නාක් වැනි ආයාචනාත්මක හඬකි. එය වේදනාබර ළතෝනියක් වූ බව නම් නොකියා බැරිය.
වජිර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.