සිලින්ඩර ධාරිතාව 1500 ට වඩා අඩු වාහන මත මේ දක්වා ක්‍රියාත්මක කෙරුණු ඒකක
බද්දේ අගය ඉහළ
ඒකක බද්දේ අගය රුපියල් ලක්ෂ 260 ක සිට රුපියල් ලක්ෂ 300 දක්වා ඉහළ ගොස් තිබීම හමුවේ ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක මත පැනවෙන රුපියල් ලක්ෂ 33 සිට රුපියල් ලක්ෂ 77 දක්වා ඉහළ ගොස් තිබීම නිසා මෙරට ජනතාව ජපන් වාහන ආනයනයෙන් වැළකීමේ ඉඩක් ඇතැයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ ප්‍රධානී ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය. ‘‘මේක අස්වාභාවික වැඩිවීමක්.ඒ වගේම කෙටි කාලයක් ඇතුළත මේ වගේ දෙතුන් සැරේට වාහන මිල සංශෝධනය කරන එකත් සාධාරණ නැහැ.‘‘ සරත්චන්ද්‍ර පැවසීය.
සිලින්ඩර ධාරිතාව ඝණ සෙන්ටිමීටර 1500 ට වඩා අඩු එන්ජින් සහිත කුඩා පරිමානයේ මෝටර් රථ වන ටොයෝටා විට්ස්, ටොයෝටා පැසෝ, හොන්ඩා ෂට්ල් (හයිබ්‍රිඩ්), හොන්ඩා ෆ්රීඩ්, හොන්ඩා ඉන්සයිට්, සුසූකි හස්ලර්, සුසූකි වැගන් ආර් (හයිබ්‍රිඩ්) ආදියේ මිල පහතට ගොස් ඇත.
‘‘මෑත ඉතිහාසයේ වැඩිම වාහන බදු වැඩිවුනු අවස්ථාව තමයි මේක.පසුගිය සති තුනේදී අවම මට්ටමක පවත්වාගැනුණු නිපැයුම් බද්දත් ඉහළ දමා තිබෙනවා.‘‘ මෙරෙන්චිගේ වැඩිදුරටත් කීය.
විදුලි බලයෙන් ජවගැන්වෙන මෝටර් රථ වල මිල ඒවායේ විදුලි කෝෂ ධාරිතාව අනුව ඉහළට යනු ඇත.එසේවුවත් විදුලි කෝෂ ධාරිතාව කිලෝවොට් 100 ක් වන මෝටර් රථ මත පනවා තිබූ රේගු බද්ද පහත දමා තිබේ.ඒ අනුව නිසාන් ලීෆ් වර්ගයේ විදුලි මෝටර් රථයක් මත පනවා තිබූ රැපියල් ලක්ෂ 29 ක් වූ රේගු බද්ද මේ අනුව රුපියල් ලක්ෂ 17 ක් දක්වා පහත දමා ඇත.
ලොරි,බස්,වෑන් ආදිය මත පනවා තිබූ බදු වල වෙනසක් සිදුව නොමැත.
‘‘මේ තත්ත්වය දිගටම පැවතුණහොත් සිලින්ඩර් ධාරිතාව 1000 ට වඩා අඩු මෝටර් රථ විතරක් රටට ඒවි.1000 - 1500 අතර ධාරිතාවයේ මෝටර් රථ ආනයනය සියයට 85 කින් විතර පහත බහීවි.‘‘ මෙරෙන්චිගේ පැවසීය.
පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතිවිශේෂ ගැසට් නියෝගයකට අනුව ඒකක බද්දෙහි අගය ඉහළ දමා ඇති නිසා සිලින්ඩර් ධාරිතාව 1600 ට වඩා වැඩි මෝටර් රථවල මිල ඉතා ඉහළට යනු ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර කීය.නිසාන් එක්ස් ට්‍රේල් වර්ගයේ රථයක් මත මේ දක්වා පනවා තිබූ රුපියල් ලක්ෂ 40 ක් වූ බදු මුදල , බදු සංශෝධනය හමුවේ රුපියල් ලක්ෂ 80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය දෙගුණයක වැඩිවීමක් බවත් ඔහු පෙන්වාදේ.
රුපියල් ලක්ෂ 38 ක් වන මැස්ඩා ඇක්සෙලා වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 80 ක් දක්වා ඉහළට යනු ඇත.
ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ රථයක මිල රුපියල් ලක්ෂ 50 කින් ඉහළ ගොස් තිබෙන අතර ලෑන්ඩ් කෘෘසර් 202 වර්ගයේ රථයක මිල රුපියල් ලක්ෂ 100 කින් ඉහළ ගොස් ඇත.
‘‘මේක අස්වාභාවික වැඩිවීමක්.ඒ වගේම කෙටි කාලයක් ඇතුළත මේ වගේ දෙතුන් සැරේට වාහන මිල සංශෝධනය කරන එකත් සාධාරණ නැහැ.‘‘ සරත්චන්ද්‍ර පැවසීය.