ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 31, 2016

අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවානේ ඒකනේ මිල වැඩි වුණේ - ඇමැති ජෝන් අමරතුංග

මාධ්‍ය - ඇමැතිතුමනි, කාර් එකක්‌ ගන්න ඕනෑනම් මේ රජය බලයට පත් කරන ලෙසට

ඔබතුමන්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියා. නමුත් දැන් කාර් බද්ද වැඩිකරලා ජනතාවගේ එම සිහිනය බොඳවෙලා නේද...?

ඇමැති අපතයා- නෑ. සුඛෝපභෝගී කාර්වල විතරයි බදු වැඩිවෙලා තිබෙන්නේ සල්ලි තිබෙන මිනිහා ඒවා ගනීවි. සාමාන්‍ය කාර් වැඩිවෙලා නෑ. ගැසට්‌ පත්‍රය නිකුත් වූ විට ඒ මිල ගණන් බලා ගත හැකියි. දැන් බලන්න කොළඹ - කුරුණෑගල පාරවල්වල යන්නට බෑ. වාහන දිගු පෝලිම්, මේක වෙලා තියෙන්නේ අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවනේ. ඒකනෙ මිල වැඩිවෙලා තිබෙන්නේ.

විජිත හේරත් පැදවූ රිය හැප්පුනු අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරූප මෙන්න… මිනිස්සු අමු කුණුහරුපෙන් බනී..


බීමතින් රිය පදවා රජයේ දේපළට හානි කළැයි අත්අඩංගුවට ගත් විජිත හේරත්ට පොලිස්‌ ඇප...හොඳටම සූර්වී වාහනය හප්පා දැමූ මේ ජේ.වී.පී අපතයාට ජනතාව එවේලේ බැණ වැදුනේ මෙසේය.මෙම සිදුවීම වූ මොහොතේම ගත් ඡායාරූප ද ඉදිරිපත් කරමු.මේ බේබද්දාට සිය වාහනයෙන් බැසීමට පවා නොහැකිවී ඇති අයුරු මනාව පෙනේ.හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඵම සියලු විස්තර මෙසේ ගෙන ඵමු.තීරණය සහ විනිශ්චය බුද්ධිමත් ඔබට බාරය.
වීඩියෝ සහිතයි 

දොස්තරලා කියන්නේ නිවටයින්, ගෙවලයින්, කාමාතුරයින්…– රාජිත පුත් චතුර

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිටින්නේ නිවටයින්, ගෙවලයින්, කාමාතුරයින් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී
චතුර සේනාරත්න  පවසයි.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධ වීඩියෝපට පින්තූර තමන් සතුව ඇති බවත් ඒවා පවා හෙලි කරන්නට සූනාම් බවත්ය.වීඩියෝ සහිතයි

මරික්කාර් ගංවතුරෙදි සැලකුවේ මුස්ලිම් අයට විතරයි ...!!! ඡන්ද දායකයන් කෑ ගසති...!!!

ප්‍රථමයෙන් කෑගල්ලේදී  ස්විප් විකුණා පසුව නිවේදකයෙකුවී ඊටත් පසුව කීලි මහරාජාගේ අනුග්‍රහයෙන්   දේශපාලකයෙකුවූ මරික්කාර් නම් අතිශය ජාතිවාදී මුස්ලිම් අපතයා ,පසුගියදා කොළොන්නාවේ ගංවතුර විපතේදී මුස්ලිම් මිනිසුනට පමණක් උදව් කොට ඇත මේ බැව් පවසන්නේ එම අසරණ ජනතාවමය.වීඩියෝ සහිතයි

Monday, May 30, 2016

සිරිසේනගේ සිරා කුමන්ත්‍රණය...!!!

යහපාලන ජාතික ආණ්ඩුව කඩාවැටෙන බවට ශ්‍රිලනීපයේ ඇතැමුන් ඉඟි පලකිරිමත් සමග ඉතා ඉක්මනින්ම

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අගමැතිකම සහ ඇමතිකම් ඇතුලු තනතුරු සියල්ලම් අහිමි විමේ අවදානමක් මතුව ඇති බවත් එය යට කිරිම සදහ එජාපයේ සහ බෙදුම්වාදී ඡන්දය හරහා බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර එජාපයේ රනිල් පිළේන් දරුණු මඩ හා සිවිල් සංවිධාන පෙළගැස්මක් සිදුකිරිමට මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ.
මීට ප්‍රධාන වශයෙන් හේතුව වි ඇත්තේ විධායකය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පවරා දිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු සිවිල් සංවිධාන අතර සංවාදයක් ඇති කිරිම සදහා සාකච්ඡා කිරිමට අවස්ථා ගණනාවක මෛත්‍රීපාල සිරිසේනට ආරාධනා කලද එම ආරාධනා කමකට නොගන ශ්‍රිලනීපයේ  අපතයන් කිහිප දෙනෙක් හරහා ඊළඟ ජනාධිපතිවරණයේත් ජනපති අපේක්ෂකයා මෛත්‍රී බවට ප්‍රසිධියේ ප්‍රකාශ නිකුත් කිරිම එජාපයේ මහත් කැළඹීමට ප්‍රධානම හේතුව වි තිබේ.

සියලූ ජපාන කාර් වර්ගවල නව බදු මෙන්න..!!!

පසුගියදා රජය විසින් සිදු කරන ලද බදු සංශෝධනයයෙන් පසු මෙරට වෙළඳපල තුල ටොයොටා, නිසාන්, මිට්සුබිෂි, මැස්ඩා, හොන්ඩා යන ජපාන මෝටර් රථවල නව මිල ගණන් මෙසේය.
අලූතෙන් පනවන ලද ඒකක බද්ද නිසා 1,000ccට වඩා අඩු වාහන මිල අඩු වන්නේ යයි වාර්තා වුවත් ඒවායේ මිලද ඉහල යන බව වාහන වෙළදුන් කියති

නපුංසක රනිල්ගේ නියෝග මත ..මහ ඇමතියා හොඳයි ...කරපු වැඩේ සාධරණයිලු...!!!

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩට ත‍්‍රිවිධ හමුදාව හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..නාවික හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධයේ බැණ වැදීම හේතුවෙන් නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ්ට ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කිරීම හා ඔහු සහභාගී වන උත්සව වර්ජනය කිරීමට ගත් තීරණය අත්හිටුවා තිබේ.

Sunday, May 29, 2016

මහින්දට බිය නොවූ අපි ගැත්තන්ට යටත් වන්නේ නෑ...!!! සුදු රෙදි නැව් හොරා කියයි...!!!

'මහින්ද රාජපක්‍ෂලාට බිය නොවූ අපි ඒ අයගේ ගැත්තන්ට යටත් වන්නේ නැතැයි' රජයේ වෛද්‍ය

නිලධාරි සංගමය මගින් ප්‍රකාශ කොට ඇති මැයි 31 වැඩවර්ජනය පිළිබඳව අදහස්‌ දක්‌වමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න  (29 දා) දහවල් කළුතරදී ප්‍රකාශ කළේය.
සුදු රෙදි නැව් හොරා එසේ පැවසුවේ ළමා හා මාතෘ රෝහලට සහ කළුතර මහ රෝහලේ මහල් හතකින් යුතු වාට්‌ටු ඇතුළු ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ සුදු රෙදි නැව් හොරා මෙසේ ද කීය.

රට පුරා හෙට වෛද්‍ය වර්ජනයක්‌...!!!

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු පිරවීමේ ලැයිස්‌තුව වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා විසින්

අත්තනෝමතික ලෙස සකස්‌ කිරීමට එරෙහිව හෙට (31 දා) රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්‌ පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
සංකේත වැඩවර්ජනයට ආණ්‌ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්‌වුවහොත් ජුනි 01 වැනිදා සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ දියත් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් සොයිසා  (29 වැනිදා) ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ ජාතික රෝහල, ගම්පහ, පුත්තලම, කෑගල්ල හා කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කවල රෝහල් මෙන්ම රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල් කාන්තා රෝහල, කොළඹ සොයිසා රෝහල, සිරිමාවෝ බණ්‌ඩාරනායක ළමා රෝහල, පිළිකා රෝහල සහ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය ඒකකවල මෙම වැඩ වර්ජනය නොපවත්වන බව ද හෙතෙම කීය.

මුස්‌ලිම් පාසලෙන් යන්න කියා සිංහල ගුරුවරියට බිත්තර ගැසූ 7 දෙනෙක්‌ අත්අඩංගුවට

මහනුවර, වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් මඩවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්‌ලිම් ජාතික පාසලක

සිංහල ගුරුවරියකට එහි අධ්‍යාපන කටයුතු නොකරන ලෙස තර්ජනය කරමින් එම පාසල තුළදී බිත්තර ප්‍රහාරයක්‌ එල්ල කළ පුද්ගලයන් 7 දෙනකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගුරු දෙගුරු රැස්‌වීමකදී මෙය සිදුව ඇති අතර දෙමාපියන් පිරිසක්‌ සහ ගුරුවරු පිරිසක්‌ එම ප්‍රහාරයට එක්‌වී ඇති බව සඳහන් වේ. පසුගිය 24 වැනිදා මෙය සිදුව තිබේ. මෙම පාසලේ සිංහල ගුරුවරුන් සේවය නොකළ යුතු බවට මීට පෙර යම් පිරිසක්‌ තර්ජනය කර ඇති බවත් වර්තා වෙයි.

ඉන්දියාවේ තරුණියක් පළමුවතාවට නිරුවතින් බයිසිකල් පැදීම නිසා ඉන්දියාව ලැජ්ජවෙයි (Video)


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අවුරුදු ගානක් තිස්සේ පවත්වාගෙන එන නිරුවතින් බයිසිකල් පැදීමේ උත්සවය තිබ්බා. මේක ඉංග්‍රීසියෙන් කියනවා නම්  The World Naked Bike Ride event.ඉන්දියාවේ ගෑණියකුත් ඇඟේ නූල් පොටක් නැතුව නිරුවතින් බයිසිකලයක් පැද්දා කියමුකෝ.හැබැයි ඒ ඉන්දියාවට ගරහන්න බටහිර එන්.ජී.ඕ කාරයෝ දෙන සල්ලි වලට කියල දැන් එළිවෙලා.
මේක දැකලා ලංකාවේත් සමහරක් ඵළදෙන්නුත්  පිටරට ඵන්.ජී.ඕ ඩොලර් වලට නිරුවත් වී රටට හැදියාවට නොකෙළෙව්වොත් තමා පුදුමේ... ඡායාරූප සහ වීඩියෝ සහිතයි...අවවාදයයි වැඩිහිටියනට වඩාත් සුදුසුයි...

සූප්පුවාගේ මාධ්‍ය නිවේදන සහ සත්‍යය...!!!

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති
අප වෙබ් අඩවියේ පළවූ  කවුද ජාතිවාදී....!!! මේ මුස්ලිම්කරණයයි...!!! ලිපියට පිළිතුරු හැරෙන තැපෑලෙන් අකිල විරාජ් නම් අධ්‍යාපන ඇමති ( සූප්පුවා ) මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇත.
මඩවල මදීනා ජාතික පාසලේ ඇතිවූ සිද්ධිය ජාතිවාදී සිද්ධියක් බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්  පවසනවා.  මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ විදුහලේ වෙනත් අර්බුධයක් ඇති බවත් ඒ සම්බන්ධව වැඩි විස්තර තමන් නොදන්නා බැවින් වැඩිදුර තොරතුරු අතිරේක ලේකම්වරයාගෙන් දැනගත හැකි බවයි.

බැලුමක් ගිය උඩ...!!! ත්‍රිවිධ හමුදාවනට රනිල් තර්ජණය කරයි...!!!

නැගෙනහිර හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ වහාම ඉවත් කර ඒ වෙනුවට

යහපාලනයට කඩේ යන නපුංසක නිළධාරියෙකු වහා පත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  කල නියෝගයට අනුව එම තනතුර සදහා හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පත්කර ඇති බව ආරක්ෂක තොරතුරු  සදහන් කළා.
නැගෙනහිර මහ ඇමතී අහමඩ් නසීර් සාම්පූර් නාවික නෞකා විදුර කදුවුරේ අණදෙන නිලධාරිවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීමෙන් සතියකට අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානීනීන් අරලියග මන්දිරයට කැදවූ අගමැතිවරයා හා පයිප්ප බාස් ආරක්ෂක ලේකම්වරයා සමග පැවැත්වු විශේෂ සාකච්ඡාවේදි අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ අදාළ සිදුවිම මාධ්‍යයට හරහා සමාජ ගත විමට නාවික හමුදාව සම්පුර්ණයෙන් වගකිවයුතු බවයි.

The Story Behind The World's Emptiest International Airport...!!!

The story as to how this airport rose and fell is a dive into a quagmire of national politics, geopolitical

maneuvering, raw corruption, and the hunger of China to invest in massive infrastructure projects along what has subsequently been dubbed the 21st Century Maritime Silk Road.
It was long understood that Sri Lanka needed a second international airport. Traffic through Colombo was getting too heavy and the country was in the active process of trying to develop its hinterlands to curb the social and economic disparity that was growing between the nation’s capital and everywhere else. At a cost of $209 million, $190 of which coming in the form of loans from China, Mattalla was selected as the site for the country’s number two air transport hub.

නැවත සීසී 1500 ට වැඩි වාහන ගණන් යයි....!!!


සිලින්ඩර ධාරිතාව 1500 ට වඩා අඩු වාහන මත මේ දක්වා ක්‍රියාත්මක කෙරුණු ඒකක බද්දේ අගය ඉහළ

දැමීම නිසා එම වාහන වල මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒකක බද්දේ අගය රුපියල් ලක්ෂ 260 ක සිට රුපියල් ලක්ෂ 300 දක්වා ඉහළ ගොස් තිබීම හමුවේ ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක මත පැනවෙන රුපියල් ලක්ෂ 33 සිට රුපියල් ලක්ෂ 77 දක්වා ඉහළ ගොස් තිබීම නිසා මෙරට ජනතාව ජපන් වාහන ආනයනයෙන් වැළකීමේ ඉඩක් ඇතැයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ ප්‍රධානී ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය. ‘‘මේක අස්වාභාවික වැඩිවීමක්.ඒ වගේම කෙටි කාලයක් ඇතුළත මේ වගේ දෙතුන් සැරේට වාහන මිල සංශෝධනය කරන එකත් සාධාරණ නැහැ.‘‘  සරත්චන්ද්‍ර  පැවසීය.

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය...!!!

වර්තමාන රජය දිගින් දිගටම පරිභෝගිකයාව අසරණ කරමින් විවිධ අංශ වෙත බදු පනවමින් සිටින බව

පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ  සදහන් කර සිටියා.
මෙහි ආසන්නතම තත්වය වශයෙන් වාහන මත අයකර ඇති බද්ද හේතුවෙන් වාහන මිල සීග්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා. දුප්පත් ජනතාව වැස්සෙන් නොතෙමි යාමට බාවිතා කල ත්‍රිරෝද රථයෙන් පවා ලක්‍ෂ 4ක බද්දක් ලබාගැනීමට කටයුතු කිරීම තුලින් ජනතාව වැස්සකට නොතමි ආරක්ෂිතව ගමනක් බිමනක් යෑමේ අවස්ථාව මේ ආණ්ඩුව අහිමිකර තිබෙනවා.

සුදුරෙදි නැව් හොරාගෙන් තර්ජණයක්...!!! ජාතිය ගැන කතාකරන්න භික්‍ෂුන්ට අයිතියක් නෑ..

ජාතිය ගැන කතා කිරීමට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට අයිතියක් නැතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඔහු පවසන්නේ මැතිවරණවලින් ජයග්‍රහණය කිරීම සඳහා පමණක් රට තුළ ජාතිවාදය ගොඩනැගී ඇති බවයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ දින පැවති ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මරදානේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.මූගේ පැටිකිරියෙන් බිඳක් මෙන්න....

නැත හරසර ඔහු ජයමග...!!!


ලෝක වාර්තා තුනකට හිමිකම් කියු ශ්‍රි ලංකීක නාවික හමුදා භට සනත් බණ්ඩාර ක්‍රීඩකයා පසුගිය 27 දා

ඉංදියාවේදී සම්මාන ලබා අද උදේ (29) අළුයම දිවයිනට පැමිණියේය.
සම්මාන ප්‍රධාන උත්සවය ඉංදියාවේ ඇරෝවීල්හි පැවැත්විණි.
ඔහු තනියම ගොස් මේ සම්මාන ලබා ගත්තේය.මුදල් මත පාවෙන ඵසේම කණ්ඩායම් වශයෙන් තරඟ කරනා ක්‍රිකට් සඳහා අපමණ අගයන් ලැබෙද්දී ....රට වෙනුවෙන් තනිවම තරඟ කොට ලෝක සම්මාන ගෙන ඵද්දී ...රාජ්‍ය බුහුමන් ,හරසර රතු පළස් නොමැත.නායක දේශපාලන තකතීරුන්ද නොමැත (ජාතික අපදා වලදී මෙන්ම ) නමුත්  ඔබට සමස්ත ලාංකික ජනතා හරසරය ඇත.

යහපාලන නපුංසකයෝ නාවික නිළධාරියා කොළඹට මාරු කරයි....!!!

නාවුක හමුදා නැගෙනහිර පළාෙත් ආඥාපති ලෙස කටයුතු කල රියර් අද්මිරාල් නීල් රොසයිරෝ  ආපසු


කොළඹට කැඳවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලවි  පවසයි.
ඒ වෙනුවට නාවුක හමුදා බස්නාහිර පළාත් ආඥාපතිව කටයුතු කල රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා නැගෙනහිරට පත් කර යවා තිබේ.

මේ ඇසෙන්නේ අර්ජුණ රණතුංගගේ තවත් තක්කඩි පුවතක්...!!!

අර්ජුන හත්පොලේ ගා ගනී-අම්මාවත් ගොනාට අන්දලා...වරාය සහ නාවික අමාත්‍යාංශයේද කිසිදු තනතුරක්
ඇමතිවරයාගෙ මවට ලබා දී නැතැයිද පවසන මාධ්‍ය ලේකම්වරයා අර්ජුන රණතුංගගේ සහෝදරයාගේ බිරිඳකට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළම තනතුරක් ලබා දුන් බවට පල වන වාර්තා ප්‍රතිකේෂ්ප කරමින් අර්ජුන රණතුංග වරයා වෘත්තීය සමිති විවේචනය කලද ඇත්තටම අර්ජුනගේ මව වන නන්දනී රණතුංග  වරායට අනුබද්ධිත ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දරණ බව තහවුරු වි තිබේ.

මෙන්න උන්ම උන් ගැන කියන කථා...!!!

අද ඇත්තේ දේශපාලකයන් නොව දේශපාළුවන්‍ ය .උන් ජනතාව රැවටීම සඳහා විවිධාකාරවූ  දහම් ගැට

යොදති.රජයේ මහජන දේපළ වලට උන්ගේ හපුටු මුහුණු ඡායාරූප යොදති.මෙහි සංගරප්පුලිගේ අජිත් නොහොත් අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව සහ ඌගේ පෝස්ටර ගසා පරිසරය පවා අපවිත්‍ර කර තිබූ අයුරු දැක්වේ.පසුගියදා ගංවතුර අපදාවේදී පැත්ත පළාතක නොගිය උන් මෙන්ම බොරුවට දණක් ගැඹුරැති දියේ පවා ජීවිතාරක්‍ෂක ජැකට් පැළඳ බෝට්ටු වල නැගී ඒ අසරණ ජනතාව අතරට ගිය අවලම් අම්බරු දේශපාළුවන් ගැන අප ඔබට විස්තර සහිතව පෙන්වූයෙමු.අද අප සැමදා කියන පරිදි පක්‍ෂ,පාට අතහැර යථාර්තය අවබෝධව ඇතැයි සිතමු.විය යුත්තේද ඵයමය....!!!
අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව....වීඩියෝ සහිතයි.

සේවක අර්ථසාධකයටත් කරුපයියාගේ 'බැඳුම්කර මගඩිය'

'බැඳුම්කර මගඩිය' නමින් ප්‍රකටව ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවන බවට චෝදනා එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතාවලට, සේවක අර්ථසාධක

අරමුදලද සම්බන්ධ කර ගන්නා බවට මහ බැංකුවේ ආරංචි මාර්ගවලින්  වාර්තා වේ.
මේ නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ලක්‌ෂ සංඛ්‍යාත සේවක ප්‍රජාවට ලැබිය යුතු පොලිය අහිමි වී ඔවුන්ට පාඩු සිදුවෙමින් පවතින බව එම ආරංචි මාර්ග කියයි.
අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට මේ පාඩුව සිදුවෙමින් තිබෙන්නේ, එම බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවෙතැයි කියන මූල්‍ය අක්‍රමිකතා නිසා පොලී අනුපාත ඉහළ යාමෙන් මහජනතාවට සිදුවන හානියට අමතරවය.

නාමල් බේබිගේ තාජුඩීන් දඩයම....!!!


මියගොස්‌ වසර හතරක්‌ ගියත් තවමත්  'ජීවත්වන' තාජුඩීන්ගේ අලුත්ම තොරතුරු මෙන්න...

රටේ දුෂ්ට පාලකයන් ඉදිරියේ තම නිල ඇඳුම පාවා දුන් තවත් පොලිස්‌ නිලධාරීන් පිරිසකට එරෙහිව හෙට දිනයේ නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේය.
වසීම් තාජුඩීන් ඝාතනයේ හාල්මැස්‌සන් පමණක්‌ නොව ඊට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලා ගත යුතුය.

 හිටපු ජනාධිති මහින්ද රාජපක්‍ෂගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත් පාසල් සමයේ සිටම තාජුඩීන් සමීපව ඇසුරු කළේය. එකට රගර් ක්‍රීඩාවේ යෙදුණේය.
තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට එරෙහිව සිටින වසීම් තාජුඩීන් කරළියෙන් ඉවත් කිරීමට තරුණ දේශපාලන පුත්‍රයා ( නාමල් රාජපක්‍ෂ ) සහ ඔහුගේ සහචරයන්ට අවශ්‍ය විය.
සර්වබලධාරී දෙවියන් වහන්සේලාටවත් නොමැති බලයක්‌  නාමල් රාජපක්‍ෂ  සතු විය. මොහු ලබාදෙන හරි හෝ වැරදි ඕනෑම නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අළුගෝසුවන් රැලක්‌ ද ඔහු සමඟ සිටියේය.

කවුද ජාතිවාදී....!!! මේ මුස්ලිම්කරණයයි...!!!

මේ කාත්තන්කුඩි, සමන්තුරේ නොවේ මහනුවරය… මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර
ගනිමි…මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි. එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .!මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය. ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය.” මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !”ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.වීඩියෝ සහිතයි


මේ ... රටේ ගොං කරත්ත යුගයයි....!!!

ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ  අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ  විසින් මේ

සම්බන්ධයෙන්  මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන්  නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු  යටිකුරු වීමක් ලෙස සැලකිය  හැකි බවත්, ඔහු කීවේය.
මෑතකදී වාහන මිල විශාල වශයෙන් ඉහල දැමීම සම්බන්ධයෙන් දෙරණ අරුණ වැඩසටහනේදී මාධ්‍යවේදී  සංඛ අමරජිත්  අදහස් පල කලේ මෙසේය.

Saturday, May 28, 2016

මේක හමුදා කුමන්ත්‍රණයක්! සිරාට තරු පෙනෙයි..!!!

නැගෙනහිර පලාත් මහ ඇමති නසීර් අමනයා විසින් සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්නට ඉතා පහත් අන්දමින් කතා කිරිමත් සමග ත්‍රිවිධ හමුදාව තුල දැඩි කැළඹීමක් ඇතිවි ඇති බවත් එය යහපාලන රජයට හිතකර නොවන බව විද්වත්හු පෙන්වා දුන් නිසා ආදාළ සිද්ධිය පිළිබඳව සමාජයතුල ඇතිවි තිබේන කතිකාව වහාම අඩුකිරිම සදහා පියවර ගන්නා ලෙස ජපානයේ ජී 7 සමළුවට සිය අම්බරුවා සහ කඩේ යන ඇමති හැත්ත බුරුත්ත සමග සංචාරයේ යෙදෙන මෛත්‍රීපාල   ආරක්ෂක ලේකම් සිය මිත්‍ර පයිප්ප බාස්ට නියෝග කර තිබේන බව  අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

Friday, May 27, 2016

“ මව් රටට එරෙහි නිර්ලජ්ජිත අපතයා ?”

සුනන්ද දේශප්‍රිය නමැත්තා යහ පාලන රජයට අනතුරු ඇගවීමක් කර ඇත. ඒ නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයාට කිසිදු ආරක්ෂක හමුදා කඳවුරකට ඇතුලුවීම තහනම් වන අතර මහ ඇමැතිවරයා සහභාගිවන කිසිදු උත්සවයකට ත්‍රිවිධ හමුදා සහභාගි නොවීමට ගෙන ඇති තීරණයටය.
බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාව දකින අන්දමින් එම නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයාට එරෙහිව හමුදාව ගෙන ඇති තීරණය සාදාරණ වැඩිය. නමුත් සුනන්ද දේශප්‍රිය නැමැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මාස් පතා පඩි පතක් ලබාගත් සුනඛයෙක් දකින අන්දමින් එය හමුදා කුමන්ත්‍රණයක පෙර නිමිත්තකි. මොහු ඉතිහාසය පුරා කවරදාකවත් උපන් මව් බිමට යන්තමි හෝ ආදරය කරපු තිරිසනෙක් නොවේ.

අම්පිටියේ හාමුදුරුවෝ නැගෙනහිර මහ ඇමති සොයා යති..

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් විසින් හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධියේ අපහාස කිරීම සම්බන්දයෙන් විරෝධය පල කිරීම සඳහා ඊයේ දිනයේ නැගෙනහිර පළාත් උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුලූ පිරිසක් මහ ඇමතිවරයාගේ නිවසට ගියහ.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට බදු ඉහලට...!!! ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක්...!!!

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට බදු ඉහල නැවීම නිසා මෙරට වෙළඳපොලේ වාහන මිල විශාල වශයෙන් ඉහල යන

බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ මෙතෙක් වාහන සඳහා බදු ගණනයේදී තිබූ ක‍්‍රමවේදය වෙනස් කරමින් හඳුන්වා දී ඇති අවම ඒකක බද්ද නිසා මෙසේ මිල වැඩිවනු ඇති බවයි.

Thursday, May 26, 2016

පාහර නසීර් ගැන ඇසෙන කතා...!!!

වළං කඩේට පැන්න ගොනා හෙවත් නැගෙනහිර පලාත් මහ ඇමති නසීර් අහ්මද් අමන තකතිරුවාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා නෂීර් අහ්මද් අමන තකතිරුවා යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර නොගන්නා ලෙසට සියලුම හමුදා නිළධාරින්ට උපදෙස් දි තිබේ.

අසරණ ජනතාවගේ ගං වතුර සහනාධාරයත් විද්ද සිරා පුතා ...!!!

ගංවතුර හා නාය යාම් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම මුවාවෙන් ජනපති පුත් දහම් සිරිසේන කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ පවත්වාගෙන ගිය සහනාධාර ව්‍යාපාරයට ලැබුනු මිලියන 8ක පමණ මුදල් චෙක්පත් අතුරුදහන් වි ඇති බව ජනාධිපති මන්දිරයේ  වාර්තාකරු අනාවරණය කළා.

Wednesday, May 25, 2016

'උඹ හොර පාටයි' යනුවෙන් පවසා මුළු පංතියක් ලවා අහිංසක දැරියකට ටොකු අන්නාවූ අමන යක්ෂණියක්...!!!

ගාල්ලේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක හතරවන ශ්‍රේණියේ සිසුවියක කළ බැව් කියන වරදක් සම්බන්ධයෙන් එම පන්තියේ සිසු  සිසුවියන් හතළිස් හතර දෙනකු ලවා ටොකු ඇන්නවූ ගුරුයකින්ණියක් පිළිබදව වාර්තාවිය.
ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධණ කමිටුවේදී මේ බව හෙළිදරව් කෙරුණු අතර,   අදාළ සිසුවියගේ සුළු වරදක් සම්බන්ධයෙන් එම ගුරුවරිය මෙම දඬුවම දී ඇති බව  ගාල්ල ස්ථාන භාර පරිවාස නිළධාරිණී කේ. නානායක්කාර ගාල්ල දිස්ත්‍රික් ළමා සංවාර්ධන කමිටුවේදී අනාවරණය කළේය. මෙම සිද්ධියෙන් පසුව එම දැරිය පාසල් යාමට අකමැත්තක් දක්වන බවත් සඳහන් කෙරිණි.

කෝටිපති මීනීමරුවෙකුට, රණවිරුවන්ට නැති ජනපති සමාව ...!!!

රෝයල් පාක්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මරණීය දඬුවම ලබාදුන් ජූඩ් ෂර්මන්ත නමැත්තාට ජීවිත සමාව හිමිවෙමින් විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ඔහුගේ දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක්‌ දක්‌වා ලිහිල් කර තිබේ.
කොළඹ රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජුලි පළමුවැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූඩ් ෂර්මන්තට මරණ දඬුවම නියම වී තිබිණි.

Tuesday, May 24, 2016

සුදුරෙදි නැව් හොරා රාජිතගේ නිරුවත නැවත හෙළිවේ..... !!!

රාජිත යනු නැව් ගිල ඇති පට්ට හොරෙක් බව සාධක සහිතවම ලංකානිව්ස් කල් තබාම හෙළිකොට තිබුණී

...අද ඵය සත්‍යයක් බවට තහවුරු වෙමින් පවතී.
 බිලියන ගණනක මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්දයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කරමින් සන්ඬේ ලීඩර් පුවත්පත මේ ඉරිදා විශාල ප‍්‍රමණයේ ලිපියක් සවිස්තරාත්මකව පල කර ඇත.
ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මුල්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වන්නේ යයි පැවසෙන මෙම පුවත්පතට රාජිත සේනාරත්න මහතා සම්බන්ධෙ සියළ තොරතුරු ලබා දී ඉහල ප‍්‍රමුඛතාවක් සහිතව පල කරන්නැයි දන්වා ඇත්තේ ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් යයිද වාර්තා වෙයි.

නාවුක නිලධාරියාට ගෙර වූ මහා ඇමති සුනඛයා ...!!!

සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද්  විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්නට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධියක්‌ වාර්තාවේ.

ජාතියක් ජම්මයක් නැති මොංගලයා යුධ අපරාධ චිත්‍රපටය සත්‍යක්‌ බව පවසයි...!!!


අවසන් යුධ සමයේ උතුරේ යුධඅපරාධ සිදු වූයේ යයි බි‍්‍රතාන්‍ය ‘චැනල් 4’ නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද ‘නෝ ෆයර් සෝන්’ චිත්‍රපටය සත්‍ය බවට විදේශ ඇමති මංගල සමරවීරවිසින් පිළිගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

Monday, May 23, 2016

කාළකණ්නින් ගත් ගං වතුර චාරිකා ආතල් අස්සේ මතුවූ සැබෑ මනුෂ්‍යයත්වය සහිත බෝධිසත්වයනට අපේ උපහාරය...!!!

මේ ප්‍රණාමය ඒ සැබෑ මිනිසුන්ටය
කොළඹ යට කළ ගංවතුර බැසයමින් තිබේ. නාය ගිය ප්‍රදේශවල ආපදාවට ලක්‌වූ පිරිස වෙනුවෙන් ඉදිකර ඇති කඳවුරු ද තවමත් හිස්‌වී නැත. හිටි හැටියේ ඒ මිනිසුනට යන්නට එන්නට තැනක්‌ ද නැත. දැන් ඒ අයට වැල නොකැඩී ආධාර ලැබේ. රටේ ජනතාවගේ දුකේදී පිහිට වීමේ උනන්දුව

පුදුමාකාරය, සංවේදීය. එය ස්‌තුති ප්‍රණාම පිදිය යුතු මට්‌ටමේ ඉහළ එකකි. එතරම් සංවේදී දේ අතර
ඉතාම නරක දේ පවා දක්‌නට ලැබේ. මිනිසුන් අතරේ නොමිනිසුන් ද යම් ප්‍රමාණයකට ඇති බව ඒ සිදුවීම් මනාව සනාථ කරන්නේය.


අශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන ප්‍රධානම දේ හොරකමය. ගංදිය නිවාස යට කර දමා මිනිසුන් පලවා හරින මොහොතෙත්, ගංදිය බැස යන මොහොතෙත් වටිනා කියන බඩු සොරාගෙන යැමට තරම් කැත හිත් ඇති පිරිස අපමණව සිටි බව බොහෝ සෙයින් වාර්තා විය. ඒ කිසිවකුත් නමගිය අපරාධකාරයන් නොවේ. හිටිහැටියේ කඩාපාත්වුණු "චාන්ස්‌" එකෙන් වාසනාව පාදා ගන්නට කල්පනා කළ අයයි. තවත් පිරිසකට මේ බරපතළ ව්‍යසනය "ෆන්" ගැනීමට අවස්‌ථාවක්‌ව තිබුණු බව පෙනේ. බොහෝ පිරිසක්‌ වැසිකිළි උතුරා මළ ද්‍රව්‍ය පවා මිශ්‍රව තිබූ ගංදියේ බැස "සෙල්ෆි" ගැසීමත් කණ්‌ඩායම් වශයෙන් ඡායාරූප ගැනීමත් බහුලව දක්‌නට ලැබිණි.

මනුස්සකම දෝරේ ගලන අපේ අහිංසක ජනතාව අතර උන්ගේ ආධාර නොබෙදා කුණු බක්කියට දමන කාළකණ්නි නිළධාරී.....

විපතක් වුනාම අපි හැමෝම පුදුම විදියට සංවේදී වෙනව. කලබල වෙනව. විපතට පත් වූවන් වෙනුවෙන් නැගී

සිටිනව. ඉදිරිපත් වෙනව.
අපේ ඒ සංවේදී කම සමහර වෙලාවල් වලට අපතෙ යන්නෙ මෙන්න මේ වගේ.
මේ කුණු ට්‍රැක්ටර් වල පුරවං යන්නෙ අරණායකට ගිය ඔබේ සංවේදී කම. මේ විසිකරන්නෙ අරණායකට හැම දේම හම්බ වුනු නිසා නෙවී. නිසි කළමණාකරණයක් නැතිව මේව පිරෙව්ව නිසා.
අවතැන් වුණු අයට, විපතට පත් වූ අයට සැබැවින්ම උදව් කරන්න ඔබ ඉදිරිපත් වෙනවා නම්, පැහැදිළිවම මුලින්ම එය සහන සලසන ඉතාම විශ්වාසනීය කණ්ඩායමකගේ උදව්වෙන් අනුදැනුමෙන් සිදු කරන්න. හොඳ සම්බන්ධීකරණයක් ඇතිව කරන්න.
මුහුණු පොතේ සහෘදයින් සිය ගණනක් මේ කටයුතුවල නිරතවෙලා ඉදිර්යෙන්ම සිටිනවා. ඔවුන් සම්බන්ධ කර ගන්න. පොළීසිය, ආරක්ෂක හමුදා, විහාරස්ථාන සම්බන්ධ කර ගන්න.

අනුර සේනානායක අත්අඩංගුවට…කළකම් පළදේ ...මැරකම් හෙළිවේ....!!!

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධී අදාලව හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ‍ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබනවා.
ඔහු කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
2012 වසරේ මැයි 17 වන දින තාජුඩීන්ගේ මරණය සිදුවන අතර එය සාමාන්‍ය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට එකල තහවුරු කරනු ලැබීය.නමුත් මේ මරණයට සෘජුවම සම්බන්ධ එක්තරා ඉහළයෙකුගේ ලොකු බේිබී තවමත් නිදැල්ලේලූ..

අනුන් සැපයූ ආධාර වල තමුන්ගේ නම ගසා බෙදූ වසළයා....!!!!

ගංවතුරෙන් විපතට පත්වුන ජනතාවට ආධාර පිණිස ජනතාව දුක් මහන්සියෙන්  එකතු කර දුන් ලක්ෂ 200කට ආසන්න භාණ්ඩ තොගයක , කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩ ගහගෙන  සුජීවගේ   මුහුණත් තහඩුවද ගසා ගබඩා කොට ඇත්තේ ගංවතුරෙන් අවතැන් වූ අපේම ජනතාවට බෙදීම සදහාය.කිසිම හිරිකිතයක් නොමැතිව මේ අපතය ඒ බව ඔහුගේ ෆේස්බුක් එකේ පවා මහත් උජාරුවෙන් පල කොට ඇත.

විග්නේෂ්වරන් ජයලලිතාගේ සහාය ඉල්ලයි...!!!


උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය සඳහා සහාය පතන බව දන්වමින් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් විසින් තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම් වෙත පණිවුඩයක්‌ යවා ඇත.

බදු ගෙවන පිරිස තව වැඩි කළ යුතුයි...!!!

මහ බැංකු අධිපති කියයි
බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව තවත් වැඩි කරගත යුතු බව මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්

පවසා ඇත . දැනට බදු ගෙවන පිරිස ලක්‍ෂ දෙකක්‌ පමණ වන අතර එය ප්‍රමාණවත් නොවන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

Sunday, May 22, 2016

මුන්ට ඔහොම වෙලා මදි....!!! යැයි රටේ කරුමයට පහල වූ චන්ද්‍රිකා එකැස් චෞරිය කියයි.


රටේ ජනතාවම අසරණ වී ඇති මේ ජාතික විපතේදී එංගලන්තෙට වී සුව සේ සිටින චන්ද්‍රිකා එකැස් චෞරිය සිය මිතුරන් සමඟ පැවැත්වූ සාදයකදී පවසා ඇත්තේ "ඕකුන්ට ඔහොම වෙලා මදි.මහා කාලකණ්නි රටක් " යනුවෙන් බව ඉතා විශ්වාශ වන්ත ආරංචි මාර්ගයකින් ලැබුණු පුවතකින් අනාවරණය වේ.මෙවන් මුග්ධ ගැහැණියක් අපේ රටේ ජනාධිපතිකමට පත් වීමට ඉඩ සැලසීම පවා රටේ අවාසනාවකි.

කුමක්ද මේ අසිරිය... අංක 2 ...!!!

අරණායකට මහ වැසි ඇද වැටෙමින් තිබුණි. හාත්පස මීදුමෙන් වැසී වැසී ගියේ වෙනදාට වඩා කලින් අඳුර ගම වට කරමිනි. එක දිගට ඇදහැලෙන මහා වැසි මැද අරණායක රාමසර කන්දේ පදිංචිකරුවන් පිරිසක් ආසන්නයේ වූ රතන ජෝතියාරාමයට පැමිණියේ වෙසක් උත්සවයට පෙරාතුව සංවිධානය කර තිබූ බෝධි
පූජාවකට සම්බන්ධ වීම සඳහාය.
මහා වැස්ස නොතකූ භික්ෂූන් වහන්සේ බෝධි පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කළහ. එළැඹෙන වෙසඟට කාලගුණයෙන් බාධා එල්ල නොවේවායි ප්‍රාර්ථනා කරමින් බෝධි පූජාව ආරම්භ විය.
බෝධි පූජාව ආරම්භ වී වැඩි වේලා ගියේ නැත. හාත්පස කම්පා කරමින් අකුණු සර සහිත මහා හෙණ කඳක් සාමසර කන්දට පතිත විය. රතන ජෝතියාරාම බිමේ සිට බැලූ විට අරණායක සාමසර කන්ද මැනවින් දර්ශනය වේ.

නමුත් මේ වන විට හාත්පස සිසාරා පැතිර තිබූ මීදුම් වලාකුළු නිසා පැහැදිලි දසුනක් දිස් වූයේ නැත. නමුත් මහා අනතුරක් සේයාවක් රතන ජෝතියාරාමයේ බෝධි පූජාවට සම්බන්ධ වී සැදැහැවතුන්ගේ හදවතට දැනෙන්නට විය.
“අපිට හිතාගන්නවත් බැරි වුණා. එකපාරටම ගුවන් යානයක් කඩා වැටෙනවා වගේ විශාල සද්දයක් ඇහුණේ. ටික වෙලාවක් යන කොට අපිට ආරංචි වුණා සාමසාර කන්ද නාය යනවා කියලා. අපිට කිසි දෙයක් හිතා ගන්න පුළුවන් වුණේ නැහැ. එන්න එන්න කළුවර වැඩි වුණා. ඇත්තටම සිදුවුණේ මොකක්ද කියලා හරියටම ඇස් දෙකෙන් දැක්කේ ඊට පහුවෙනිදා. ඒ වෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.”

යහපාලන බෝඩ් ලෑල්ලේ කබ්බන් මුනිවත රකින වර්ග සංහාරයේ ඇත්ත කතාව..

හැමදාමත් කළු සුද්දන් මේ රට කරවන කල්හි අපේ ජාතිකාභිමානය කුණු මුල්ලට ඇද දැමිණ. එය අදත් සිදුවන්නේය. එසේ සිදුවෙමින් තිබෙන්නේ සුද්දන්ගේ ආරෙට හැදුණාක්‌ මෙන් කටයුතු කරන වත්මන් පාලකයනුත් ඒ අඩිපාරේම යමින් සිටින නිසාද...?
මා එසේ විමසන්නේ නිකම්ම නොව, අද අපට ජීවය දුන් මේ පිං බිමට අපේ ඇස්‌ ඉදිරියේම සිදුවෙමින් තිබෙන දේ හමුවේය. අති උතුම් ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ සියල්ලන්ටම ප්‍රේම

කරන්නැයි දෙසූහ. නමුත් උන් වහන්සේ ඇතැමුන් තමන්ට ප්‍රේම නොකරන බව දැන සිටියහ.
එනිසාම අවසන් භෝජන සංග්‍රහය එළැඹි මොහොතේ 'මෙතැන සිටින්නකු හෙට එළිවන්නට පෙර මා පාවා දෙන්නේ' යෑයි උන් වහන්සේ සිය අනුගාමිකයන් අමතා වදාළහ. එය එසේම සිදු විය. ඒ පාවා දෙන්නා වූයේ අවසානයේ ගෙල වැල ලාගෙන සියදිවි නසා ගත් ජුදාස්‌ය.
එහෙත් ජුදාස්‌ලා සිටියේ එදා පමණද...? නැත. එකල සිටියේ රන් කාසි සියයකට ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ පාවා දුන් ජුදාස්‌ පමණය. ඒකා කළ පවට එදා හෘද සාක්‍ෂිය හමුවේ දිවි නසා ගත්තේය. නමුත් වර්තමානයට ගැළපෙන පරිදි ටයි, කෝට්‌ සහ අව් කණ්‌ණාඩි සංස්‌කෘතිය සමඟ සසඳා බලන කල නම් අද අපට ජුදාස්‌ලා දුසිම් ගණන් සිටින්නාහ. ගැටලුව වී ඇත්තේ සැබෑ ජුදාස්‌ට පරිදි මුන්ට හෘද සාක්‍ෂියක්‌ නොවීමය.

දූෂණයේ අගරැජිණ ලලිතාට ජය...!!! ආසන 234න් 130ක්...!!!

පසුගිය සඳුදා (16) පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට එහි මහ ඇමැතිනිය ජයලලිතා ජයරාම් සමත් වී ඇත. මෙම ජයග්‍රහණය සමග ඇය තවදුරටත් එම ප්‍රාන්ත මහ ඇමැතිනිය ලෙස රැඳී සිටිනු ඇත.

අසාම් ප්‍රාන්තයේ ජය හිමිකර ගැනීමට ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට හැකිවී තිබෙන බවද වාර්තා සඳහන් කරයි. මෙම ජයග්‍රහණයත් සමග වසර 15ක කලක් මහ ඇමැති ධුරයේ සිටි කොංග්‍රස් පක්ෂයේ තරුන් ගොගොයිට එය අහිමිවන අතර එම තනතුරට පත්වනුයේ එරට ක්‍රීඩා අමාත්‍ය සර්බානන්ද සොනොවාල් බව නිවේදනය වී ඇත.
කේරල ප්‍රාන්තයෙන්ද කොංග්‍රස් පක්ෂය පරාජය වූයේ වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජයගැනීම හේතුවෙනි. මෙහි ප්‍රතිඵල නිකුත් වීමත් සමග කොංග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනතාවගේ තීරණය පිළිගන්නා බවයි.

දුන් අඳෝනා මෙන්න රෝනා....!!!

අතීතයේ බොහෝ වාර්තා වෙනස් කරමින් කාලගුණයේ අයහපත් බලපෑම ශ්‍රී ලංකාවට මේ වසරේදී මුහුණපාන්නට සිදුවූයේ මුල් කාලයේදීම ය. සිංහල අලුත් අවුරුදු කිරිබත් කැවුම් රස බැලුවා පමණි. මාර්තු, අප්‍රේල් මාසවලදී ගිනිගහන රස්නයෙන් දැවී ගිය ලාංකිකයන්ට නියං තත්ත්වයකට මුහුණ නොපෑවත් දෛනික කටයුතු කිරීමට ඉතාම අපහසු වාතාවරණයක් හටගත්තේ ය. කාලගුණික නිවේදන මගින් උණුසුමෙන් බැට

කන ජනතාවට අප්‍රේල් මුල් දින කිහිපයේදී සිදුවන හිරුගේ බලපෑම ගැන පැවසූ පසු ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ දැනෙන්නට විය. ඒ අප්‍රේල් මුල් දින කිහිපයක කාලයක් ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීමයි. ගලන දහදියට ජලයෙන් ද සිසිලසක් නොලැබෙන තරමටම දවන මද්දහනට මිනිසුන් වෛර කරද්දී හිරු තවත් ජනතාව පෙළීය. මැයි මස මුල්භාය වනතෙක් රස්නයේ අඩුවක් නොවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පවසද්දී සෞඛ්‍ය අංශ කළේ හැකිතාක් උණුසුමින් දැවෙන ජීවිතවලට හානියක් නොවන පරිදි කටයුතු කිරීමට උපදෙස් දීමයි. කෙසේ හෝ උණුසුමින් සැනසිල්ල ලැබුවේ මැයි මස ආරම්භවීමෙන් පසු කඩින් කඩ වැසි ඇතිවීමට පටන් ගැනීමෙන් පසු ය. මිනිසුන් තම දෛනික කටයුතු රිසි සේ කරගන්නට සැරසුණා පමණි. මැයි මස 10 වැනිදා පමණ වනවිට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු ඇඟවීමක් නිකුත් කළහ. ඒ මුළුමහත් දිවයිනට බලපැවැත්වෙන පරිදි අධික වැස්සක් ඇදහැලෙන්නට ආසන්න බවයි.

අවදානම එහෙමමයි...!!!

ගංවතුර අවදානම සහ නායයැමේ අවදානම තවමත් පහව ගොස්‌ නැති බව ආපදා කළමනාකරණ

මධ්‍යස්‌ථානය ජනතාවට අනතුරු අඟවයි.
කැලණි ගඟේ ජල මට්‌ටම ඊයේ (20 වැනිදා) සවස්‌ වන විට නාගලගම් වීදිය ජල මාපකයට අනුව අඩි 7.4 ක අගයක්‌ ගත් බවත් එම ජල මට්‌ටම බැස යැමට අඩුම තරමේ තව දින දෙකක්‌ හෝ
ගංවතුර අවදානම සහ නායයැමේ අවදානම තවමත් පහව ගොස්‌ නැති බව ආපදා කළමනාකරණ
මධ්‍යස්‌ථානය ජනතාවට අනතුරු අඟවයි.
කැලණි ගඟේ ජල මට්‌ටම ඊයේ (20 වැනිදා) සවස්‌ වන විට නාගලගම් වීදිය ජල මාපකයට අනුව අඩි 7.4 ක අගයක්‌ ගත් බවත් එම ජල මට්‌ටම බැස යැමට අඩුම තරමේ තව දින දෙකක්‌ හෝ ගතවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවහන හා ගංවතුර පද්ධති අංශයේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න  පැවසුවාය.
ගංගාවේ ඉහළ ප්‍රදේශවලට වර්ෂාව ඇදහැලුණහොත් ජලය බැසයැමට කාලය මීට වඩා වැඩි විය හැකි යෑයි ද ඇය කීවාය

තිළිණ ගමගේ ගේ අලියාත් උඩුවේ හිමිගේ අලි පැටියාත් ඇරෙන්නට තවත් හොර අලි ඇත්ද...!!!

රුපියල් හැට නව ලක්‍ෂ හැත්තෑ දහසක් වටිනාකම ඇති අලි පැටියකු නීත්‍යනුකූල නොවන ලෙස සන්තකයේ තබාගැනීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිව්දෙනකුට අලි හොරකම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් තිබියදි බලපත්‍ර නැතිව අලි හොරෙන් තබාගෙන සිටින අලි හොරු කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු  ලැබි තිබේ.

Saturday, May 21, 2016

වසර 27කට පසු කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ විශාලතම ගංවතුර...!!!

වසර 27කට පසු කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ විශාලතම ගංවතුර මෙය වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ

අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ  පැවසීය.
ඊයේ  පස්වරුව වන විට කැලණි ගගේ ජල මට්ටම නාගලගම් වීදියේ පිහිටි ජල මාපකයේ අඩි 7.7ක් ලෙස සටහන් වී තිබුණු බවත් එය මහා ගංවතුර මට්ටමක පවතින බවත් හෙතෙම සඳහන් කළේය. මීට පෙර 1989 වර්ෂයේදී කොළඹට වැඩිම ගංවතුර ප්‍රමාණය වාර්තා වූ අතර එය එවකට ජල මාපකයේ අඩි 8.4 ලෙස සටහන් වී තිබූ බවත් වීරසිංහ  පැවසීය.

කොළඹ සහ ගම්පහ අවතැන්වූවන්ට එක් වේලකට කෑම පැකට් ලක්ෂ 3ක් ...!!!

අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වී සිටින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහි අවතැන් වූ ජනතාවට
එක් වේලක් සඳහා ආහාර පැකට් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, තිඹිරිගස්යාය, කෝට්ටේ ආදී ප්‍රදේශවල ජනතාව අවතැන් කඳවුරු වෙත පැමිණීමට මැලිකමක් දක්වන අතර, ඔවුන් වෙත ආධාර ලබාදීමට සහන සේවා කණ්ඩායම් පැමිණීමද ප්‍රතික්ෂේප කිරීම ගැටලුවක් වී ඇතැයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඔවුන් බොහෝ විට සිය නිවාසවලට වී ඉතාම අසීරුවෙන්, කුසගින්නේ දරුවන් සමග සිටියද සහනාධාර ප්‍රතික්ෂේප කරන බව එම මධ්‍යස්ථානයේ නිලධාරීහු සඳහන් කළහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.