මෙසේ මරණයට පත්ව ඇත්තේ උසස් පෙල හදාරමින් සිටි සිසුවියන් දෙදෙනෙකි.
වැල්ලවත්තේ ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතු සම්බනධ CCTV දර්ශණ දැන් නිකුත් වී තිබේ.
මියගිය සිසුවියන් දෙදෙනා පෙරේදා (25 දා) සවස සිය මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගිවීම සඳහා දෙහිවල දුම්රිය මාර්ගය අසලට මෝටර් රථයකින් පැමිණ ඇත. දුම්රිය මාර්ගය අසල මෝටර් රථය නවතා සිසුවියන් දෙදෙනා බස්සවා මෝටර් රථය නතර කිරීමට වෙනත් තැනකට ගොස් ඇත. එම අවස්ථාවේ සිසුවියන් දෙදෙනා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ගොස් ඇති අතර දුම්රියක් පැමිණෙන බව පවසා මිතුරන් පිරිසක් ඔවුන්ට කෑගසා ඇත.
එහෙත් සිසුවියන් දෙදෙනාට එය ඇසී නැති අතර ඔවුන් එම අවස්ථාවේ HandsFree කනේ ගසාගෙන පාර මාරුවී ඇති බව ප්‍රදේශවාසීන් දැක ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි මේ වසරේ (2016) අගෝස්තු මස අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි කැලණියේ පදිංචි ඉමේෂා යසාරා පෙරේරා සහ වැල්ලවත්තේ පදිංචි ෂෙරොන් ස්ටෙලින් නමැති ශිෂ්‍යාවන් දෙදෙනාය.
සිසුවියන් දෙදෙනා දුම්රියේ ගැටී වැටී සිටි ස්ථානයේ තිබී සුන්බුන් බවට පත්වූ ජංගම දුරකථන කොටස් පොලිසියට හමු වී ඇත.
දුම්රියේ ගැටී මියගිය සිසුවියන් දෙදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් දෙහිවල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි රංජිත් කොට්ටච්චි මහතාගේ උපදෙස් මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ක්‍රිෂාන්ත මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වයි.