ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 9, 2016

"අල්ලයි මගේ පස්ස" (වීඩියෝ සහිතයි)

සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබා දීමේ උත්සවයට  (09) පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් වත්තල බෝලවත්ත ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.
මාධ්‍යවේදියා:බෝලවත්ත ඇවිදින මංතීරු සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්නවා කියනවා?
අමාත්‍යවරයා:අල්ලයි මගෙ පස්ස
යනුවෙන් ඔහු පැවසුවේය ...වීඩියෝ සහිතයි


video

video
 
ජෝන් ලොක්කගේ නාකිවිසේ ගෙටත් උසේ...........Minister John Amaratunga abused Viagra. ජෝන් සහ සහෝදරයෝ

සිංහල අවුරුද්දක්‌ අත ළඟ තිබියදී ඒ ගැන හොඳ දෙයක්‌ නොලියා ජෝන් අමරතුංගලා, කරුණාසේන හෙට්‌ටිආරච්චිලා වැනි අය ගැන ලිවීමට අපට සිදුව තිබේ. වත්තල ජොගිං ට්‍රැක්‌ එක කඩා බිඳ දැමූ දේශපාලන වනචරයන්ට දඬුවම් දෙන්නේදැයි රූපවාහිනි වාර්තාකරුවකු විසින් ඇමැති ජෝන් අමරතුංගගෙන් විමසන ලදුව ඔහු කියා සිටියේ ජොගිං ට්‍රැක්‌ එක ආපහු හදන බැවින් ඔවුන්ට දඬුවම් දීම අනවශ්‍ය බවයි. එතුමා ඒ බව කියා සිටියේ සිය මුඛයෙන්මය. ඒ ගැන සැක නොසිතන්න. එතුමාගේ කතාවේ හරය මෙයයි. කිසිවකු පැමිණ එතුමාගේ හිසට පොල්ලකින් පහර දෙනවා යෑයි සිතමු. එවිට යෝධ සියඹලා ගසක්‌ කපා දැමුවාක්‌ මෙන් එතුමා බිම ඇද වැටේ යෑයි ද සිතමු. එය මිනී මැරීමට තැත්කිරීමකි. එහෙත් විත්තිකරු ඇමැතිතුමාගේ හිසට බෙහෙත් දමා ඔහු සුවපත් කර දෙන්නේ නම් දඬුවම් කළ යුතු නැත. මෙය එළ හරක්‌ තර්කයක්‌ ද නැතහොත් මී හරක්‌ තර්කයක්‌ ද යන්න තෝරාගෙන උත්තර ලියා එවන පාඨකයන්ට කුසපත් ඇදීම මගින් බැකෝ යන්ත්‍රයක්‌ තෑගි දිය යුතුය. මෙවැනි උත්තර සපයන තවත් මහතෙකි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි. මෙයට දින කිහිපයකට පෙර චාවකච්ෙච්රියේ නිවසකින් මරාගෙන මැරෙන අය අඳින බෝම්බ ජැකට්‌ එකක්‌ හමු වූ කල්හි කරුණාසේන හෙට්‌ටිආරච්චි කීවේ එය ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවන බවය. ඔහුගේ අදහස මෙය පරණ බෝම්බ ජැකට්‌ එකක්‌ බවය. පරණ කියා බෝම්බ පුපුරන්නේ නැද්ද? දෙවන ලෝක යුද්ධයේදී සඟවන ලද බෝම්බ අදටත් පුපුරන අවස්‌ථා තිබේ. බෝම්බවලට එක්‌ස්‌පයරි ඩේට්‌ නැත. කරුණාසේන හෙට්‌ටිආරච්චිට ජාතික ආරක්‍ෂාව ගැන පළපුරුද්දක්‌ නැත. එක අතකට ඔහුට දොස්‌ නැඟීම වරදකි. මන්ද වසර 39 ක්‌ම රාජ්‍ය සේවකයකු ලෙස වැඩ කර තිබුණත් ජාතික ආරක්‍ෂාව ගැන වෘත්තීය මට්‌ටමින් කටයුතු කරන්නට ඔහුට චාන්ස්‌ එකක්‌ ලැබිලාම නැත. ආරක්‍ෂක ලේකම් වීමට පෙර ඔහු වැඩ කළේ නාගරික සංවර්ධන සහ ජලාපවහන මණ්‌ඩලයේ ලේකම් ලෙසිනි. මේ නිසා පයිප්ප බට මිස තුවක්‌කු බට දකින්නටවත් ඔහුට ඉඩක්‌ නොලැබුණා විය හැකිය.

එක්‌ අතකට බෝම්බ ජැකට්‌ටුව ගැන මේ ආණ්‌ඩුවේ සමහර පුද්ගලයන් පළ කළ අදහස්‌ ගැන කල්පනා කර බලන විට කරුණාසේන හෙට්‌ටිආරච්චිට සමාව දෙන්නට අපට සිදු වෙයි. තමා ළඟ තිබූ බෝම්බ මසුන් මරනු පිණිස ගෙනා බෝම්බ බවට විත්තිකරු ප්‍රකාශයක්‌ කර තිබිණ. එය ඇත්ත බවත් මේ බෝම්බ ගෙනැවිත් ඇත්තේ මසුන් මැරීමටම බවත් එක්‌තරා දේශපාලන කටුස්‌සෙක්‌ ද කියා සිටියේය. විත්තිකරු ළඟ තිබූ බෝම්බ දමා මසුන් මැරුවොත් කන්නට සිදුවන්නේ මසුන් නොව මාළු කුඩුය. අනෙක වෙඩි දමා මසුන් මැරීම තහනම් වැඩකි. විත්තිකරු මරාගෙන මැරෙන අය අඳින බෝම්බ ජැකට්‌ ළඟ තබා ගත්තේ මිනී මෝරුන් වැනි සතුන් මරා ගැනීමටද?

අවංක මිනිසුන් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අගමැති රනිල් වික්‍රමසිංහට මෙවර වැඩ කිරීමට සිදු වී ඇත්තේ නොම්මර එකේ හොර රැළක්‌ සමඟය. මේ හොර රැළ ගිය ආණ්‌ඩුවේ අංග සම්පූර්ණ කාබන් කොපියකි. ජෝන්ගේ සහෝදර සමූහයකි.

 ස්තූතිය දිවයිනට සහ ලංකාදීපයට සහ තුෂාරට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.