ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 28, 2016

ප්‍රභාකරන් ඝාතකයා සමරන්න රජයේ අමාත්‍යාංශයේ සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් මෙවර මුල්ලිවායික්කාල් අනුස්මරණ (ප්‍රභාකරන්  මරා දැමූ දිනය)

දිනය වව්නියාවේදී සැමරීමට නියමිත බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වව්නියාව කාර්යාලයේදී සිය සාමාජිකයන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වා අනාවරණය කර තිබේ.
මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනය(ප්‍රභාකරන් මරා දැමූ දිනය) මෙවර සියළු ජනතාව රැස්කර සැමරීම සඳහා වන සියළු කටයුතු සංවිධානය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර, ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

2016.05.18 දින සවස 04.00ට වව්නියාව කලෙයි මගල් ක්‍රීඩාංගනයේදී මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනය (ප්‍රභාකරන්  මරා දැමූ දිනය) සැමරීමට නියමිත අතර, යුද්ධය හේතුවෙන් මියගිය මහ ජනතාව වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ ඇති සෑම ආගමික ස්ථානයකදීම , එදින සවස 06.00 සිට රාත්‍රී 08.00 දක්වා විශේෂ ආගමික වැඩසටහන් පැවැත්මට අවශ්‍ය කටයුතු සංවිධානය කරන මෙන් සියළු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.
යුද්ධය හේතුවෙන් මියගිය සියළු ජනතාව වෙනුවෙන් ආගමික කටයුතුවල නිරතවී, මුල්ලිවායික්කාල් අනුස්මරණ දින වැඩසටහනට සහභාගී වීම සඳහා, කලෙයිමගල් ක්‍රීඩාංගනයට පැමිණෙන මෙන් ප්‍රජා සංවිධාන සහ අනෙකුත් දේශපාලන පක්‍ෂවලින් පී.සත්‍යලිංගම් ඉල්ලා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.