අනතුර සිදු වූ දින එම වේලාවන්වලදි ඇමතිවරයාගේ ජංගම දුරකතන සංඥා සමන් මාර්ගය අදාල අනතුර සිදුවී ස්ථානය හා නිශ්චිතව සැසඳෙන බව ඊයේ දිනයේ පොලීසිය විසින අධිකරණයට දන්වා තිබේ.
ඊට අමතරව විත්තිකරු බව පවසමින් පොලිසියට බාර වී ඇති රියදුරාගේ ජංගම දුකතනයේ සංඥා එම අනතුර සිදුවෙද්දි ඒ අසලකවත් නොතිබූ බවද හෙලිව ඇත.
ඇසින් දුටු සාක්ෂිය හා මෙම ප්‍රබල විද්‍යාත්මක සාක්ෂිය අනුව ඇමතිවරයා ස්ථිර වශයෙන්ම මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වනු ඇතැයිද නීතීඥවරු කියති.
අධිකරණය විසින් එම අවස්ථාවේ CCTV දර්ශණ පරීක්ෂා කිරීම සඳහා නියෝග කලද ඇමතිවරයා රියෙන් බැස්ස බවක් ඇසින් දුටු සාක්ෂිවලින් නොකියවෙන නිසා එහි ප්‍රතිඵල මෙම නඩුවට දැන් ප්‍රබල බලපෑමක් සිදු නොවනු ඇතැයිද නිතිඥයෝ කියා සිටිති.