ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 22, 2016

සජින් වාස් නම්වූ අපතයාගේ මැරකම් පිබිදූ යහපාලන නිවට පිළිවෙත...!!!

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු විරෝධි මහින්ද පිළේ සංවිධායකින් බිය වැද්දවිමේ මෙහෙයුමක් සජින් වාස් ගුණවර්ධන විසින් ආරම්භ කර ඇති අතර එයට ගාලු පොලිසියේද සහය ලැබි තිබේන බව අප ගාලු විශේෂ වාර්තාකරු අනාවරණයකළා.මැයි පලමුවැනිදාට ගාල්ලේ පැවැත්වෙන බෙදුම්වාදී මෛත්‍රී පිළේ මැයි රැළියට සහභාගි නොවි සිටිමටත් ඒ වෙනුවට ශ්‍රිලනීප සංවිධායකයන් ප්‍රමුඛව සමාජිකයන් කිරුළපනේදි පැවැත්වෙන මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනයට සහභාගි විමට ගත් තින්දුවත් සමග මෙම මැර ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින්ගෙන් 99 % ක්ම මහින්ද රාජපක්ෂ හා සිටින බැවින් ඒ අය සහභාගි වන්නේ , මහින්ද රාජපක්ෂ සහභාගි වන කිරුළපනේ පැවැත්වෙන මැයි දින රැලියට බව මේ වනවිට ප්‍රාදේශ මට්ටමින් ශ්‍රිලනීප සංවිධායිකින් තහවුරු කර තිබේ.

ඊයේ රාත්‍රියේ ගාල්ල නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටද ඉතා දරුණු ආකරයට තර්ජනය කර ඇති සජින්ගේ මැරයන් මැයි8 දිනයට සහය නොදැක්වූවහොත් අපහු කඩ කරලා ඉවරයි යනුවෙන්ද පවසා තිබේ.
ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන පිළේ මැයි රැළිය සදහා තමන් බස් රථ 250ක්(සජින් කියන අකාරයට ) පිරෙන්න සෙනග ගෙන එමට පොරොන්දු වු බවත් තමන් ජනාධිපතිවරයාට කරන උපකාර වෙනුවෙන් තමන්ට එල්ල අන දුෂණ චොදනා වලින් තමන් නිදහස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පැවසු බව  අප  අනාවරණය කළා.

මේ අතර ශ්‍රිලනීප මැයි දින කමිටුව හදිසියේම ගාලු දිස්ත්‍රික්කයේ සියලුම් පොලිස් නිළධාරින් ගෙන්ව ඔහුට උපදෙස් ලබාදි ඇත්තේ ගාලු මැයි රැලියට හැර ඒකාබද්ධ විපක්ෂයේ හෝ වෙනත් මැයි රැළි සදහා යන බස් රථ වහාම නතරකරන ලෙසත් ගාලු මැයි රැළියේ හැර වෙනත් රැළිවල පොස්ටර් හෝ කටවුට් දිස්ත්‍රික්කයේ කොතනකවත් දකින්නට නොතබන ලෙසත් ය.එම අවස්ථාවට දකුණු පළාත් මහා ඇමති ශාන් විජයලාල් ද සිල්වාද සහභාගි වි සිටියද ඔහුට වචනයක්වත් කතා කිරිමට ඉඩ නොතබා සජින් වාස් කල දේශනා හේතුවෙන් කමිටු රැස්විම අවසන් විමටත් පෙර ශාන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර එම ස්ථානයෙන් යන ගමන් ශාන් පවසා ඇත්තේ “අපේ ලොක්කාටත් ලොකු කේලාම් කියන එවුන් “යනුවෙන් කියාගෙනය….
පසුගිය ආණ්ඩුවේ දුෂිතම ඇමතිවරයෙක්ව සිට මේ වනවිට සියල්ලන්ම පාවාදෙමින් රජයේ සාක්ෂිකරුවෙකු වී සිටින සජින් වාස් ගුණවර්ධන, මෛත්‍රීපාල වැනි කොන්දක් පන නැති නායකයෙකු හමුවේ ලොරී ටොක් ලබාදි ගාල්ල මැයි රැළියේ ප්‍රධාන සංවිධායක ධුරය ගැනිම සම්බන්ධයෙන් පසුගිය කාලසිමාවේ සජින් විවේචනය කරමින් සිරිසේන සමග  ඵක්වූ යහපාලන ගාලු අම්බරුවන් මේ වනවිට දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර මේ වනවිට මැයි රැළියේ සියලුම සංවිධාන කටයුතු සජින් භාරයේ තිබේන බවයි ප් වාර්තාකරු සදහන් කළේ.
සියල්ලන්ම පාවාදෙමින් රජයේ සාක්ෂිකරුවෙකු වී සිටින සජින් වාස් ගුණවර්ධන පසුගියදා මෛත්‍රී හමුවිමෙන් පසුව 2016 ආරම්භයේම මිළදිගත් පොළොන්නරුව ප‍්‍රදේශයේ හාල් මෝලක වැඩකටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති අතර හාල් මාෆියාවේ පියා වන සිරිසේනගේ මජර මල්ලි වන ඩඩ්ලි සිරිසේන සමග සහයෝගයෙන් කටයුතු කිරිමට අවස්ථාව සලසා දි තිබේ.සජින් අම්බලන්ගොඩ සිට එක්වරම පොළොන්නරුවට සංක‍්‍රමණය වී ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මළනුවන් වන ඩඞ්ලි සිරිසේන මහතාගේ ඇරයුම මත බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
පෑන් ඒෂියා (PAN ASIA), ලංකා ඔරික්ස් ලීසිං (LOLC) වැනි සමාගම්වලට කෝටි ගණනින් ණය පියවා නැති සජින් වාස් ඔවුන් බලාසිටියදීම කෝටි ගණනක මුදලක් යොදවා මෙම හාල් මෝල මිලදී ගෙන තිබේ.


බස්‌ 50 ක සෙනඟට සජින් සියලු චොදනා වලින් නිදහස් -මෙන්න යහපාලනය...

 ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන පිළේ මැයි රැළිය සදහා තමන් බස් රථ 50ක් පිරෙන්න සෙනග ගෙන එමට පොරොන්දු වු බවත් තමන් ජනාධිපතිවරයාට කරන උපකාර වෙනුවෙන් තමන්ට එල්ල අන දුෂණ චොදනා වලින් තමන් නිදහස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන  පවසා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන අයුතු ලෙසින් පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වු සජින් වාස් ගුණවර්ධන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වෙමින් සිටියදී, බ්‍රිතාන්‍යයේ එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය හෙබැවූ දොස්තර ක්‍රිස් නෝනිස් ට පහර දුන් අමනයෙකි.
මැයි දින උත්සවය ගාල්ලේ පැවැත්වීම සඳහා සාකච්ඡා කර ගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීම් 5 ක්‌ම පසුගිය සතියේ පැවති අතර මේ සඳහා දකුණු මහ ඇමැති ප්‍රමුඛ දකුණේ දේශපාලනඥයෝ පක්‍ෂ නායකයන්ට සහ  ගාල්ලේ ආසන දහයේ සංවිධායකවරු දහදෙනාටද අරාධනා කර තිබු අතර  ඒ සඳහා ගීතා කුමාරසිංහ හැර අනෙක්‌ සියලු දෙනා සහභාගි වු තර සජින් වාස්‌ ආරාධනා නොමැතිවම  සහභාගිවී තිබේ.
පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුරුංගා අත්තේ තබමින් අතොරක් නොමැතිව කඩේ ගිය සජින් වාස් අවසානයේ පවසා ඇත්තේ ජනාධිපති තුමනි…..බලපිටියෙන් මම බස්‌ 50 ක සෙනඟ ගේනවා..ඔන්න බලන්න මගේ වැඩ “යනුවෙනි.
සජින් වාස් එම රැස්විමට සහභාගි විමත් සිරිසේනට දිගින් දිගටම කඩේ යැමත් නිසා මුල සිටම මෛත්‍රී සමග සිටි අනෙකුත් බත් බැලයන් මදක් අවුලෙන් සිටි අතර සජින් කී කතාවට පිළිතුරු දෙමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විඡේලාල් ද සිල්වා පවසා ඇත්තේ…..”ඒවා නම් ඉතින් අපි දන්නේ නෑ… බස්‌ කතා නොවෙයි… මම 3000 ක සෙනඟක්‌ ගේනවා… ”
පසුව සාකච්ඡාව අවසන් විමත් සමග මෛත්‍රීපාල සිරිසේන සමිපයට වි විනාඩි 15කට වැඩි කාලයක් සජින් වාස් තනිවම සාකච්ඡා පවත්වා ඇති අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම ස්ථානයෙන් නැගිට එන ගමන් “සජින් ….ඔයා ඇවිල්ලා මාව Meet වෙන්න ඉක්මනට ” යනුවෙන් පවසා තිබේ.

 අපගේ ස්තූතිය  LNT

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.