ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 5, 2016

මිතුරන්ට වීසා ඉල්ලා දහම් පාට් දමලා....!!!

තම මිතුරන් දෙදෙනෙකුට බි‍්‍රතාන්‍ය වීසා දෙන්නැයි ජනපති පුත් දහම් බලපෑම් කරලා..

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන සහ තවත් තිදෙනෙකුට බි‍්‍රතාන්‍ය වීසා ලබාගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය විසින් මැදිහත්වීමක් සිදුකර ඇති බව තහවුරු වී ඇත.
මේ පිළිබඳ ප‍්‍රවෘත්තියක් කළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය විසින් මුල් වරට පළ කළ අතර එම පුවතේ අඩංගු  කරුණු නිවැරදි කිරීම සඳහා මහජන සන්නිවේදනය පිළිබඳ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සත්‍යා රොද්‍රිගු විසින් යළි ලිපියක් යොමු කර ඇත.

එමගින් ඔහු පිළිගෙන ඇත්තේ දහම් සිරිසේන සහ තවත් තිදෙනෙකුට වීසා ලබාදෙන ලෙස නිර්දේශ කරමින් විදේශ අමාත්‍යාංශය විසින් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යොමුකර ඇති බවයි.
ජනාධිපති පුත‍්‍රයාට වීසා ලැබුණත් යම් හේතු කිහිපයක් නිසා අනෙක් තිදෙනාට වීසා ලබාදීම බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති බව එම ලිපියේ දැක්වේ.
මෙම පැහැදිලි කිරීම මගින් සිය පුවතේ මූලික කරුණු සියල්ල තහවුරු වන බව පවසා ඇති කළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසන්නේ අනෙක් තිදෙනා ලෙස සඳහන් වන දහම් සිරිසේනගේ මිතුරන් තිදෙනා බි‍්‍රතාන්‍ය වීසා සුදුසුකම් උල්ලංඝනය කර ඇති නිසා වීසා ලබාදීම ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර ඉන් කුපිතවූ විදේශ අමාත්‍යාංශය බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් ලෝරා වේඩිස් කැඳවා ඒ පිලිබඳ විමසා ඇති බවයි.
මෙහිදී දහම් සිරිසේන සිදුකිරීමට උත්සහ කර ඇත්තේ සිය පියාගේ බලතල යොදාගනිමින් පුද්ගලයන් තිදෙනෙකු බි‍්‍රතාන්‍යයට නීතිවිරෝධී ලෙස රැගෙන යාමට බව කළම්බු ටෙලිග‍්‍රාෆ් චෝදනා කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.