දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම
පක්ෂයේ දේශපාලනඥයන් පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද
හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන්
ඉකුත් 16 වැනිදා සවස 3.00 ට පමණ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ශ්‍රීධරන් සහ සුමන්දිරන් ඇතුළු සාමාන්‍ය වැසියන් පනහකට ආසන්න පිරිසක් කිළිනොච්චිය පරවිපච්චාන් හමුදා කඳවුරට කඩා වැදී ඇත්තේ කිසිදු අවසරයකින් තොරවය.
ඔවුන් කඳවුරු භූමියේ ඉඩම් පරික්ෂා කරමින් පැය කීපයක් අනවසරයෙන් එහි ගතකර පසුව පිටව ගොස් තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ආඥපතිවරයා උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක්ද කර තිබිණි.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා යොදවන ලදි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පරවිපච්චාන් කඳවුරේ ප්‍රධානියා සහ එහි ඇතුළුවීමේ ගේට්ටුවල සිටි නිලධාරීන්ට කිළිනොච්චිය පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි නොවන ලෙස හමුදා ප්‍රධානීන් තමන්ට දැනුම්දීම නිසා ප්‍රකාශ ලබාදීමට නොහැකි බව එම නිලධාරීන් පොලිසියට දැනුම්දී ඇත.