ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 15, 2016

යාලේ සෆාරි ජිප් රථ වලට තහනමක්...!!!

යාල වනෝද්‍යානය තුළ පවතින නීති උල්ලංඝනය කරීම හේතුවෙන් සෆාරි ජිප් රථ 18කට වනෝද්‍යානයට ඇතුළු වීම සති දෙකක කාලයකට තහනම් කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පැවසීය. වනෝද්‍යානයෙන් පිටවීමේදී නියමිත කාලයට වඩා ප‍්‍රමාද වීම, වනසතුන්ට හිරිහැර වන ලෙස ජිප් රථ නැවතීම, අධික වේගයෙන් ජීප් රථ ධාවනය කිරීම ඔවුන්ට එරෙහි චෝදනා වේ. 

 ජීවය උදෙසා හඩා වැටෙන යාල ජාතික වනෝද්‍යානය
යාල ඇතුලේ ඩකා මොටර් රැළිය වගේ

යාල පෙදෙසේ ඉතා අලංකාර සුවදායී හෝටලයේ ලැගුම් ගෙන ඉන්නා අතරතුරදී, වනජීවී ලෝලීන් වන නිසාවෙන්ම, මාත් මගේ පුතණුවනුත් යාල වනෝද්‍යානය පුරා පුළුල් චාරිකාවක යෙදෙන්නට තීරණය කළෙමු. සංචාරකයින් අඩු, වියළි කාලයේ, යාල වනෝද්‍යානය පිළිබ`දව පැනනැගී තිබූ ගැටලු සහගත තත්ත්වය යම් පමණකින් සමනය වී ඇතැයි මම බලාපොරොත්තු වීමි.

එහෙත්, අපට මුළුමනින්ම වැරදී තිබිණි .වේලපහින්ම දිවා ආහාරය ගත් අප යාල වනෝද්‍යානය කරා පිටත් වූයේ එහි ඇතුලු වන පළමු කිහිපදෙනා අතරට එක්‌වීමේ බලාපොරොත්තු වෙනි. එහෙත් අවාසනාවන්න ලෙස ඒ වන විටත් ඇතුළු වීමේ ප්‍රවේශපත් බලාපොරොත්තුවෙන් ජීප් රථ 70 කටත් වැඩියෙන් පෙළ ගැසී තිබිණි. ප්‍රවේශපත් ලබා ගැනීමෙන් පසු, ප්‍රධාන මාර්ගය ඔස්‌සේ එකක්‌ පසුපස එකක්‌ ඇදෙන දිගු ජීප්රථ පෝළිමට අප ද එක්‌ වීමු. කෙසේ වුවද උද්‍යානයට ඇතුළු වී මනිත්තු 15-20 ක්‌ ගත වන විට හමු වන අතුරු මාර්ග ඔස්‌සේ අනෙකුත් ජීප් රිය එකින් එක විවිධ දිශාවන්ට හැරවූ පසු, දැන් අප තනිව සිටින බව දුටු මම සතුටු වූයෙමි.

ප්‍රදේශයට මෙතෙක්‌ බල පෑ දරුණුතම නිය`ගයක ලකුණු පෙන්වමින් උද්‍යානය දැඩි ලෙස වියළී ගොස්‌ ඇති අයුරු ශෝචනීය විය. උද්‍යානය තුළ වූ කුඩා වැව් සියල්ල සිඳී ගොස්‌ තිබුණු අතර සතුන් දැක ගත හැකි අවස්‌ථා විරල වනු ඇති බව අපට වැටහිණි.

වක්‍රව දිවෙන අතුරු මං ඔස්‌සේ පැයකටත් වැඩියෙන් ධාවනය කළ ද සීඝ්‍රයෙන් සි`දී යන දිය කඩිති අයිනේ හි`දින කිඹුලන් හැර වෙනත් සතුන් කිසිවකු අපට දැක ගන්නට ලැබුණේ නැත. කුරුල්ලන් ද ඉතා අඩු වශයෙන් දැක ගත හැකි වූ අතර වන මැද සැ`ගව සිටින දිවියන්ගේ පැහැදිලි අඩි සලකුණක්‌වත් දැක ගන්නට ලැබුණේ නැත.

කෙසේ වුවද, ඒ මොහොතේම දුරකථන නාද වනන් ට වූ අතර, රවුම් වළ අසල දිවියකු සිටින බවට ආරංචිය පැතිරී යන්නට විය. මේ කුඩා වතුර වළ දෙසට උමතුවෙන් මෙන් ඇදෙන රිය පෙළට අකමැත්තතෙන් වුවත් අපි එක්‌වීමු. මා විස්‌මයට පත් කරවමින් කුඩා දිය වළ වටා තැනින් තැන කොහෙත්ම නුසුදුසු අයුරින් ජීප් රිය 35 කට වඩා නවත්වා තිබිණි. සියල්ලන්ම ජීප්රථ වලින් එළියට එබී දසත විපරම් කරමින් ශබ්ද නගා දොඩවමින් උන්නේ සර්කස්‌ සංදර්ශනයකට පැමිණි අයුරිනි. සිය දැඩි පිපාසය සංසි`දුවා ගන්නට ආ අසරණ දිවියා ඒ වන විට මේ නොහික්‌මුණු පිරිසෙන් බොහෝ ඈතට ගොස්‌ සිටියේය.

සිදුවීම පිළිබ`ද පිළිකුලට පත් අප නැවතත් ප්‍රධාන මාර්ගයට පිළිපන්නෙමු. ළගදී දිවියකු විසින් මරා දැමුණු මුවකුගේ මළ සිරුරක්‌ ඇතැයි දැන ගන්නට ලැබුණු ස්‌ථානයට යන්නට අපි තීරණය කළෙමු. මුවාගේ සිරුර ගසක උස අත්තක එල්ලෙමින් තිබෙණු දුටු මම බොහෝ පුදුමයට පත්වීමී. (අප පරිසර පද්ධතියේ සිටින දක්‌ෂතම දඩයක්‌කරු වන ශ්‍රී ලාංකික දිවියා සාමාන්‍යයෙන් එවැනි සංකීර්ණ අයුරින් අල්ලා ගත් ගොදුර සගවන්නේ නැත.)

මේ වන විට අවට පරිසරයේ සාමය බිදලමින් තවත් ජීප් රිය 15-20 ක්‌ පමණ එතැනට පැමිණ තිබිණි. එක්‌ අන්තයකින් කෙළවර වන කණ්‌ඩියක්‌ ඔස්‌සේ වැටී ඇති මාර්ගයේ, එකිනෙක පසුකර ගොස්‌ යළි හරවා ගන්නට තැත් කරන ජීප් රථ එහි මහත් කලබගෑනියක්‌ ඇති කරවීය. මේ අවුල් ජාලය මැද, කෙතරම් බඩගින්නේ සිටියත් දිවියා නැවත ගොදුර වෙත නොපැමිණෙන බව මට පසක්‌ විය.

ආපසු හැරුණු අපි, ප්‍රධාන මාර්ගය ආසන්නයේ දිග හැරෙමින් තිබු තවත් සර්කස්‌ සංදර්ශනයක්‌ වෙත ළ`ගා වීමු. හෙම්බත් වූ අලි රංචුවක්‌ පාර මාරු වෙමින් සිටි අතර, පාර අනිත් පැත්තේ නැවතත් සිය රැළට එක්‌වන අසරණ සතුන් නරඹන්නට තවත් ජීප් රථ පෙළක්‌ රංචු ගැසී තිබිණි.

දකින්නට ලැබුණු සියල්ලෙන් සංවේගයට පත් මට ඉක්‌මනින්ම ආපසු යන්නට උවමනා වූ මුත්, සතුන් දැක ගන්නට අවස්‌ථාවක්‌ ලැබෙතියි සිතා තවත් වට කිහිපයක්‌ යන්නට මගේ රියදුරු පෙරැත්ත කරන්නට විය.

යාල, එහි පැමිණෙන ජනතාව අතින්ම විනාශයට පත් වෙමින් තිබේ. වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අනුව, 2013 වසරේදී සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින් 10000-15000 පමණ යාල වනෝද්‍යානයට පැමිණ තිබේ. එහි වෙසෙන දිවියන් ගහණය නිසාම, ශ්‍රී ලංකාවේ ප්‍රචලිතම වනෝද්‍යානය එයයි. වනෝද්‍යානය වෙත සංචාරකයින් ගෙන යන ජීප් රථ රියදුරන් 350 කට වඩා සිටී. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු, වනජීවීන් පිළිබ`ද ඇල්මක්‌ හෝ අත්දැකීම් නොමැති, ඉපැයීම උදෙසා පමණක්‌ එහි නියෑලෙන රියදුරන්ය. වනෝද්‍යානය තුළදී මෙම රියදුරන් තම හිතු මනාපයටම හැසිරෙන අතර විවිධ මැදිහත් වීම් හා අනුග්‍රහයන් මත උද්‍යාන නීති රීති කිසිවක්‌ හරිහැටි ක්‍රියාවට නංවන්නට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ ලැබෙන්නේ නැත.

අවාසනාවකට, සංචාරක ක්‍ෂේත්‍රය තුළ සිදුවන සංවර්ධනය ද මේ තත්ත්වයට හේතු වී ඇති බව කිව යුතුය. මෙම වසර තුළ දිවයිනට පැමිණෙතැයි අපේක්‌ෂා කරන සංචාරකයින් ගණන මිලියන 1.5 ක්‌ වන අතර (ඔවුන්ගෙන් 12-15% ක්‌ පමණ යාල නරඹන්නට පැමිණේ) ඔවුන්ට පහසුකම් සපයන හෝටල් සහ නවාතැන් බොහෝ ගණනක්‌ ප්‍රදේශය තුළ ඉදි වී ඇති තත්ත්වය මත මෙම ගැටලුව නිරාකරණයට අපහසු වන තරම් දුරදිග ගොස්‌ ඇති බව මගේ අදහසයි.

යාල පෙදෙසේ අතොරක්‌ නැතිව ඉදි වන නවාතැන් සීමා කරන්නට නීති රීති කිසිවක්‌ නොමැත. වසර කිහිපයකට පෙරාතුවම මෙම ඉදිකිරීම් ප්‍රදේශයේ ධාරිතාව ඉක්‌මවා ගිය මුත්, තවත් නවාතැන් රැසක්‌ ඉදි කෙරෙමින් පවතී. මේ වන විටත් චාරිකා සංවිධායකයින් කිහිප දෙනෙකුම යාල ප්‍රදේශය තුළ නවාතැන් පහසුකම් රැසක්‌ සපයමින් සිටී. මෙම තත්වය තවත් දුරදිග යා නොදී වළක්‌වාලන්නට නම් බලධාරීන් සහතික ලෙසම ඉක්‌මන් පියවර ගත යුතු වන්නේ, ඒ අතරතුරදී තම හිතුමනාපයටම කටයුතු කරමින් සංචාරක කර්මාන්තයට තත්ත්වය තවත් ව්‍යාකූල කළ හැකි වන නිසාවෙනි. මේ ස`දහා සහයෝගයෙන් යුතුව, ප්‍රබල හා සාමූහික ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස සංචාරක කර්මාන්තය වෙත දිගින් දිගටම කළ ඉල්ලීම් බීරි අලින්ට වීණා වැයීමක්‌ විය. ප්‍රදේශයේ හෝටල්කරුවන්, චාරිකා සංවිධායකයින් සහ සංචාරක කර්මාන්තකරුවන් සියලුදෙනා එක්‌ව, මෙවැනි නොමනා රියදුරන්ට සංචාර ලබා නොදීමෙන් ඔවුන් මැඩ පවත්වන්නට ක්‍රියා කරන්නේ නම්, මෙම ගැටලුව විස`දන්නට විරාමයක්‌ ලබා දිය හැකි හො`දම ක්‍රමය එය වනු ඇත.

නිය`ගය හේතුවෙන් සැප්තැම්බර් මාසය තුළ යාල වනෝද්‍යානය වසා තැබෙනු ඇති බවට පුවත්පත් වාර්තා පළ වී තිබේ. කෙසේ වුවද මෙය අලුත් දෙයක්‌ නොවේ. මෙසේ සැප්තැම්බර් මාසය තුළ වනෝද්‍යානය වසා තැබීම මින් පෙර ද සිදු වූවකි. සිදු විය යුත්තේ නිය`ගය එතරම් දරුණු නම් ඔක්‌තෝබර් මාසය වන තෙක්‌ නොසිට, කල් තියාම ම`දක්‌ දිගු කලකට වනෝද්‍යානය වසා තැබීමයි. පාරිසරික ගැටලු වලට ප්‍රමුඛතාව දිය යුතු වකවානුවක, සංචාරක කර්මාන්තයේ ඉල්ලුම මත වනෝද්‍යානය විවෘතව තබා ගැනීම යහපත් කරුණක්‌ නොවේ.

වළසුන්ගේ අඩි සලකුණු කිහිපයක්‌ හැර වෙනත් කිසිදු සතකු දැක ගත නොහැකි වූයෙන් බලාපොරොත්තු සුන් වූ මා ආපසු යන්නට මගේ රියදුරුට උපදෙස්‌ දෙන විට වේලාව සවස 6.15 ට ආසන්න විය. ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වත්ම දකින්නට ලැබුණු, යාල
වනෝද්‍යානයේ 'මනහර දසුනින්' මම ගල්ගැසුණෙමි. එය හරියටම පැරිස්‌ - ඩකාර් මෝටර් රැළිය බ`දු විය.

උද්‍යානය වැසීමට නියමිත පස්‌වරු 6.30 වේලාවට කලියෙන් දොරටුව වෙත පැන ගන්නට ජීප් රථ සියල්ල වියරුවෙන් මෙන් එකිනෙක පරයමින් සිටී දූවිල්ලෙන් වැසී ගිය පටු මාර්ගයේ අනෙකුත් ජීප්රථ පරයා යන්නට, බෙලි කැඩෙන තරම් වේගයෙන් ඇතැම් විටෙක වැරදි පැත්තෙන් දමා ඉස්‌සර කරමින් ඇතැම් ජීප් රථ වලිකනු මම දුටිමි. මුළු පළාතක්‌ම දූවිල්ලෙන් වසා දමමින් අධික වේගයෙන් දොරටුව කරා හඹා යන ජීප්රථවල යමෙකු නොගැටී බේරෙන්නේ අනූනවයෙනි. ගමන් ගත් පිරිස නාස්‌පුඩු අතින් වසා ගෙන අතට අසු වන කුමන හෝ ආධාරකයක එල්ලී ගෙන සිටියේ නොවැටී සිටීමට ප්‍රයත්න දරමිනි. මෙවැනි අවස්‌ථාවක හදිසියේ පාර පනින අසරණ සතකුට කුමකින් කුමක්‌ සිදු වේදැයි සිතූ මම තැති ගත්තෙමි.

ශ්‍රී ලාල් මිත්‍රපාල

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.