පසුගිය 17 වැනි දින ජාතික සංවිධාන එකමුතුව, ජයග්‍රහණය, තවලම පදනම
විසින් වව්නියාව සිංහල ගම්මාන 5ක ජනතාව මුණගැසී ඔවුන්ගේ ගැටළු පිළිබඳ සොයා
බැලීය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත
බණ්ඩාර, කර්නල් අනිල් අමරසේකර, විශේෂඥ වෛද්‍ය අනුලා විජෙසුන්දර ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ගම්මානවල දහසකට අධික රෝගීන් පිරිසක් සඳහා විශේෂඥ වෛද්‍ය
සායනයක් පැවත්වූහ. ඒ් සමගම කියවීමේ දුර්වලතාවය සහිත වැසියන්ට ඇස් කණ්නාඩි
ලබාදීමද සිදුකෙරුණි. ඊට අමතරව මෙම ගම්වැසියන්ට වියලි ආහාර සහ රෙදි පිළි
ආදිය බෙදාදීමක්ද සිදුකෙරුණි.තෛයිපොන්ගල් බත් රසයි කියමින් බත් බුදමින් රටේ කොන්වී සිටින ජනතාව අමතක කර දැමූ නිවට නියාළු දේශපාලන අහර කුක්කන් අතර මේ මානව හිතවාදී සංවිධායකයනට අප ආචාර කරන්නෙමු.
තව විස්තර කියවන්න...
වව්නියාව දකුණු ප්‍රාදේශිය සභාවට අයත් නන්දිමිත්ර ගම, සැළැලිහිණි ගම,
නාමල් ගම, බෝගස්වැව 01, බෝගස්වැව 02 යන ගම්මානවල 2800කට ආසන්න පවුල්වල
සාමාජිකයන් සඳහා මෙම සේවා ලබාදීම සිදුකෙරුණි. එම කටයුතුවළට ප්‍රදේශයේ
හමුදා නිලධාරීන් විසින් සුවිශේෂී සහයක් ලබාදීමද කැපී පෙණුනි.
රැුකියා විරහිතභාවය, ගොවිතැන් සඳහා ඉඩම් නොලැබීම, ජල හිගය, සනීපාරක්ෂක
සහ යටිතල පහසුකම් ගැටළු ආදී දහසකුත් දුක් පීඩා වලට සහ උතුරු පළාත් සභාවේ
ජාතිවාදී දේශපාලකයින්ගේ පීඩා වලට ගොදුරුවී සිටින මේ සිංහල ගම්මානවල ජනතාව
තම ගම්බිම් හැරයන තත්වයක් මේ වනවිට උදාවී ඇත.
ඒ පිළිබඳ අදහස් දැක්වූ පූජ්‍ය
බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ කෙටි කාලීන සහන වලට වඩා දීර්ඝ කාලීනව
මෙම ගම්වැසියන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා මැදිහත්විය යුතු බවයි. ඒ සඳහා
උදව් කිරීම රටේ සමස්ථ සිංහල ජනතාවගේ යුතුකම බවද උන්වහන්සේ පැවසූහ.
ගම්වැසියන්ගේ ගැටළු පිළිබඳ අධ්‍යනයකින් පසුව අචාර්ය ගුණදාස අමරසේකර මහතා
කියා සිටියේ තව දුරටත් කරුණු අධ්‍යනය කොට එම ජනතාවගේ සුභසිද්ධිය සඳහා
දීර්ඝකාලීන සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බවය. එසේ නොමැතිව මෙම ජනතාව
තම ගම්බිම් හැරයාම වැළැක්විය නොහැකි බව ඔහු පැවසීය. තව දුරටත් ඔහු කියා
සිටියේ ජාතික සංවිධාන සහ වගකිව යුතු රාජ්‍ය ආයතන එකට එකතුවී මෙම සිංහල
ගම්මාන වල ජනතාව උතුරු ප්‍රදේශය හැරයාම වැළැක්වීමට කටයුතු කළයුතු බවය.
– ජාතික සංවිධාන එකමුතුව
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, April 22, 2016
උතුරේ සිංහල ජනතාව වෙනුවෙන් ජාතික සංවිධාන ජාතික මෙහෙයක...!!!
Posted by
lankanews
at
April 22, 2016
Labels: dr gunadasa amarasekara, lankanews, poor sinhala people, rev bengamuwe nalaka, sinhala people in north, unp treat sinhala, yahapalanaya
උතුරේ සිංහල ජනතාව වෙනුවෙන් ජාතික සංවිධාන ජාතික මෙහෙයක...!!!
2016-04-22T21:01:00+02:00
lankanews
dr gunadasa amarasekara|lankanews|poor sinhala people|rev bengamuwe nalaka|sinhala people in north|unp treat sinhala|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...