ඊයේ අලුයම 2.30 ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් ආරියාලේ ප්‍රදේශයේ ලැගුම් හලක් අසල නවතා තිබූ බස් රථයකට මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර එම ප්‍රහාරයෙන් බස් රථයට දැඩි අලාභහානි සිදුකර ඇත.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ගාල්ල තෙලිද්දුව ප්‍රදේශයේ සිට යාපනය ප්‍රදේශයේ සංචාරයක යෙදුණු තිස්දෙනකුගෙන් යුත් නඩයකටය.සම්බන්ධන් අධි ආරක්ෂක කලාපයට බලෙන් කඩා පනී
තම බස්රථයට ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ඊට මුහුණපෑ බස් රථයේ හිමිකරු වූ වයි.බී. ප්‍රියන්ත , ඊයේ අලුයම මේ සිද්ධිය වෙන අවස්ථාවේ අපි අරියාලේ ප්‍රදේශයේ ලැගුම් හලක උඩුමහලේ සහ පහත මාලයේ නිදා සිටියා. අපේ පිරිසට හොඳටම නින්ද ගිහින් තිබුණේ. එක පාරටම අප සිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට නවතා තිබූ බස්රථයට කවුදො පහර දෙනවා ඇහුණා. යතුරුපැදිවලින් පැමිණි කිහිප දෙනකු බස්රථවලට පහරදී පලා යනවා දැක්කා. ඔවුන් අපේ බස්රථයේ වීදුරුවලට හානිකර තිබුණා.
අපි මේ පහරදීම පිළිබඳව යුද හමුදාවටත්, පොලිසියටත්, පොලිස් හදිසි ඇමතුම් ඒකකයටත් දැනුම් දුන්නා. අපි මේ පිළිබඳව යාපනය පොලිසියට පැමිණිලි කළා. මේ හදිසි පහරදීම පිළිබඳව අප කණ්ඩායම දැඩි කම්පනයට පත්වෙලයි සිටින්නෙ යෑයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අපි මේ පිළිබඳව යාපනය පොලිසියෙන් විමසූ විට පොලිසිය සඳහන් කළේ එවැනි පහරදීමක් පිළිබඳව පැමිණිල්ලක් කර ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්ය. වැඩි තොරතුරක් තමන්ට ඉදිරිපත් කළ නොහැකි බවත් එම පොලිසිය සඳහන් කළේය.
සම්බන්ධන් අධි ආරක්ෂක කලාපයට බලෙන් කඩා පනී
පසුගිය සතියේ කිළිනොච්චියේ සංචාරයක නිරතවූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ව පරවිපාංජාන් අධි ආරක්ෂක කලාපය තුලට පෙර අනුමැතියකින් තොරව කැඳවාගෙන යාම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ගේ ආරක්ෂකයෙකුගෙන් පොලීසිය ප්‍රශ්ණ කර තිබේන බව වාර්තා වේ.
කිළිනොචිච් – ඉරණමඩු සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ප්‍රශ්ණ කර ඇති අතර, වාචික ප්‍රකාශයක්ද ලබාගෙන ඇති බව දැනගැනීමට තිබේ.
දෙමළ ඊළාම් විමුක්ති කොටි දේශපාලන අංශයේ ප්‍රධාන කාර්යාලය, සාම මහලේකම් කාර්යාලය, දෙමළ ඊළාම් බැංකුව, විමුක්ති කොටින්ගේ සැලසුම් කාර්යාලය, විමුක්ති කොටි කාන්තා අංශ මූලස්ථාන කාර්යාලය යනාදිය ක්‍රියාත්මක වූ ප්‍රදේශ හමුදා අධි ආරක්ෂක කලාප ලෙස නම්කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට පෙර, නව රජය විසින් නිදහස් කරන බවට ප්‍රකාශ කල උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාපයේ ඇති දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කලයුතු බවද නිදහස් කරන බවට ප්‍රකාශ කල සාම්පූර්, කෙප්පාපිලව්, මුල්ලිකුලම්, පරවිපාංජාන් සහ වලිගාමම් උතුර යන ප්‍රදේශයන්හි මේ දක්වා බිම් අගලක්වත් නිදහස් කර නොමැත බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පසුගිය පෙබරවාරි මාසයේ පවසා සිටියා.
” ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇමරිකාවට ගොස්, එහි රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීමට පෙර, අධි ආරක්ෂිත කලාපයේ ඇති ඉඩම් අක්කර 1000ක් නිදහස් කරන බව රජය නිවේදනය කර ඇත. එවැනි ප්‍රකාශයක් කලේ කුමක් සඳහාද යන්න අප දන්නෙමු. වලිගාමම් උතුර ප්‍රදේශයේ ආදර්ශ ගම්මාන ඉදිකරන බව නව රජය ප්‍රකාශ කර ඇත. නමුත්, අප එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙමු. විශේෂයෙන්, සාම්පූර් සහ වලිගාමම් උතුර යන ප්‍රදේශයන්හි සිතියම් සහ පවුල් සංඛ්‍යාව ඇතුලත් විස්තර රජයට භාරදී ඇත. මේ සම්බන්ධයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය නොමැත.
“එබැවින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ආරම්භ කිරීමට පෙර, ජනතාවගේ ඉඩම් නිදහස් කර, ඔවුන්ව යලි පදිංචි කල යුතුය. එසේ නොමැති වුවහොත්, රජය අසත්‍ය ප්‍රකාශ කර, මැතිවරණය ජයග්‍රහණය කල බවට ජාත්‍යන්තර ප්‍රජාවට පැමිණිළි කිරීමට සිදුවනු ඇත”