විලියම් ශේක්ස්පියර්ගේ ග්‍රන්ථයක එන ෂයිලොක් නම් වූ
යුදෙව්වා මස් රාත්තලම ඉල්ලූ ආකාරයට විග්නේශ්වරන් ද
ත්‍රස්තවාදයෙන් මුදාගත් රට කැබලි කිරීමට සූදානම් වී ඇත.
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු
යෑයි හඬනඟන විග්නේශ්වරන් ප්රමුඛ ද්‍රවිඩ සංධානය උතුරට වෙනම
පාර්ලිමේන්තුවක් ඉල්ලීම යනු බෙදුම්වාදය නොවේද?
මෙරට
බහුතරය සිංහල අවුරුදු සමයේ නිවාඩුව ගත කරන අවස්ථාවේ උතුරේ
දේශපාලකයෝ ඉතා සූක්ෂම ලෙස තම දේශපාලන ඉලක්ක වෙත යැමේ
වැඩපිළිවෙළ අරඹා ඇත. එහෙත් බහුතරය සිදුවන්නේ කුමක්දැයි නොදනී.
කොළඹ කුරුඳුවත්තේ සිට යාපනයට ගිය සී. වී. විග්නේශ්වරන් ශ්‍රී
ලංකාව කැබලි කීපයකට කැඩීමේ මෙහෙයුම දියත් කර තිබේ. ඔහු යෝජනා
කර ඇති මෙහෙයුම මෙලෙස දැක්විය හැකියි.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර එක් රාජ්‍යයක් ස්ථාපිත කළ
යුතුයි. ඉතිරි පළාත් හත ඒකාබද්ධ කර තවත් රාජ්‍යයක් පිහිටුවිය
යුතුය. එසේම නැගෙනහිර මුස්ලිම් බහුතරය සඳහා ප්‍රාන්ත
කලාපයක්ද (Autonomous Region) ඊට සමගාමී වී වතුකරය සඳහා ද
එවැනිම කලාපයක් ආරම්භ කළ යුතු බව විග්නේශ්වරන් කියා සිටී. මේ
හැර උතුරු නැගෙනහිරට වෙනම පාර්ලිමේන්තුවක් ද උතුරු නැගෙනහිර
සියලුම පරිපාලන කටයුතු ද්‍රවිඩ භාෂාවෙන් සිදු කළ යුතු වේ. මේ
හැර ප්‍රාන්ත ආණ්ඩුවලට පොලිස් බලතල ද ලබාදීමටද ක්‍රියා කළ
යුතු අතර ත්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කළ යුතුය.
වසර කීපයකට පෙර ප්රභාකරන් අන්තර්වාර පාලනය මගින් වෙනම රටක්
ලබාගැනීමට උත්සාහ කළේය. දැන් ඊට සමාන ක්‍රියාදාමයක් දියත් කර
ඇත්තේ කුරුඳුවත්තේ සිට යාපනයට ගිය විග්නේශ්වරන් ය.
ශ්‍රී ලංකා හමුදාව ජාති සංහාරයක් සිදු කළ බව කියමින්
යෝජනාවක් සම්මත කළේද විග්නේශ්වරන් ය.
උතුරේ සිටින්නේ උතුර අල්ලාගත් හමුදාවක් බව පැවසුවේද
විග්නේශ්වරන් ය. උතුරේÊහමුදාව කාණු ශුද්ධ කිරීමට යෙදවිය යුතු
බවද වරක් ඔහු පළ කළේය. උතුරෙන් හමුදාව යා යුතු බව ද හෙතෙම
කියා සිටියේය. මේ පසුබිම මැද ඔහු කොළඹට එක් පාර්ලිමේන්තුවක්
හා උතුරට තවත් පාර්ලිමේන්තුවක් ඉල්ලා සිටී. එපමණක් ද නොවේ
විග්නේශ්වරන්ගේ බෙදුම්වාදය නැගෙනහිර හරහා වතුකරයටද ව්‍යාප්ත වී
ඇත. එය වතු කරයේ ජනතාව තුළ ගිනි ඇවිලවීමකි. රටවල් දෙකක් ඉල්ලා
(Two States) විග්නේශ්වරන් මෙරට දේශපාලනය ගැන තීරණය කිරීමට
කවුරුන්a යෑයි සිතන්නේද? ඔහුගේ මෙම බෙදුම්වාදී සංකල්පය ගැන
විදෙස් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු නිහඬ
වී ඇත. එහෙත් ඡන්ද 100 ක්වත් ගැනීමට නොහැකි දේශපාලන
පාර්ශ්වයක් උතුරට පොලිස් බලතල ලබා දිය යුතු බව පවසා තිබේ.
මේ තත්ත්වය මැද විග්නේශ්වරන් රජයට කියන්නේ මට බන්දේසියක තබා
උතුරු නැගෙනහිර රට ලබාදෙනු යන්නයි.
යාපනය අර්ධද්වීපය කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට සෙබළුන් හා
නිලධාරීන් 460 කට අධික පිරිසක් දිවි පිදූහ. වන්නි මෙහෙයමින්
සෙබළු හා නිලධාරීහු 6000 කට අධික පිsරිසක් ද දිවි පුදනු
ලැබූහ.
මේ පසුබිම මැද විග්නේශ්වරන් රජයට කියන්නේ මෙම ගෞරවනීය මළවුන්
පාවාදී මට වෙනම රටක් දෙනු යන්නයි.
විග්නේශ්වරන්ලාට උතුරට නිදහසේ යැමට ඉඩ ලැබුණේ අපේ සෙබළු කළ
දිවි පිදීම නිසාය. එහෙත් මෙරට හමුදාවට අවමන් කරමින්
විග්නේශ්වරන් රාජ්‍යයන් දෙකක් ඉල්ලන්නේ මෙරට බහුතරය නිවටයන්
ලෙස සිතමිනි.
මෙරට දේශපාලනය පමණක් නොව ආරක්ෂාව ගැන තීන්දු ගැනීමට ද ඔහු
ඉදිරිපත් වී ඇත. වසර ගණනකට පෙර වර්ධරාජා පෙරුමාල් ඊළම්
රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය. වර්ධරාජා යළිත් වරක් මෙරටට
පැමිණ උතුරේ ගිනි ඇවිලවීමේ යෙදී සිටි ඉන්දීය පුරවැසියකු වූ
වර්ධරාජා පෙරුමාල් උතුරේ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන අතර ආගමන
විගමන බලධාරීන් ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
මේ පසුබිම මැද තමිල්නාඩුවේ කොටි හිතවාදියකු වූ අග්නි
සුබ්‍රමනියම් ශ්‍රී ලංකාවට පැමිණ විග්නේශ්වරන් සමග රහස්
සාකච්ඡාවක නිරත වී තිබිණි. එය සනාථ වන්නේ විග්නේශ්වරන් ඇතුළු
ද්‍රවිඩ සංධානය සංහිදියා ක්‍රියාමාර්ගයට මුවාවී සිය ඉල්ලීම්
බන්දේසියක තබා ලබා ගැනීමට දරන උත්සාහයකි.
විලියම් ශේක්ස්පියර්ගේ ග්‍රන්ථයක එන ෂයිලොක් නම් වූ
යුදෙව්වා මස් රාත්තලම ඉල්ලූ ආකාරයට විග්නේශ්වරන් ද
ත්‍රස්තවාදයෙන් මුදාගත් රට කැබලි කිරීමට සූදානම් වී ඇත.
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු
යෑයි හඬනඟන විග්නේශ්වරන් ප්රමුඛ ද්‍රවිඩ සංධානය උතුරට වෙනම
පාර්ලිමේන්තුවක් ඉල්ලීම යනු බෙදුම්වාදය නොවේද?
එසේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කැබලි කීපයකට කැඩීමටද
විග්නේශ්වරන් උත්සාහ කරයි.
පොලිස් දෙපාර්තමේන්තුව කැබලි කිරීම යනු බෙදුම්වාදී සංකල්පයේ
තවත් අරමුණකි. අපි මේ තොරතුරු හෙළි කරන විට වඩාත් උරණ වී ඇත්තේ
විදෙස් අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය.
එහෙත් විග්නේශ්වරන්ලාගේ මේ උග්‍ර ජාතිවාදය ගැන ඔවුහු නිහඬවී
සිටී.
කීර්ති වර්ණකුලසූරිය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, April 19, 2016
කොළඹ සිට විතැන් වූ කොටියාගේ හැටි පුල්ලියෙන් දැනේ... !!!
Posted by
lankanews
at
April 19, 2016
Labels: lankanewas, ltte, racist vigneshvaran, tamil, vignashvaran, yahapalanaya
කොළඹ සිට විතැන් වූ කොටියාගේ හැටි පුල්ලියෙන් දැනේ... !!!
2016-04-19T02:14:00+02:00
lankanews
lankanewas|ltte|racist vigneshvaran|tamil|vignashvaran|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
